By kathika

අනාගත පරම්පරාවල නාමයෙන් අපි තීරණාත්මක ලෙස ක‍්‍රියාකාරී වෙමු – 2015 ජනාධිපතිවරණය පිළිබඳ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ප‍්‍රකාශය

ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කරනු ලැබ ඇත. ඒ නිසා ජනවාරි 8 වැනි දා මැතිවරණයේදී අප සියලූ දෙනාට මෙරට පුරවැසියන් ලෙස අපගේ ඡන්දය භාවිත කිරීමට සිදුවනු ඇත. ගැඹුරින් කරුණු සලකා බලා අප එළඹගත් නිගමනය වන්නේ අපේ රට අනාගත පරම්පරා කෙරෙහි තීරණාත්මක බලපෑම් ඇති කරන්නා වූ ඓතිහාසිකව වැදගත් සන්ධිස්ථානයකට එළඹ ඇති බවය. අප අපේක්ෂා කරන සියලූ වෙනස්කම් එක් රැයකින් හෝ හුදෙක් ආණ්ඩු මාරුවකින් දිනාගත හැකියයි විස්වාස නොකරන අපි මෙම එළඹෙන ජනාධිපතිවරණය ප‍්‍රජාතන්ත‍්‍රවාදය නීතියේ පාලනය යහපාලනය සහ සමාජ සාධාරණය සම්බන්ධ ගැටලූ ආමන්ත‍්‍රණයට කුඩා අවකාශයක් උදා කර ඇතැයිද සිතමු. පසුගිය දශකය තුළ නීතියේ පාලනය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ යහපාලනය පිළිබඳ ප‍්‍රමිතීන් සහ ප‍්‍රතිමානවල බිඳ වැටීමක් සිදු…

සංවර්ධනයෙහි ආශ්චර්යය – ජයතිලක ද සිල්වා

අප රට දැන් සංවර්ධනය වෙලා. මෙය ආණ්ඩුව හැම වේදිකාවක ම ගයන ගීතයක්. සාක්කි හැටියට පෙන්වන්නේ කොළඹ නගරය, අධිවේගී මාර්ග, නගර අලංකරණය, අහස සිඹින මහල් නිවාස, සුවිසල් සාප්පු සංකීර්ණ. ඒ හැර දීකිරට බළල්ලූත් සාක්කි කිව්වා සේ සංඛ්‍යාලේඛනත් ගෙන හැරැ පානවා – දළ ජාතික නිෂ්පාදනය, ඒකජනක ආදායම, ආර්ථික සංවර්ධන අනුපාතික ආදිය. ඇත්ත නේන්නම්! ආවඩා, ආයු බෝ වේවා! ආවඩන්නෝ එමට. එහෙත් සංවර්ධනය කියන්නේ කුමක් ද? ඉහත පෙන්වන දැයින් (දර්ශකවලින්) සංවර්ධනය පැහැදිලි කළ හැකි ද? ඇත්තට ම එයින් පෙන්වන්නේ එක් පැත්තක් පමණයි. වඩා වැදැගත් සංවර්ධනයෙහි හරය හෝ අරුත හෝ වටහා ගන්නට වෙනස් මඟක් ගත යුතු යි. ඉන්දියාවෙහි හිටපු ජනපති ආචාර්ය අබ්දුල් කලාම් ඉන්දියාව 2020…

Gananath Obeysekere on Ethics, Secularism and Institutions of Governance

The International Centre for Ethnic Studies and the Centre for Poverty Analysis conducted a roundtable discussion on “Ethics, Secularism, and Institutions of Governance” at the ICES Auditorium on November 27, 2013. The participants were: Professor Charles Taylor best known for his contributions to political philosophy, the philosophy of social science, and intellectual history, Professor Rajiv Bhargava Senior Fellow, Director at the Centre for the Study of Developing Societies in Delhi, and a noted Indian political theorist, widely recognized for his works on political theory , multiculturalism, identiry politics, and secularism. Prof. Gananath Obeysekere, Professor of Anthropology, Emeritus, Princeton University, responded…

ජනාධිපතිවරණයේදී ජනතා න්‍යාය පත්‍රයක් ඉදිරියට ගැනීමේ අභියෝගය – සමාජවාදී අධ්‍යන කවයේ සංවාදය

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ජනතා න්‍යාය පත‍්‍රයක් ඉදිරියට ගන්නේ කෙසේ ද? මැයෙන් සංවාදයක් ඉකුත් 4 දා සවස මරදාන සමාජ සහ සාමයික කේන්ද්‍රයේදී පැවැත්විණ. එය සංවිධානය කර තිබුණේ සමාජවාදී අධ්‍යන කවය මගිනි. ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මෙහෙයවූ සංවාදය අදියර දෙකකින් යුක්ත විය. පළමු අදියරේදී ආචාර්ය සුමනසිරි ලියනගේ, ආචාර්ය මයිකල් ප‍්‍රනාන්දු සහ ආචාර්ය කුමුදු කුසුම් කුමාර සභාව ඇමතූහ. දෙවන අදියරේදී පූජ්‍ය අතුරලියේ රතන හිමි, උදය ගම්මන්පිල, රාජා උස්වැටකෙයියාව, ප‍්‍රසන්න විතානගේ සහ කේ.ඩබ්. ජනරංජන සභාව ඇමතුවේය. වත්මන් දේශපාලන පෙළගැස්ම සහ ඒ තුළ සිදුවිය හැකි සහ සිදු කළ යුතු දේ පිළිබඳ එහිදී දීර්ඝ වශයෙන් සංවාදයට ලක්විය. සංවාදය හඳුන්වා දෙමින් අදහස් දැක්වූ චමීර පෙරේරා ප‍්‍රකාශ…

ඇත්තෙන් ”ඉදිරිය”ට

කතුවැකිය මෙරට ප‍්‍රගතිශීලී මාධ්‍ය ව්‍යාපාරයේ පුරෝගාමී කාර්යයක් ඉටු කළ ”ඇත්ත” පුවත්පත ”ඉදිරිය” පුවත්පතෙහි ජන්ම භූමිය මෙන්ම ආදර්ශය ද වේ. 2013 ජූලි මස 3 දින සිට 2014 නොවැම්බර් 9 දින දක්වා ඇත්තේ කර්තෘවරුන් වූ අපි ඇත්ත 21 වන සියවසෙහි පුවත්පතක් බවට පත් කළෙමු. ඒ අවධිය තුළ ඇත්ත මෙරට පරිණතම සිංහල දේශපාලන පුවත්පත බවට පත් කිරිමට අපට හැකි විය. අප විසින් සංස්කරණය කරන ලද අවසාන ඇත්ත පුවත්පත එහි ප‍්‍රකාශකයන් වන ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ වර්තමාන නිල නායකත්වය විසින් තහනම් කරනු ලැබූ පසු අපි එහි කර්තෘ මණ්ඩලයෙන් ඉවත් වීමට තීරණය කළෙමු. එසේ වුව ද කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයන් ද ඇතුළුව ඇත්තේ පාඨක බහුතරය තවමත්…

අපේ දරුවන් සඳහා අපට අධ්‍යාපනයෙන් අවශ්‍ය කුමක් ද?

අප රටේ අධ්‍යාපනය සහ පාසල් සම්බන්ධව දෙමාපියන් ඉදිරිපත් කරන පහත සඳහන් ගැටළුවලින් කොපමණ ප‍්‍රමාණයක් ඔබට අදාල ද? පාසලකට හෝ උසස් අධ්‍යාපන ආයතනයකට හෝ ඇතුළත් කිරීම: මගේ දරුවාගේ පාසල පිළිබඳව මට ආඩම්බර විය නොහැක. හොඳ පාසල්වලට මගේ දරුවා ඇතුළත් කර නොගනියි. මුදල් සහ සම්බන්ධකම් සහිත මිනිස්සු පමණක් සිය දරුවන් හොඳ පාසල්වලට ඇතුළත් කර ගනිති. එපමණ මුදල් හෝ එවැනි සබන්ධකම් මා සතුව නොමැත. මගේ ජනවර්ගයල ආගමල කුලය හෝ භාෂාව හේතුවෙන් මට හොඳ පාසලක් සොයාගැනීම අසීරුය. මගේ දරුවාට විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමේ අවශ්‍යතාව ඇතත්, එම පාසලේ උසස් පෙළ විෂය ධාරාව හොඳ තත්ත්වයක නොමැත. ටිියුෂන් පන්ති සඳහා ප‍්‍රමාණවත් මුදල් මා සතුව නැත. මගේ දරුවා උසස්…