මහාචාර්ය එච්. එල්. සෙනෙවිරත්න සමග සංවාදයක් සංවාදය සහ සිංහල පරිවර්තනය – දිමුතු සමන් වෙත්තසිංහ ඔබ විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂකයෙකුව සිටි සමයේ මහාචාර්ය ඔබේසේකර පිළිබඳ මතකය අවදි කරන්නේ කෙසේද? මම විශ්ව විද්‍යාලයට ඇතුල් වුනේ 1955 දී. ප්‍රථම වර්ෂයේදී සිංහල, ආර්ථික විද්‍යාව සහ දර්ශනයත්, ඊලඟ වර්ෂ තුනේ සමාජ විද්‍යාවත් ඉගෙන ගත්තා. සමාජ විද්‍යාව 1956 ඉඳලා එවකට අලුතින්…
'kathika' social, cultural and political review
Tagged සංස්කෘති
සමහර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ලිපි පත්තරේක ශාස්ත්‍රීය අතිරේකයකවත් දාන්න බැහැ- ආචාර්ය අමරදාස වීරසිංහ
“එදා ‘සංස්කෘති’ සඟරාවට සම්බන්ධව හිටපු ගනනාථ ඔබේසේකර, ආරිය රාජකරුණා වගේ අය උපාධි අපේක්ෂකයන් ලෙසයි හිටියේ. නමුත් අද විශ්වවිද්‍යාලවල ඉන්න සමහර තරුණ ආචාර්යවරුන් ලියන ලිපිවත් ‘සංස්කෘති’ සඟරාවේ පළ කරන මට්ටමක නැහැ. කොටින්ම පත්තරේක ශාස්ත්‍රීය අතිරේකයකවත් පත්තරේක ශාස්ත්‍රීය අතිරේකයකවත් පළ කරන්න පුළුවන් මට්ටමක් ඒ ලිපිවල නැහැ. මේක කනගාටුදායක තත්ත්වයක්.” ආචාර්ය අමරදාස වීරසිංහ ප්‍රමුඛ ස්වාධින බුද්ධිමතෙකි. 1953 දී…
‘බසෙහි වියරණ බිඳීම යනු එ බස වහරන්නන් අතර ඇති සම්මුතිය කැඞීමකි’ උස්වත්තෙ ආරච්චි
‘බසෙහි වියරණ බිඳීම යනු එ බස වහරන්නන් අතර ඇති සම්මුතිය කැඞීමකි’ උස්වත්තෙ ආරච්චි ‘බස’ යනු ඒ දොඩන, ලියන, කියවන දනා අතර සම්මුතියෙකි. ‘මහා සම්මතය’ රජකු පත් කර ගැනීම නො ව, බසක් නිර්මාණ කිරීම ය. සිංහල වහරන්නෝ ‘ඔළුව’ කුමක්දැයි දනිති. එහෙත් ඉංගිරිසිය වහරන්නෝ ඒ කුමක්දැයි නො දනිති. එ මෙන් ම ‘ව්‍යාකරණ’ යනු ඒ සම්මුතියේ වැදගත්ම කොටසයි. ඇමරිකීයයෝ ‘twenty’ යි ලියති. එය ‘twenny’ යි උසුරුවති. ප්‍රංශුවෝ ‘bourgeois’ යැයි ලියති, ‘බුර්ශ්වා’ යි හඬවති. තායි බසෙහි ‘ශිනවන්ත්‍රා ’ යි ලියා ‘ශිනවත්’ යි කියැවෙයි. මෙසේ ඇතිවන යම් යම් සම්මතවලින් බස් වහරන ජනයාට ප්‍රයෝජනයක් ඇත. ඒවා අත්තනෝමතික ලෙස කපා කොටා දැමීමට, තම තමන්ට රිසි පරිදි උසුරුවන්නාට…

