“විනෝදාස්වාද කර්මාන්තය, පෘථුජන සංස්කෘතිය සහ සංස්කෘතිය” සංස්කෘතියේ අර්බුදය:එහි සමාජීය හා එහි දේශපාලන වැදගත්කම – 3 වැනි කොටස -හනා ආරන්ඩ්ට් “මෙම සමාජය අවශ්‍යයෙන් ම, තවදුරටත් විවේක කාලය ස්වයං පරිපූර්ණත්වය හෝ තව තවත් සමාජ තත්ත්වය අත් කරගැන්ම සඳහා නොව, වඩ වඩාත් පරිභෝජනය හා වඩ වඩාත් විනෝදාස්වාදය සඳහා භාවිත කැරුණු පාරිභෝගිකයන්ගේ සමාජයක් වීම නිසා ය. ඇත්ත වශයෙන් ම, ප‍්‍රතිඵලය වන්නේ, බැරෑරුම් ලෙස කියතොත්, නොපවතින්නක් වන, බහුජන සංස්කෘතිය නොව, ලෝකයේ සංස්කෘතික වස්තූන්ගෙන් පෝෂණය වන බහුජන විනෝදාස්වාදය ය. එවන් සමාජයක් කල් ගත වීමත් සමග වඩා ”හැදියාවකින් යුතු” බවට පත් වන්නේ යැ යි ද, අධ්‍යාපනය එහි කාර්යය ඉටු කර ඇතැයි ද විශ්වාස කිරීම මාරාන්තික වරදකැ යි…
'kathika' social, cultural and political review
Tagged සංස්කෘතිය
” නූතන කලාව ”සංස්කෘතියට” විරුද්ධ ව
” නූතන කලාව ”සංස්කෘතියට” විරුද්ධ ව කැරලි ගැසූයේ මන්ද?” : අවරසිකභාවය පිළිබඳ කරුණ සංස්කෘතියේ අර්බුදය:එහි සමාජීය හා එහි දේශපාලන වැදගත්කම – 2 වැනි කොටස -හනා ආරන්ඩ්ට් “සංස්කෘතික දෑ විනිශ්චය සඳහා සමාජීය නොවන හා අව්‍යාජ එක ම නිර්ණායකය, ඒවායේ සාපේක්ෂ ස්ථිරත්වය හා අවසන් අමරණීයත්වය පවා වන්නේ ය. සංස්කෘතික වස්තුවකැ යි අවසන් වශයෙන් කියා ගත හැක්කේ සියවස් ගණනාවක් තිස්සේ පවතින්නකට පමණි. මේ පිළිබඳ වැදගත් කාරණය වන්නේ, අතීතයේ අමරණීය කෘති, සමාජීය හා පෞද්ගලික ශිෂ්ටත්වයේ හා ඊට පිරිනැමුණු තත්ත්වයේ අරමුණු වස්තූන් බවට පත් වූ වහා ම, ඒවායේ ඉතා වැදගත් හා මූලාංගික වූ පාඨකයා හෝ පේ‍්‍රක්ෂකයා ග‍්‍රහණයට ගෙන සියවස් ගණන් තිස්සේ සසල කිරීමේ ගුණය ඒවාට…
සංස්කෘතියේ අර්බුදය: එහි සමාජීය හා එහි දේශපාලන වැදගත්කම -හනා ආරන්ඩ්ට්
සංස්කෘතියේ අර්බුදය: එහි සමාජීය හා එහි දේශපාලන වැදගත්කම -හනා ආරන්ඩ්ට් අප පහත පළකරන්නේ හනා ආරන්ඩ්ට් ගේ Between Past and Future නමැති කෘතියේ ඇතුලත් “The Crisis in Culture” නමැති ලිපියේ අංග සම්පූර්ණ පරිවර්තනයක පළමු කොටසයි. සාපේක්ෂ වශයෙන් නව ප‍්‍රපංචයක් වන බහුජන සංස්කෘතිය සම්බන්ධයෙන් බුද්ධිමතුන් අතර තවමත් වර්ධනය වෙමින් පවතින කනස්සල්ලක්, දැනට වසර දහයකට වැඩි කාලයක් තිස්සේ අපට දක්නට ලැබී ඇත. මෙම පදයම, පැහැදිලිව ම මතු වී එනුයේ, [ඊට වඩා] එතරම් ම පැරණි නොවන ”බහුජන සමාජය” යන පදයෙනි. මෙම කරුණ සම්බන්ධ සියලූ සාකච්ඡාාවන්ට පාදක වූ, නිහඬ පිළිගැන්ම වන්නේ, බහුජන සංස්කෘතිය, තර්කානුකූලව හා නොවැළැක්විය හැකි පරිදි, බහුජන සමාජයේ සංස්කෘතිය බවය. මෙම යෙදුම් දෙකේ…
මහජන ජීවිතය හා පෞද්ගලික ජීවිතය අතර පරතරය: නිදහස, ධනවාදය, සහ පුරාතන ග්‍රීක ජනරජය
මහජන ජීවිතය හා පෞද්ගලික ජීවිතය අතර පරතරය: නිදහස, ධනවාදය, සහ පුරාතන ග්‍රීක ජනරජය ධනවාදී සමාජයේ ඇති නිදහස හැමවිටමත් පුරාතන ග්‍රීක ජනරජයන්හි මෙන් වහල් හිමියන් උදෙසා වන නිදහස හා සමව පවතින්නේය. – ලෙනින් ඉහත ලෙනින් ගේ ප්‍රකාශය ඉංග්‍රීසියෙන් පළව තිබුණේ බූන්දි වෙබ් අඩවියේ ය. “එය ශ්‍රමයේ යදම් වලින් නිදහස් කිරීමට ආසන්න, ශ්‍රමිකයන්ගේ සමාජයකි. මෙම සමාජය, මෙම නිදහස ඒ සඳහා දිනාගනු ලැබීම යෝග්‍ය වන, එම අනෙක් වඩා උසස් සහ වඩා අර්ථවත් ක්‍රියාකාරකම් තවදුරටත් නොදනී. මෙය මිනිසුන්ට එකට ජීවත් විමට සැළැස්වීම ශ්‍රමය විසින් කරනු ලැබෙන ආකාරය වන නිසා සමානාත්මවාදී වන මෙම සමාජය තුළ, එයින් මිනිසාගේ අනෙකුත් හැකියාවන් ප්‍රතිසංස්ථාපනයක් අලුතෙන් පටන් ගත හැකි වනු…
“ජනප්‍රිය සංස්කෘතිය විසින් විදග්ධ සංස්කෘතිය ගිලගෙන යනවා”
“ජනප්‍රිය සංස්කෘතිය විසින් විදග්ධ සංස්කෘතිය ගිලගෙන යනවා” “මම මීට වසර ගණනාවකට පෙර කිව්ව ආකාරයටම දැන් ජනප්‍රිය සංස්කෘතිය විසින් විදග්ධ සංස්කෘතිය ගිලගෙන යනවා. මේක මම මුලින් කියපු වෙලාවෙ විදග්ධ සංස්කෘතිය නියෝජනය කළ සියළු දෙනාම පාහේ ඇස් වසාගෙන සිටියා.” සරත් අමුණුගම, රාවය, 2009 සැප්තැම්බර් 20 වැනි ඉරිදා, සංවාදය – විමලනාත් වීරරත්න අප පහත පළකරන්නේ ජනප්‍රිය සංස්කෘතියේ ආගමනය පිළිබඳ සරත් අමුණුගම ගේ මුල්ම මුද්‍රිත ප්‍රසිද්ධ ප්‍රකාශය යි. “සංස්කෘතිය යන්න වැවටත්, දාගැබටත් සීමා වූවක් නොවේ. එය රැකෙන්නේ පන්සලේ හා පාසලේ පමණක් නොවේ. මිනිසුන්ගේ සැබෑ ලොවේ සිතුම්-පැතුම්, රුචි අරුචිකම් සියල්ලම සංස්කෘතියට ගෝචර වෙයි. සිංහල සංස්කෘතිය අද ගොඩනැගෙන්නේ පන්සලේ සහ කුඹුරේ නොව රූපවාහිනී හා ගුවන්විදුලි මධ්‍යස්ථානවලය.…
” ඕනෑම සාහිත්‍යකරුවකු සම්ප්‍රදාය දැන ගෙනයි සාහිත්‍යකරණයේ නියෑළිය යුත්තෙ”
පහත උපුටා ගැනීම්, 2009 සැප්තැම්බර් 16, දිවයින, සරසවි උයන අතිරේකයෙනි. ” ඕනෑම සාහිත්‍යකරුවකු සම්ප්‍රදාය දැන ගෙනයි සාහිත්‍යකරණයේ නියෑළිය යුත්තෙ” මහාචාර්ය සුචරිත ගම්ලත් සාකච්ඡා කළේ රවීන්ද්‍ර විඡේවර්ධන සාහිත්‍යය කියන එක ක්‍රමයෙන් වර්ධනය වෙමින් යන දෙයක්. කිසියම් කාලයක සාහිත්‍යය මූලාරම්භය වුණාද එතැන් සිට විවිධ සාහිත්‍යකරුවන් හා ගුරුකුල එය පෝෂණය කළා. සම්ප්‍රදානයන් කළා. අද සාහිත්‍යය දෙස හොඳට බැලුවාම එහි පුරාණ සාහිත්‍යයක් තිබෙනවා පෙනෙනවා. නමුත් අද එය ක්‍රමයෙන් වෙනස් වී සංවර්ධනය වී තිබෙනවා. මේ සංවර්ධනය, විකාශය දැන ගැනීම තමයි සම්ප්‍රදාය දැන ගැනීම කියන්නෙ. ඕනෑම සාහිත්‍යකරුවකු මේ සම්ප්‍රදාය දැන ගෙනයි සාහිත්‍යකරණයේ නියෑළිය යුත්තෙ. අපේ සාහිත්‍ය සම්ප්‍රදාය විතරක් නෙවෙයි. බටහිර නවකතා, රුසියානු නවකතා, භාරතීය නවකතා යන…