By kathika

ප්ලේටෝ පිළිබඳ තව දුරටත්….

ප්ලේටෝ පිළිබඳ තව දුරටත්…. “ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50” විශේෂාංගය යටතේ එහි එන තෝරාගත් පොතක් පිළිබඳ පළමු ලිපිය වශයෙන් ප්ලේටෝ ගේ ජනරජය ගැන සයිමන් බ්ලැක්බර්න් ලියූ, හේමරත්න ලියනආරච්චි විසින් පරිවර්තනය කළ ලිපිය පසුගිය වතාවක ඉදිරිපත් කළෙමු. අද අප පහත පළකරන්නේ, සාහිත්‍යධරයෙකු වන හේමරත්න ලියනආරච්චි ප්ලේටෝ පිළිබඳව ලියූ අදහස් කිහිපයකි. මේ අදහස් දෙකොටස, බටහිර සාහිත්‍ය විචාරයේ ඉතිහාසය නමින් ලියනආරච්චි මහතා, පළකිරීම සඳහා සංස්කරණය කරමින් සිටින, කෘතියෙන් දෙපළකින් උපුටා ගැණුනු ඒවාය. I බුඬිය මිත්‍රයෙකැයි සිතා කාව්‍ය දෙවියන් මරා හෙළීම (ක්‍රි.පූ.427-347) පූර්ව ප්ලේටෝ අවධියේ දී ක්‍රමයෙන් මෝදු වෙමින් පැවති බටහිර සාහිත්‍ය විචාර ක්ෂේත්‍රයට නිශ්චිත රූපයක්, ස්ථායී භාවයක් හා දිශාවක් ද දෙනු ලබන මුහුන් වෙසෙසක්…

‘ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ – දෙවැනි ලිපිය: සිහින පිළිබඳ අර්ථකතනය

මානව මන‍සේ මහා අභිරහස්   ‘ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ – සිහින පිළිබඳ අර්ථකතනය ජෙෆ්රි මුසෙයින් ‍ මැසොන් පරිවර්තනය: ක්‍රිෂාන්ත ෆෙඩ්රික්ස් Globe and Mail අප්‍රේල් 12, 2008 ‘ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ පිළිබඳ විශේෂාංගයේ එන ග්‍රන්ථ නාමාවලියට අයත් පොතක් පිළිබඳ ‍‍දෙවැනි ලිපිය සිග්මන් ෆ්‍රොයිඩ් ගේ සිහින පිළිබඳ අර්ථකතනය පිළිබඳ පහත පළ කරන්නෙමු. 1990 දි සිග්මන් ෆ්‍රොයිඩ් ගේ…

‘ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ – ජනරජය

සයිමන් බ්ලැක්බර්න් – Globe and Mail පෙබරවාරි 9, 2008 පරිවර්තනය : හේමරත්න ලියනආරච්චි ‘ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ පිළිබඳ විශේෂාංගයේ අප මෙතෙක් පළ කළේ ශ්‍රේෂ්ඨතම කෘතීන් තේරීම පිළිබඳ Globe and Mail පුවත්පතේ පාඨකයන් පළ කළ අදහස් ඇසුරින් සකස් කළ ලිපි කිහිපයකි. එම ග්‍රන්ථ නාමාවලියට අයත් පොතක් පිළිබඳ පළමු ලිපිය ප්ලේටෝ ගේ ජනරජය පිළිබඳ අප පහත පළ…

‘ශ්‍රේෂ්ඨතම පොත් 50′ මළගිය සුදු පිරිමින් ගේ ‘අකාලික සම්භාව්‍ය කෘතීන්’ ද?

‘ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ පිළිබඳ විවාදය – 4 Globe and Mail ප්‍රකාශයට පත්කළ පොත් නාමාවලියට මේ වනවිට පහත සඳහන් පොත් ද එකතු වී තිබේ. Kafka ගේ The Complete Stories The King James Bible Newton ගේ Principia Mathematica W.B. Yeats ගේ The Collected Poems (එකතු කළ කවි) Globe and Mail පුවත්පතේ ‘ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ විශේෂාංගය ඇරඹුණේ 2008 ජනවාරි 05 වැනිදා ය. ඒ පිළිබඳ මුල් ප්‍රකාශයට ලැබුණු පාඨක ප්‍රතිචාර සංඛ්‍යාව 32 ක් වීය. මේ පිළිබඳ දෙවැනි ලිපිය එම පුවත්පතේ පළවන්නේ ජනවාරි 10 වැනිදාය. එතැන් සිට මේ දක්වා අළුතින් ලැබුණු පාඨක ප්‍රතිචාර මුළු සංඛ්‍යාව 500 කට අධික‍ය. ඒ, එක් එක් පොත පිළිබඳ…

අප සාහිත්‍යයට කැමැති මන්ද? ‘හොඳම දේ’ තේරීම අවරසික පිළිවෙතක්ද?

‘ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ පිළිබඳ විවාදය – 3 මෙම ලිපිය කැනඩාවේ Globe and Mail නමැති ජාතික පුවත්පත පළකරන ‘ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ විශේෂාංගය ඇසුරෙන් අප පළකරන්නට අදහස් කරන ලිපි මාලාවෙහි තෙවැනි ලිපිය යි. මෙම පොත් 50 තේරීමේ යෝජනාවට එම පුවත්පතේ විද්‍යුත් සංස්කරණයට පාඨකයන් පළමු වටයේදී ඉදිරිපත් කළ විවිධ අදහස් වලින් වැදගත් යැයි හැ‍ගෙන ඒවා කිහිපයක් පමණක් සංස්කරණය කොට පහත ඉදිරිපත් කරමු. මාටින් ලෙවින් ගේ ඇරයුම මත ‘ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ තේරීමේ තිබිය හැකි ගැටළු ගැන මත පළ කරමින්, ප්‍රබන්ධ, ප්‍රබන්ධ නොවන, නාමාවලි සපයමින්, අනෙක් පාඨකයන් තමන් ගේ ප්‍රියතම කෘතීන් පිළිබඳ අදහස් පළකරන්නට, ලියන්නට දිරිගන්වමින් කැනඩාවෙන්, එහි විවිධ ප්‍රාන්ත රාජ්‍යයන්ගෙන් සහ…

සාහිත්‍යයට ප්‍රමිතීන් පිහිටුවා ලීමට ගන්නා උත්සාහය ‘බූර්ෂුවා’ ද? : විශදභාවයන්ට (distinctions) එරෙහි පශ්චාත් නූතනවාදය

මෙම ලිපිය කැනඩාවේ Globe and Mail නමැති ජාතික පුවත්පත පළකරන ‘ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ විශේෂාංගය ඇසුරෙන් අප පළකරන්නට අදහස් කරන ලිපි මාලාවෙහි දෙවැනි ලිපිය යි. අපගේ පළමු ලිපියට අප දිරිගන්වන සුළු ප්‍රතිචාර ලැබී තිබේ. අපට උපකාර කිරීමට, පරිවර්තනයෙහි ලා දක්ෂකම් දක්වන කිහිප දෙනෙකුම දැනටමත් ඉදිරිපත් වී සිටිති. අද අප පළකරන ලිපිය, Globe and Mail පුවත්පතේ මෙම විශේෂාංගය සංස්කරණය කරන, එම පුවත්පතේ පොත්-පත් විශේෂාංගයේ සංස්කාරක මාටින් ලෙවින්, ‘ශ්‍රේෂ්ඨතම පොත් 50’ තේරීම පිළිබඳ අදහස හා සබැඳි ක්‍රියාවලිය සහ ඒ ආශ්‍රිත ගැටළු, පිළිබඳ කරන සාකච්ඡාවකින් සංක්ෂිප්තව සකස් කරගත් එකකි. දෙවනුව, මෙම පොත් 50 තේරීමේ යෝජනාවට එම පුවත්පතේ විද්‍යුත් සංස්කරණයට පාඨකයන් ඉදිරිපත් කළ විවිධ…