By kathika

ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ: කාරණය පංතියයි, මෝඩයා!

අහිලන් කදිර්ගාමර් “මෙහිදී, ගැටලුව වන්නේ ණය ලබා දෙන නියෝජිතයන් ශ්‍රී ලංකාවේ ණය ( ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහතිකයක් තුළින් හෝ ණය ගෙවීමට ඇති විවිධ නියෝජිතයන් සමග විටින් විට ගෙවීමේ පදනම මත ගිවිස ගැනීමකින් හෝ) ප්‍රතිව්‍යුහගත කළත් ආනයන විසින් අපනයන ඉක්මවා යනු ලබන තත්වය යටතේ රට කෙටි කලකදී  වැඩි වැඩියෙන් විදේශ ණය රැස් කර ගනී. එමනිසා ප්‍රධාන…

මහගම සේකර, පාරිභෝජනවාදය හා සංස්කෘතිය- කුමුදු කුසුම් කුමාර

“සේකර ලංකාවේ නූතන යුගයේ සිදුවෙමින් පැවතී ඇති විපර්යාසයන් – මිනිසා ගමෙන් නගරයට එන අත්දැකීම, නාගරීකරණය, කාර්මීකරණය, නිලධාරීවාදය හරහා ධනවාදය පැතිරීම, ඒ තුළ ස්වාර්ථ සාධනය, පාරිභෝජනවාදය, වැනි වාණිජ්‍යකරණය නැගී ඒම, බුර්ෂුවා නොහොත් තම සැපත පතාම කටයුතු කරන මැද පන්තික චින්තනය, එම ජීවන රටාව සමාජය තුළ පැතිරී යාම – යනාදිය පිළිබඳව අතිශයෙන් සංවේදීව ඒ පසුබිම තුළ සමාජීය…

සුසිල් සිරිවර්දන, ප්‍රති – විජිතවාදී සංස්කෘතික දේශපාලනයේ පුරෝගාමියෙක්

පුරෝගාමී ප්‍රති-නව විජිතවාදී සහ ප්‍රති-ජාතිවාදී සංස්කෘතික දේශපාලනය නොබෝදා අභාවප්‍රාප්ත වූ සුසිල් සිරිවර්දන කලක් ‘සංස්කෘති’ විචාර සංග්‍රහයේ සංස්කාරක මණ්ඩලයේ කටයුතු කළ අතර ‘මාවත’ ප්‍රගතිශීලී කලා, සාහිත්‍ය හා සංස්කෘතික ප්‍රකාශනයේ පුරෝගාමී සමාරම්භක සංස්කාරකවරයා ය. ඔහු මෙරට ප්‍රති-නව විජිතවාදී සහ ප්‍රති-ජාතිවාදී සංස්කෘතික දේශපාලනය පිළිබඳ සංකල්පීයකරණයෙහි පුරෝගාමීයා ලෙස හැඳින්වීම නිවැරදි යැයි සිතමු. ලාංකේය සංස්කෘතික ප්‍රශ්නය පිළිබඳ ඔහුගේ දැක්ම ‘මාවත’ සඟරාවේ…

නවලිබරල්වාදයට එරෙහිව “සභ්‍යත්ව රාජ්‍යය” ? – කුමුදු කුසුම් කුමාර

– බෞද්ධ හෘදය සාක්ෂිය අහිමි සුළු ධනේශ්වරයේ නැගීම සහ “සංවර්ධනය” නාමයෙන් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය වැනසීම (2018 මැයි 16වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශ ශ්‍රවනාගාරයේ දී පැවැත්වුණු,කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශය සහ සමාජ විද්‍යා ආදි විද්‍යාර්ථින්ගේ සංගමය සහ සමාජ විද්‍යාඥයන්ගේ සංගමය සංවිධානය කළ,ආචාර්ය නිව්ටන් ගුණසිංහ 30 වැනි ගුණානුස්මරණ දේශනයෙන් (2107-2018) සකස් කරන ලද ලිපියකි.) ( සම්පූර්ණ දේශන…

කිත්සිරි මලල්ගොඩ: සංක්‍රාන්ති යුගයක සිංහල බුදුසමය, 1750 -1900

දිමුතු සමන් වෙත්තසිංහ  “ඔහු මෝටර් රථයක් මිළ දී ගැනීම තබා ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය ඔහුට ත්‍යාගයක් වශයෙන් දුන් මෝටර් රථය පවා ප්‍රතික්ෂේප කළ අයුරු චන්ද්‍රසේකර සිහි ගන්වයි. දුරකථන, විද්‍යුත් තැපෑල (ඊමේල්) ආදී කිසිවක් භාවිත නොකළ ඔහු මිතුරන්ට ලිපි පමණක් ලිවීය. මිතුරන් බැහැ දැකීමට නොදන්වා පැමිණෙන ඔහු නොකියාම සමුගන්නේය. බොහෝ දෙනෙක් පවසන්නේ ඒ මලල්ගේ හැටිය, මහාචාර්ය රංජිනී…