සුමනසිරි ලියනගේ “වම සහ ජනාධිපතිවරණය ගැන තීසිස 11ක්” (බලන්න, මෙහි ) යන මැයෙන් කිහිප දෙනෙකුට විද්‍යුත් තැපෑලෙන් යැවූ ලිපිය අප ඔහුගේ අවසරයෙන් ‘කතිකා‘ වෙබ් අඩවියේ පළකිරීමෙන් ඇති වී තිබෙන සාකච්ඡාව යහපත් දෙයක් ලෙස අපි දකිමු. “ලංකාවත් දැන් පශ්චාත්-ප්රජාතන්ත්රවාදී යුගයකට එළඹිලාද?” (බලන්න, මෙහි) යන මැයෙන් මා සුමනසිරි ලියනගේ ගේ ලිපියට ලියූ පිළිතුරට යෙදූ සිරස්තලයෙන් මා අදහස් කරන්නේ “සමහර රටවල් අද එවැනි යුගයකට පිවිස ඇති බවත් ශ්‍රී ලංකාව එම ගොඩට දැමීම ප්‍රශ්න කළ හැක්කක් යැයි” යන්න දැයි සුමනසිරි විමසයි (බලන්න මෙහි). එයට කෙටි පිළිතුර “ නැත ” යන්නයි.
'kathika' social, cultural and political review
Tagged වම
අපි ජීවත්වන අවධියේ ස්වභාවය තේරුම් ගනිමු – කුමුදු කුසුම් කුමාර ට පිළිතුරක් සුමනසිිරි ලියනගේ
අපි ජීවත්වන අවධියේ ස්වභාවය තේරුම් ගනිමු – කුමුදු කුසුම් කුමාර ට පිළිතුරක් සුමනසිිරි ලියනගේ විසිනි ‘වම සහ ජනාධිපතිවරණය ගැන තීසිස 11 ක්’ මැයින් මා ලියූ ලිපිය පල කිරීම අරමුණු කර ගෙන නොකල ද එය තම වෙබ් අඩවියේ පල කිරීම ගැන මම කුමුදු ට ස්තූතිවන්ත වෙමි. තම පිළිතුරට කුමුදු යොදන හෙඩිම ‘ලංකාවත් දැන් පශ්චාත් ප්රජාතන්ත්රවාදී යුගයකට එළඹිලා ද?’ යන්න ය. පශ්චාත් යන වචනය කුමන නාම පදයකට විශේෂණයක් ලෙස හෝ යෙදීමට මම අකමැත්තෙමි. එහෙත් එම විශේෂණය යෙදීමට මගේ විරුද්ධත්වයක් නැත. කුමුදුගේ හෙඩිමෙන් සමහර රටවල් අද එවැනි යුගයකට පිවිස ඇති බවත් ශ්‍රී ලංකාව එම ගොඩට දැමීම ප්‍රශ්න කළ හැක්කක් යැයි හේ අදහස් කරන්නේ…
ලංකාවත් දැන් පශ්චාත්-ප්රජාතන්ත්රවාදී යුගයකට එළඹිලාද? කුමුදු කුසුම් කුමාර
ලංකාවත් දැන් පශ්චාත්-ප්රජාතන්ත්රවාදී යුගයකට එළඹිලාද? කුමුදු කුසුම් කුමාර විසිනි සුමනසිරි ලියනගේ “වම සහ ජනාධිපතිවරණය ගැන තීසිස 11ක්” (බලන්න, මෙහි ) යන මැයෙන් ජනාධිපතිවරණයකදී වමේ ස්වාධීන අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමේ යෝජනාව ගැන ලියූ අදහස් පිළිබඳ ලියමි. මගේ ප්‍රමාදය මෙම සාකච්ඡාවට වමෙන් ප්‍රතිචාරයක් දැක්වෙනු ඇතැයි බලා සිටි හෙයිනි. ඌව පලාත් සභා මැතිවරණ ප්‍රතිඵලයෙන් පෙන්නුම් කළ එක්සත් ජනතා නිදහස් සංධානයට එරෙහිව ගොඩ නැගෙන ජන පෙළගැස්ම සමග වම නොසිටිය හොත් වම තනි විමට ඇති ඉඩ කඩත් එය වක්‍ර ලෙස මහින්ද තන්ත්රයට ආධාර කිරීමක් ලෙස ජනයා සැළකිමට හැකි කමත් ගැටලුවක් ලෙස දකින වමේ මතය සුමනසිරි ලියනගේ ප්‍රශ්න කරයි. එයට විසඳුමක් ලෙස වම ඉදිරිපත් කරන “වම ස්වාධීන…
වම සහ ජනාධිපතිවරණය ගැන තීසිස 11ක්
වම සහ ජනාධිපතිවරණය ගැන තීසිස 11ක් සුමනසිිරි ලියනගේ විසිනි 1. ඌව පලාත් සභා මැතිවරණ ප්‍රතිඵල නිකුත්වීම සමග ජනාධිපතිවරණයකදී වමේ ස්වාධීන අපේක්ෂකයෙකු පිළිබඳ අදහස තවදුරටත් වලංගු ද යන්න ගැන කුකුසක් වමේ සහෝදරවරු අතර පැන නැඟී ඇති හෙයින් මෙම කරුණ ගැන බරපතල ලෙස සාකච්ඡා කිරීම අවශ්‍ය වන්නේය. ඌව පලාත් සභා මැතිවරණ ප්‍රතිඵල ආණ්ඩුව වෙතින් ජනයා ඉවත්වීමක් පැහැදිළිව පෙන්වයි. එක්සත් ජනතා නිදහස් සංධානයේ ඡන්ද ප්‍රතිශතය අඩු වූ අතර ආසන සංඛ්‍යාව හයකින් අඩුවිය. මොනරාගල දිස්ත්‍රික්කයට වැඩි ආසන ගණනක් ලබා නොදුන්නේ නම් එක්සත් ජනතා නිදහස් සංධානයට වැඩි ආසන ගණනක් ලබා ගන්න තිබුනේ ද යන ප්රශ්නය ද කෙනෙකුට නැගිය හැක. ස්වභාවයෙන්ම මැතිවරණ වාසිය ගියේ එක්සත් ජාතික…