By kathika

පශ්චාත් ව්‍යුහවාදය සහ පශ්චාත් නූතනවාදය ඊළඟ පරම්පරාව විනාශ කළා – කැමිල පා(ග්)ලියා

අප පහත ලිපිය ‘අපට උසස් සාහිත්‍ය – කලා විචාරයක් නැත්තේ මන්ද?‘ යන මැයෙන් මුල් වරට පළ කළේ 2007 නොවැම්බර් පළමු වැනි දිනයි. එහි කාලීන වැදගත් කම යළි යළිත් මතුව එන හෙයින් නව පරපුරේ යහපත තකා එය මෙහි යළිත් පළ කරමු. අපගේ මුල් ලිපියට ‘ලොව අවුල් සහගත, කුහක, පශ්චාත් නූතන රචනා ලියුවෝ ලංකාවේ පශ්චාත් නූතනවාදීහු ය’ යන මැයෙන් ප්‍රතිචාරයක් අමරකීර්ති ලියනගේ සිළුමිණ පුන්කලස අතිරේකයට ලීවීය. එය මෙහි බලන්න. ලියනගේ අමරකීර්ති ගේ ‘සිළුමිණ’ ලිපියේ එන අදහස් වලට ‘කතිකා’ අධ්‍යයන කවයේ ප්‍රතිචාරය ‘උසස් විචාරයේ පදනම වන රසඥතාව දේශපාලන කාරණාවකි‍‍‘ යන මැයෙන් මෙහි පළ කෙරුණි. ‘කතිකා’ අධ්‍යයන කවයේ මෙම ප‍්‍රතිචාර ලිපිය පළ කිරීමේදී සිළුමිණ, පුන්කලස…

දේශපාලනයේ ආචාර ධර්මය: ‘පශ්චාත් මාක්ස්වාදී‘ වෙස් මුහුණු සහ ප්‍රැක්සිස් සාමුහිකයේ ගැටළුව

දේශපාලනයේ ආචාර ධර්මය: ‘පශ්චාත් මාක්ස්වාදී‘ වෙස් මුහුණු සහ ප්‍රැක්සිස් සාමුහිකයේ ගැටළුව දිමුතු සමන් වෙත්තසිංහ- ‘කතිකා’ අධ්‍යයන කවය ඔබගේ ක්‍රියාවේ මූලධර්මය පොදු නීතියක් බවට පත්විය හැකි ආකාරයෙන් නිරතුරුව හැසිරෙන්න. කාන්ට් කෙනෙක් කරන දෙයට යුක්තියුක්තකරණයක් දීමට හැකිවීම, වගකිව හැකිවීම ආචාර ධර්මීය චරිත ස්වභාවයට අත්‍යවශ්‍ය ‍වේ. ගැඩමර් දේශපාලනයේදී අනෙකාගේ මතයට එරෙහි විවේචනය සීමා ඉක්මවා යාමක් බව අප ඉගෙනිය යුතුය. අනාගතය සම්බන්ධයෙන් ගත්කල අනෙකා වටහා ගැනීම සඳහා ගැඹුරු පදනමක් අප සොයා නොගන්නේ නම් අප සියල්ලෝ සිටින්නේ අනතුරේ යැයි මට සිතේ. ගැඩමර් ප්‍රජාතාන්ත්‍රික අරගලය යනු පස මිතුරුභාවයක් තරඟකාරීත්වයක් බවට පරිවර්තනය කිරීමට හැකි වීමයි. ෂන්තාල් මූෆ් ප්‍රැක්සිස් සාමුහිකය ‘කතිකා’ අධ්‍යයන කවයේ සාමාජික කුමුදු කුසුම් කුමාරට එල්ල…

සරසවි ගුරු -ශිෂ්‍ය සබඳතා පිළිබඳ ගැටලුව සහ සිවිල් සමාජය තුළින් මතුවන සයිබර් මැරකම්

සරසවි ගුරු -ශිෂ්‍ය සබඳතා පිළිබඳ ගැටලුව සහ සිවිල් සමාජය තුළින් මතුවන සයිබර් මැරකම් කුමුදු කුසුම් කුමාර මේ සිදුවෙමින් පවතින්නේ කුමක් ද? මා මෙය දකින්නේ සිවිල් සමාජ සහ රාජ්‍ය නොවන ආයතන සහ මානව අයිතිවාසිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් රැකීමට යැයි අධ්‍යාපනය දෙන ශාස්ත්‍රාලීය ව්‍යුහ සහ ඇමෙරිකානු රාජ්‍ය ශිෂ්‍යත්ව අරමුදල් ලාභීන් තුළින්ම විසම්මුතිය මර්ධනය කිරීමේ හරයෙන් ෆැසිස්ට්වාදී වන ලක්ෂණ මතුව ඒමයි. අප මෙය වටහා ගන්නේ කෙසේද? මා යෝජනා කරන්නට කැමැත්තේ මෙය පවත්නා දේශපාලන තත්වයන් තුළ ඉහත සඳහන් කළ ආයතන ව්‍යුහයන්හි ලිබරල් සීමාවන් හෙළිදරව් වීමෙහි ප්‍රථිඵලයක් ලෙස මෙම ආයතන තුළට එන්න එන්නම වාම රැඩිකල් කොටස් ඇතුළු කර ගැනීමෙහි ප්‍රථිඵලයක් බවයි. වෙනත් අයුරකින් කියතොත් මෙම…

Politically motivated cyber-bullying on the part of ‘leftist’ groups

Politically motivated cyber-bullying on the part of so-called leftist groups Prabha Manuratne I see this latest attack by Sumith Chaaminda and his group on you as yet another display of their myopic politics. As someone who has been a repeated target of politically motivated cyber-bullying for many years now, I fully sympathize with the unenviable position you have been pushed into. Such politically inflected bullying does not demand that a truth be revealed but that we prove a lie to be a lie. Bullying and hate speech are characteristic arsenal of those who wish to silence others on cyber platforms.…

අනුරුද්ධ ප්‍රදීප් සේවයෙන් නෙරපීම

අනුරුද්ධ ප්‍රදීප් සේවයෙන් නෙරපීම: මහාත්මභාවය සනාථ කිරීමට ඇමති එස්. බී. දිසානායකට අවස්ථාවකි කුමුදු කුසුම් කුමාර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයනාංශයේ කථිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය එම ආයතනයේ වසර අටක සේවාකාලයකට පසු සේවයෙන් නෙරපීමට විශ්වවිද්‍යාල පාලක මංඩලය තීරණය කොට ඇත. මෙම තීරණයට හේතුව වශයෙන් විශ්වවිද්‍යාල පරිපාලනය දක්වන්නේ සේවයෙහි ස්ථිර කිරීම සඳහා අදාළ කොන්දේසිය වන පශ්චාත් උපාධි සුදුසුකම නියමිත පරිවාස කාලය වන අවුරුදු අට තුළ ඉටුකරන්නට අනුරුද්ධ ප්‍රදීප් අසමත් වීමයි. නමුත් මෙම තීරණය හෙළා දකින ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ආචාර්ය සංගමයත්, විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයත් පෙන්වා දෙන්නේ අනුරුද්ධ ප්‍රදීප් සේවයෙන් නෙරපීම දේශපාලන පලිගැනීමක් බව සහ මේ සිදුවීම පිළිබඳ විශ්වවිද්‍යාල පරිපාලනය දක්වන හේතුව එයට අදාළ සැබෑ…