හැඳින්වීම ධර්මසේන පතිරාජ ගේ ‘ස්වරූප’ මානව පැවැත්මේ පැතිකඩ ගණනාවක් අපගේ අවලෝකනයට විවෘත කරන කලාත්මක ලෙස නිමැවුණු චිත්රපටියකි. එය මූලිකවම නූතන ධනවාදය යටතේ මිනිසාට උදාකර ඇති පීඩාකාරිත්වය සහ ඉන් ඇතිකරන විගලිතභාවය (alienation) පිළිබඳ ය. නූතනත්වය යටතේ මානව පැවැත්මේ කොන්දේසිය අභූත ය, විකාරරූපී ය, යන්න මෙයින් යෝජනා කෙරෙයි. මා දකින පරිදි අවසාන විග්රහයේදී ‘ස්වරූප’ නාභිගත වන්නේ සතෙකු…
