By kathika

ප්‍රේමය නම්, රාගයෙන් තොර සඳ එළිය සේ? – කුමුදු කුසුම් කුමාර

චිත්‍රපටියක් වියමනක් ලෙස කියවිය හැකිද? “ආදරය පිළිබඳ කෙටි චිත්‍රපටයක්” A Short Film About Love කිස්ලොව්ස්කි අතිශූර කතා කියන්නෙකු බව මේ චිත්‍රපටියෙන් පෙන්නුම් කෙරෙයි. චිත්‍රපටිය අපේ සිත් ඇද ගන්නේ ප්‍රධාන කොටම ඉන් කියවෙන කථාව නිසා මිසක, සිනමා කෘතියක් වශයෙන් එහි ඇති සුවිශේෂ ලක්ෂණයක් නිසා නොවුණද, අප හද – මනස අවදි කරවන කථාවක් ලෙසින් මේ චිත්‍රපටය ඉමහත්…

ඒ සියළු වැද්දෝ කොහි ගියෝද? – මහාචාර්ය ගණනාථ ඔබේසේකර

“….1818 දී බ්‍රිතාන්‍යයන්ට විරුද්ධ ප්‍රථම කැරැල්ල ඇරඹිණි. එම වර්ෂයේදීම මහනුවර අවසාන රජුගේ නෑයෙකු සිහසුනට උරුමකරුවෙකු ලෙස ඉදිරිපත් වූ අතර ඔහු තම පිරිවර ද සමග දකුණු ශ්‍රී ලංකාවේ පිහිටි (හින්දූන්ගේ ද බෞද්ධයින්ගේ ද වැද්දන්ගේ ද දෙවියෙකු වන) කතරගම මුරුගන් දේවාලය වෙත ගියේ ය. එහි පූජකයා විසින් මෙම රාජ්‍ය උරුමක්කරුට කඩුවක් හා අනෙකුත් මෙවලම් ද ලබා දෙන…

හැට දෙලක්ෂයේ ජනතා සම්මුතිය රැකගනිමු යැයි කියන්නේ කුමක් වෙනුවෙන් ද?

මම හැට දෙලක්ෂයෙන් කෙනෙක්.  නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජ සාධාරණය වෙනුවෙන් මහින්ද රාජපක්ෂ ෙරජිමය පරාජය කිරීමට ජනතාව ගත් තීරණය නිවැරදි යැයි මා අදත් විශ්වාස කරනවා.  එමෙන්ම පාර්ලිමේන්තු විපක්ෂය අහෝසි කරන සම්මුතිවාදී ආණඩුවක් පිහිටුවීමේ අනතුරත් රනිල් වික්‍රමසිංහගේ නව ලිබරල්වාදී න්‍යාය පත්‍රය ක්‍රියාවට නැංවීමේ අනතුරත් පිළිබඳ අප ජනවාරි 8 ට පෙර සිටම කල්තබාම ප්‍රසිද්ධියේ අපගේ අදහස් දක්වා තිබුනද,…

නූතනත්වයට ප්‍රතිරෝධී දේශපාලනයකට මඟ ! – කුමුදු කුසුම් කුමාර

“නූතනත්වයට අපගේ සාමූහික චින්තනය ගැට ගැසී ඇති ආකාරය ප්‍රභලව ප්‍රකාශයට පත්වන එක් මූලික ක්ෂේත්‍රයක් නම් දේශපාලනය පිළිබඳ තලයයි. දේශපාලනය යනු කුමක්දැයි අප වටහා ගන්නා ආකාරය තුළ සහ අප දේශපාලනය ක්‍රියාත්මක කරන ආකාරය තුළ තරම් නූතනත්වයේ උපකරණමය බුද්ධිය (instrumental reason) ලාංකීය සාමූහික ජීවිතයේ ක්‍රියාත්මකවන වෙනත් අන් ක්ෂේත්‍රයක් නැතැයි කිව හැකි තරම්ය. මෙරට ඇති බුර්ෂුවා පාර්ලිමේන්තු නියෝජනාත්මක…

(පශ්චාත්) නූතන දෘෂ්ටියෙන් ‘සිංහල ගම’ දෙස බැලීම – කුමුදු කුසුම් කුමාර

මේ මගේ සඳයි, පුරහඳ කළුවර, සුළඟ එනු පිණිස චිත්‍රපට පිළිබඳ කියැවීමක්සමකාලීන සිංහල සිනමාවේ ආන්දෝලනයට තුඩුදුන් චිත්‍රපට (මේ මගේ සඳයි, පුරහඳ කළුවර, සුළඟ එනු පිණිස) තුනක් නිර්මාණය කළ අශෝක හඳගම, ප්‍රසන්න විතානගේ සහ විමුක්ති ජයසුන්දර යන අධ්‍යක්ෂවරුන් තිදෙනාම එම චිත්‍රපට වලට පසුබිම කර ගත්තේ ‘සිංහල ගම’යි. එහෙයින් මෙම චිත්‍රපට සිංහල ගම පිළිබඳ කතාබහක් සමාජය තුළ ඇති…