අප රටේද, සාහිත්‍ය සහ පොත-පත කියැවීම පිළිබඳ උනන්දුවක් දක්වන විශාල පිරිසක් සිටින බව පෙනෙන හෙයින්, Globe and Mail පුවත්පතේ එම විශේෂාංගය අපට හැකි පමණින් සිංහල පාඨකයාට ඉදිරිපත් කරන්නට අපි අදහස් කළෙමු. මෙය එතරම් පහසු කාර්යයක් නොවන්නේ, Globe and Mail පුවත්පත තෝරාගත් ජූරි සභාවක් විසින් තෝරාගෙන සතිපතා නම් කෙරෙන මෙම පොත් පිළිබඳ, අදාළ ක්ෂේත්‍රයේ මනා සුදුසුකම් ඇතැයි පිළිගැණෙන විද්වතුන් සහ ලේඛකයන් විසින් සතිපතා ලියැවෙන ලිපිය එහි මුල් අදහස එපරිද්දෙන්ම රැකෙන පරිදි සිංහල පාඨකයාට ඉදිරිපත් කිරීම ඇතැම් විට අතිශය දුෂ්කර කටයුත්තක් වනු ඇති හෙයිනි. මේ සදහා අපට දක්ෂ භාෂා පරිවර්තකයන්ගේ පිහිට පැතීමට සිදුවෙයි.
'kathika' social, cultural and political review
By kathika
තම දේශයට ආදරය කළ, ඇෆ්ඝනිස්ථානු ජාතියක් වෙනුවෙන් අරගල කළ, විප්ලවවාදිනිය මීනා
මීනා දිදුලන ඇෆ්ඝන් තරුව ඇෆ්ඝන් ස්ත්‍රීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් දිවි පිදූ වීරවරියකගේ සත්‍ය කථාව කර්තෘ : මෙලඩි එමර්චයිල්ඩ් චාවිස් පෙරවදන : ඇලිස් වෝකර් පරිවර්තනය : ප්‍රභා මනුරත්න 2008 , සේතුක ප්‍රකාශකයෝ, කැළණිය. රු. 395/- මීනා: චරිතාපදානය මීනා, එනමින් යුතු සුන්දර තරුණ ඇෆ්ඝනු ස්ත්‍රියගේ චරිතාපදානය යි, ජීවන ආඛ්‍යානය යි; අපගේ පරිකල්පනාව අවදි කරන, බහුවිධ අරුත් මතු කරන සාරවත් කෘතියකි. එය මීනා ගේ ජීවිතය පිළිබඳ, ඇය ඇසුරු කළ, ඇසූ-දුටු අයගේ ආඛ්‍යානයන්, අර්ථකථනයන් කර්තෘවරිය වන මෙලඩි එර්මාචයිල්ඩ් චාවිස් (Melody Ermachild Chavis) ගේ දෘෂ්ඨියෙන් කියැවීමක් විශ්වශනීය ලෙස ඉදිරිපත් කරන හෙයින් සත්‍ය කතාවක් වෙයි. මීනා සිංහල අනුවර්තනය, එහි ඉංග්‍රීසි මුල් කෘතිය මෙන්ම අභිරුචියෙන් කියවා ගෙන යා…
“9/11 හිදී පශ්චාත් නූතන තත්ත්වයට එහි අනිටු විපාකය හමු විය”
ටීනා බිඇටී (Tina Beattie) Opendemocracy.net වෙබ් අඩවියට “The end of postmodernism The “new atheists” and democracy යනුවෙන් ලියූ ලිපියක (මෙහි බලන්න මුළු ලිපිය සඳහා) පසුධනවාදී තත්ත්වයක් තුළ ඓහිකවාදය, විද්‍යාව, හේතුවාදය සහ ආගම අතර ඇති ගැටුම පිළිබඳ විග්‍රහයක් සම්පාදනය කරයි. මෙම ගැටුම පිළිබඳ සාකච්ඡාව ලාංකේය රාජ්‍යය ඓහිකකරණය (secularization) කිරීම සඳහා කෙරෙන ඉල්ලීමට ද සම්බන්ධ නමුදු, බටහිර සමාජය ආමන්ත්‍රණය කරමින් ලියැවී ඇති මෙම ලිපියෙන් ඇතැම් තැනෙක සංක්ෂිප්ත කරමින් අනුවර්තනයෙන් අප පහත ගෙන හැර දක්වන්නේ වත්මනෙහි ලංකාවේ ආගම සහ පශ්චාත් නූතනවාදය පිළිබඳව අප අතර ප්‍රචලිතව පවත්නා අදහස් පිළිබඳව සිතා බැලීමට අපට අනුබල දෙන අදහස් කිහිපයක් පමණි. අප මෙම අදහස් උපුටා දක්වන්නේ ඇගේ ලිපියේ…
පූර්ව-විලාසිතා, සම්ප්‍රදායික, සිංහල, ගැමි “අහිංසකත්වය” ?
මෙම පිංතූර තැපැල් පත අප පිටපත් කොට ගත්තේ නලින් ස්වාරිස් ගේ Magga, The Buddha’s Way to Human Liberation, a socio-histortical approach පොතෙනි. ඒ වෙනුවෙන් ආචාර්ය නලින් ස්වාරිස් ට අපගේ ස්තුතිය.
විමංසක පර්ෂදය, විලාසිතාව, ඖචිත්‍යය සහ සංවරය
විමංසක පර්ෂදය, විලාසිතාව, ඖචිත්‍යය සහ සංවරය අපගේ පාඨකයෙකු අප වෙත එවූ ඉහත ඡායාරූපයේ දැක්වෙන පෝස්ටරය කැළණිය විශ්ව විද්‍යාල භූමියේ ප්‍රදර්ශණය කෙරුණකි. (විමංසක පර්ෂදය කැළණිය විශ්ව විද්‍යාලයයේ ලියා පදිංචි ශිෂ්‍ය සංගමයක් බව එහි ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාරික මහාචාර්ය නලින් ද සිල්වා මෙම පෝස්ටරය පිළිබඳ The Island පුවත් පතට ලිපියක් ලියමින් සඳහන් කොට තිබුණි. බලන්න Cultural Pentagon, The island, Midweek Review 2008/02/13 අපගේ මෙම ලිපිය මහාචාර්ය නලින් ද සිල්වා ගේ ඉහත ලිපිය පළවීමට පෙර ලියැවුණකි.) විමංසක පර්ෂදය (විප) මෙම පෝස්ටරයෙන් ප්‍රකට කරන්නේ ලොව පුරා, බොහෝ කොට නව-යවුවනියන්, තරුණියන් අතර ප්‍රචලිතව ඇති ඇඳුම් විලාසිතාවක් වන ඉණෙන් පහළට ඇඳුම් ඇඳීම (hipster) සරසවි සිසුවියන් අතර ද පැතිරී…
සිළුමිණ, පුන්කලස සංස්කාරක, ‘කතිකා’ අධ්‍යයන කවයේ ලිපියෙන් අත් හළ කොටස් පිළිබඳ ව…..
‘කතිකා’ අධ්‍යයන කවය පළ කළ ‘අපට උසස් සාහිත්‍ය-කලා විචාරයක් නැත්තේ මන්ද?’ යන මැයෙන් යුතු පත්‍රිකාවේ එන අදහස් සම්බන්ධයෙන් ලියනගේ අමරකීර්ති සිළුමිණ, පුන්කලස (25 . 11 . 2007) ට ලියූ ලිපියට ‘කතිකා’ අධ්‍යයන කවයේ ප‍්‍රතිචාර ලිපිය (පුන්කලස, 23. 12. 2007) පළ කිරීමේදී පුන්කලස සංස්කාරක විසින් එම ලිපියේ කොටස් ගණනාවක්ම අත් හැර දමා තිබේ. අප එම කොටස් අපගේ පාඨකයන් සඳහා පහත ගෙන හැර දක්වමු. මෙම කොටස් ද අඩංගු සම්පූර්ණ ලිපිය ‘උසස් විචාරයේ පදනම වන රසඥතාව දේශපාලන කාරණාවකි’ යන සිරස්තලය යටතේ මෙම වෙබ් අඩවියේ වෙනම ලිපියක් ලෙස පළ කොට ඇත. අප දන්නා පරිදි, සිළුමිණ සංස්කාරක කරුණාදාස සූරිආරච්චි මහතා චන අතර ‘ආනන්දයේ සහ ප්‍රඥාවේ…