By kathika

සමහර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ලිපි පත්තරේක ශාස්ත්‍රීය අතිරේකයකවත් දාන්න බැහැ- ආචාර්ය අමරදාස වීරසිංහ

“එදා ‘සංස්කෘති’ සඟරාවට සම්බන්ධව හිටපු ගනනාථ ඔබේසේකර, ආරිය රාජකරුණා වගේ අය උපාධි අපේක්ෂකයන් ලෙසයි හිටියේ. නමුත් අද විශ්වවිද්‍යාලවල ඉන්න සමහර තරුණ ආචාර්යවරුන් ලියන ලිපිවත් ‘සංස්කෘති’ සඟරාවේ පළ කරන මට්ටමක නැහැ. කොටින්ම පත්තරේක ශාස්ත්‍රීය අතිරේකයකවත් පත්තරේක ශාස්ත්‍රීය අතිරේකයකවත් පළ කරන්න පුළුවන් මට්ටමක් ඒ ලිපිවල නැහැ. මේක කනගාටුදායක තත්ත්වයක්.” ආචාර්ය අමරදාස වීරසිංහ ප්‍රමුඛ ස්වාධින බුද්ධිමතෙකි. 1953 දී…

දේශපාලනයේ හේතුවාදය – මයිකල් ඕක්ෂොට්

“යුරෝපයේ නූතන ඉතිහාසය හේතුවාදයේ දේශපාලනයේ ව්‍යාපෘතීන් ගෙන් හැඩිවී ඇත. මේවායින් ඉතාමත් උත්කෘෂ්ට වනුයේ ඇතැම් විට, ‘අඥානභාවය, දිළිඳු බව, භේදය, පාපය හා දුක්ඛිත බවින් මානව සංහතිය මුක්ත කර වීමේ ලෝක සමුළුවක්’ සඳහා වූ රොබට් ඕවන්ගේ ව්‍යාපෘතිය විය හැක – කොතරම් උත්කෘෂ්ට ද යත් හේතුවාදියකු පවා, (නමුත් එතරම් යුක්ති සහගත බවකින් තොර ව) එය විකාරයකැයි සිතීමට ඉඩ…

මහාචාර්ය ගණනාථගේ “නෙරපූ රජ” නිකුත් වෙයි.

නෙරපූ රජ: ශ්‍රී වික්‍රම ප්‍රත්‍යාවලෝකනය කතෘ – මහාචාර්ය ගණනාථ ඔබේසේකර පරිවර්තනය- එච්. ජී. දයාසිසිර ප්‍රකාශනය- සරසවි ප්‍රකාශකයෝ මිළ- රුපියල් 525.00 මහාචාර්ය ගණනාථ ඔබේසේකරගේ ලංකාව තුළ මෑත කාලයේ වඩාත් විවාදපාත්‍ර කෘතියක් වූ ඩූම්ඩ් කිංග් ( The Doomed King:Requiem for Sri Vikrama Rajasinhe) නම් ඉංග්‍රීසි බසින් පල වු කෘතිය නෙරපූ රජ ශ්‍රී වික්‍රම ප්‍රත්‍යාවලෝකනය වශයෙන් එච්. ජී.…

සාප්පු සංකීර්ණයන්ගෙන් පිරි නූතනයේ සාමූහික ජීවිතය සොයා යෑම – රෝයි ටර්නර්

පරිවර්තනය: දිමුතු සමන් වෙත්තසිංහ “සාප්පු වලින් මිලදී ගැනීම යනු, සියල්ලම සළකා බැලූ පසුත්, තමා සහ තමා ආශා කරන අනන්‍යතාවය අතර ගණුදෙනුවක් වේ. සාමාන්‍ය වැටහීමට අනුව, සාප්පු සංකීර්ණය විශිෂ්ට ලෙසින් මහජනමය වේ – අන්තර් ක්‍රියාකාරීමය වශයෙන් කියන්නේ නම් එය මහජන ස්ථානයකි, [නමුත්] මහජන යන්න පිළිබඳ හනා ආරන්ඩ්ට් වැඩි දියුණු කරන ලද දෘඪ අර්ථයෙන් (එයට මම ඉක්මනින්…

ආදරය සහ ජනප්‍රිය සංස්කෘතිය

“එෆ්.ආර්. ලීවිස් ගේ සුප්‍රසිද්ධ “ බහුජන ශිෂ්ඨාචාරය සහ සුළුතර සංස්කෘතිය” යන බෙදීමට අනුව අනුව කර්මාන්තකරණයෙන් බිහිවන බහුජන සමාජය මාධ්‍ය සහ චිත්‍රපට මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීම ඉල්ලා සිටියෙන් බහුජන සමාජයේ බහුජන ප්‍රේක්ෂකයන් සතුටු කිරීම සඳහා බහුජන මාධ්‍ය එක මට්ටමට සමතලා කිරීම සිදුවිය. එහිදී ප්‍රේක්ෂක සමූහයා බහුජනයා බවට පත්වීම සිදුවුණි. බහුතරය ජනමාධ්‍ය සහ චිත්‍රපට වලින් දෙන අරුත්…

විමංසක පර්ෂදය, විලාසිතාව, ඖචිත්‍යය සහ සංවරය

අපගේ පාඨකයෙකු අප වෙත එවූ ඉහත ඡායාරූපයේ දැක්වෙන පෝස්ටරය කැළණිය විශ්ව විද්‍යාල භූමියේ ප්‍රදර්ශණය කෙරුණකි. (විමංසක පර්ෂදය කැළණිය විශ්ව විද්‍යාලයයේ ලියා පදිංචි ශිෂ්‍ය සංගමයක් බව එහි ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාරික මහාචාර්ය නලින් ද සිල්වා මෙම පෝස්ටරය පිළිබඳ The Island පුවත් පතට ලිපියක් ලියමින් සඳහන් කොට තිබුණි. බලන්න Cultural Pentagon, The island, Midweek Review 2008/02/13 අපගේ මෙම ලිපිය…