By kathika

හැට දෙලක්ෂයේ ජනතා සම්මුතිය රැකගනිමු යැයි කියන්නේ කුමක් වෙනුවෙන් ද?

මම හැට දෙලක්ෂයෙන් කෙනෙක්.  නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජ සාධාරණය වෙනුවෙන් මහින්ද රාජපක්ෂ ෙරජිමය පරාජය කිරීමට ජනතාව ගත් තීරණය නිවැරදි යැයි මා අදත් විශ්වාස කරනවා.  එමෙන්ම පාර්ලිමේන්තු විපක්ෂය අහෝසි කරන සම්මුතිවාදී ආණඩුවක් පිහිටුවීමේ අනතුරත් රනිල් වික්‍රමසිංහගේ නව ලිබරල්වාදී න්‍යාය පත්‍රය ක්‍රියාවට නැංවීමේ අනතුරත් පිළිබඳ අප ජනවාරි 8 ට පෙර සිටම කල්තබාම ප්‍රසිද්ධියේ අපගේ අදහස් දක්වා තිබුනද,…

නූතනත්වයට ප්‍රතිරෝධී දේශපාලනයකට මඟ ! – කුමුදු කුසුම් කුමාර

“නූතනත්වයට අපගේ සාමූහික චින්තනය ගැට ගැසී ඇති ආකාරය ප්‍රභලව ප්‍රකාශයට පත්වන එක් මූලික ක්ෂේත්‍රයක් නම් දේශපාලනය පිළිබඳ තලයයි. දේශපාලනය යනු කුමක්දැයි අප වටහා ගන්නා ආකාරය තුළ සහ අප දේශපාලනය ක්‍රියාත්මක කරන ආකාරය තුළ තරම් නූතනත්වයේ උපකරණමය බුද්ධිය (instrumental reason) ලාංකීය සාමූහික ජීවිතයේ ක්‍රියාත්මකවන වෙනත් අන් ක්ෂේත්‍රයක් නැතැයි කිව හැකි තරම්ය. මෙරට ඇති බුර්ෂුවා පාර්ලිමේන්තු නියෝජනාත්මක…

(පශ්චාත්) නූතන දෘෂ්ටියෙන් ‘සිංහල ගම’ දෙස බැලීම – කුමුදු කුසුම් කුමාර

මේ මගේ සඳයි, පුරහඳ කළුවර, සුළඟ එනු පිණිස චිත්‍රපට පිළිබඳ කියැවීමක්සමකාලීන සිංහල සිනමාවේ ආන්දෝලනයට තුඩුදුන් චිත්‍රපට (මේ මගේ සඳයි, පුරහඳ කළුවර, සුළඟ එනු පිණිස) තුනක් නිර්මාණය කළ අශෝක හඳගම, ප්‍රසන්න විතානගේ සහ විමුක්ති ජයසුන්දර යන අධ්‍යක්ෂවරුන් තිදෙනාම එම චිත්‍රපට වලට පසුබිම කර ගත්තේ ‘සිංහල ගම’යි. එහෙයින් මෙම චිත්‍රපට සිංහල ගම පිළිබඳ කතාබහක් සමාජය තුළ ඇති…

නූතනත්වය සහ ප්‍රගතිය/ පරිහානිය සහ ජාතික චින්තනය – කුමුදු කුසුම් කුමාර

ගුණදාස අමරසේකර ශූරීන් සහ ආචාර්ය නලින් ද සිල්වා යන දෙදෙනා ගේ සියලු අදහස් අප ඒ ආකාරයෙන්ම අනුමත නොකළද, ඔවුන්ගෙන් ලාංකේය සමාජයේ බුද්ධිමය සංවාදය පෝෂණය කිරීමට ලැබුණු මහඟු දායකත්වය කිසිසේත් අ‍ඩුවෙන් තක්සේරු කළ නොහැකි ය. ගුණදාස අමරසේකරයන් 1976 දී ‘අබුද්දස්ස යුගයක්’ ලියා පළ කරමින් ඇරඹි සමාජ-දේශපාලන සංවාදය පසුව ‘ජාතික චින්තනය’ නමින් වර්ධනය කෙරුණේ ආචාර්ය නලින් ද…

ධර්මසේන පතිරාජ නම් වූ විශිෂ්ඨ සිනමාකරු

චිත්‍රපට අධ්‍යක්ෂ ආචාර්ය ධර්මසේන පතිරාජ ගේ කලා දිවියට වසර 50ක් පිරීම නිමිත්තෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ විශේෂ උපහාර උත්සවයක් පසුගියදා කොළඹ දී පැවැත්වුණි. ඒ හා සමගාමීව අප පහත පළකරන්නේ 1970 දශකයේ මාවත සංස්කෘතික ප්‍රකාශනයේ පළ වූ චිත්‍රපට විචාර ලිපි දෙකකින් ධර්මසේන පතිරාජ ගේ අහස් ගව්ව, සහ බඹරු ඇවිත් යන චිත්‍රපට දෙක සම්බන්ධයෙන් ලියැවුණු…