By kathika

දේශද්‍රෝහියෙකුගේ මිත්‍යා දෘෂ්ටික සිතුවිලි

රාජ්‍යය, ජාතික ආරක්ෂාව සහ සමාජ සාධාරණත්වය – නිර්මාල් රංජිත් දේවසිරි පසුගිය දිනෙක කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨ ආචාර්ය සංගමය මගින් එම පීඨයේ අධ්‍යාපන ඩිප්ලෝමාව සඳහා සූදානම්වන පාසැල් ගුරුවරුන් සඳහා විශේෂ සම්මන්ත‍්‍රණයක් පවත්වන ලදි. එහි අරමුණ වූයේ විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ වැඩවර්ජනයට අදාල ඉල්ලීම් සම්බන්ධව එම ගුරුවරුන්ට අවබෝධයක් ලබා දීමයි. මෙහිදී මා විසින් රාජ්‍යය හා සමාජ සාධාරණත්වය සම්බන්ධව ඉදිරිපත්කරනු ලැබූ අදහසක් සම්බන්ධව මා සහ මගේ මිතුරකු සහ දේශපාලන සගයකු වන වංගීස සුමනසේකර අතර සංවාදයක් ඇතිවිය. ම විසින් ඉදිරිපත් කරන ලද අදහස වූයේ රාජ්‍යය සමාජ සාධාරණත්වය බෙදාහරින ප‍්‍රධාන ඒජන්සිය විය යුතුය යන අදහසයි. වංගීස ප‍්‍රශ්න කලේ මේ ප‍්‍රකාශය මගින් මා රාජ්‍යය පංති පීඩක උපකරණයක්ය…

සරසවි ඇදුරු වර්ජන කවි හෙවත් අනාගත පරපුරේ අධ්‍යාපනය බේරා ගැනීම

සරසවි ඇදුරු වර්ජන කවි හෙවත් අනාගත පරපුරේ අධ්‍යාපනය බේරා ගැනීම සකල සිරින් පිරි සිරි ලංකාවේ සරසවි ඇදුරෝ වැඩ වරනා විකල බකල වී සියලූම සරසවි වැඩ කටයුතු සැම ඇණ සිටිනා ඉහළ උදවියට මේ අර්බුදයට තවමත් නිසි විසඳුමක් නැතා සියලූ දනෝ මෙරටෙහි වෙසෙනා දැන් අස මැන මේ සරසවි පුවතා

ලොව රැකගැනීමෙහිදී අධ්‍යාපනයේ භූමිකාව: ලිබරල් කලාවන්ගේ සහ මානව ශාස්‌ත්‍රයන්ගේ වැදගත්කම

ලොව රැකගැනීමෙහිදී අධ්‍යාපනයේ භූමිකාව: ලිබරල් කලාවන්ගේ සහ මානව ශාස්‌ත්‍රයන්ගේ වැදගත්කම – කුමුදු කුසුම් කුමාර සදාචාරත්මක මිනිසා, පරිපූර්ණ මිනිසා, නොදැනුවත්ව මෙන් වාණිජමය මිනිසාට, සීමිත පරමාර්ථ සහිත මිනිසාට වඩ වඩාත් ඉඩ දෙමින් ඉවත් වන අවධියකට ඉතිහාසය අවතීර්ණ වී ඇත. විද්‍යාවේ පුදුම සහගත ප්‍රගතියත් සමඟ, මෙම ක්‍රියාවලිය විශාල සහ බලවත් ස්‌වරූපයක්‌ ගනිමින් පවතින අතර, මෙය මිනිසාගේ සදාචාරමය තුළනය අවුල් වීමටත්, ඔහුගේ මිනිසත්බව ආත්මයක්‌ නැති සංවිධානයක සෙවණැල්ල පිටුපස සැඟවීයැමටත් හේතු වේ. රබින්ද්‍රනාත් තාගෝර්, Nationalism, 1917 …සැබෑ මානවවේදියකුට විද්‍යාඥයාගේ නියමයන්වත් දාර්ශනිකයාගේ සත්‍යවත් කලාකරුවාගේ සෞන්දර්යයවත් පරමයන් නොවේ. හනා ආරන්ඩ්ට්‌, ,Crisis in culture” in Between Past and Present 1958 1. හැඳින්වීම ශ්‍රී ලංකාවේ පශ්චාත් යුද අවධියේ දී,…

ජාතික චින්තනයේ ගමනක අග සහ ජූලම්පිටියේ අමරේ

ජාතික චින්තනයේ ගමනක අග සහ ජූලම්පිටියේ අමරේ – නිර්මාල් රංජිත් දේවසිරි ගුණදාස අමරසේකර විසින් රචිත ‘රූපාන්තරණය නොහොත් සෝමදේවගේ සංක‍්‍රාන්තිය’ නමැති නවකතාව නිකුත් කිරීම නිමිත්තෙන් පැවැති සම්මන්ත‍්‍රණයේ කතාවක් කිරීමට මට ද ආරාධනා කර තිබුණි. මා මගේ කෙටි අදහස් දැක්වීමේ මාතෘකාව ලෙස යෝජනා කළේ ‘ගමනක අග සහ ජූලම්පිටියේ අමරේ’ යන්නයි. ‘ගමනක අග’ යන රූපකය මා භාවිත කලේ ගුණදාස අමරසේකරගේ ‘ගමනක අග‘ යන නවකතාව ආශ‍්‍රයෙනි. ගමනක මුල නවකතාවෙන් ඇරඹෙන ගුණදාස අමරසේකරගේ නවකතා මාලාව අවසන් වන්නේ ‘ගමනක අග’ නව කතාවෙනි. මෙම කතා මාලාව ලංකාවේ මැද පංතියේ කතාන්තරය ලෙස කතුරයා විසින්ම හඳුන්වා දෙනු ලැබ තිබුනත් මගේ අදහස වන්නේ මෙම කතා මාලාව අමරසේකරගේ ද සක‍්‍රීය මැදිහත්වීම…

අවසන් කිරීමට රජය උනන්දුවක් නැති සරසවි ඇදුරු වර්ජනය

අවසන් කිරීමට රජය උනන්දුවක් නැති සරසවි ඇදුරු වර්ජනය – කුමුදු කුසුම් කුමාර විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය රාජ්‍ය අංශයේ අධ්‍යාපනය පිළිබඳ රජයේ කැපවීම ප්‍රකාශ කරන ලෙස ඉල්ලමින් යලිත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට පිවිසීම මෙම මාතෘකාව ජාතික දේශපාලන න්‍යාය පත්‍රයේ ඉහලට ගෙන එන්නට හේතු වී තිබේ. ඔවුන් ගේ ඉල්ලීම් අතර වන රජය අධ්‍යාපනයට දළ ජාතික නිශ්පාදිතයෙන් වෙන් කරන ප්‍රතිශතය අවම වශයෙන් සියයට 6 ක් දක්වා ඉහළ දමනු ඇතැයි ඇතැයි සාර්ක් රටවලට සහ ජාත්‍යන්තර ආයතන වලට දී ඇති පොරොන්දුව ක්‍රියාත්මක කිරීමට කැපවිය යුතුය යන්න සහ රජයේ උසස් අධ්‍යාපන ප්‍රතිපත්තිය කුමක් ද යන්න නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ යුතුය යන්න ජාතික අවධානය දිනාගනිමින් තිබේ.…

වැඩ වරන-වැඩකරන ඇදුරන්ට–

Sudesh Mantillake වැඩ වරන-වැඩකරන ඇදුරන්ට … – පේරාදෙණිය විශ්වවිද්‍යාල ශාස්ත්‍ර පීඨයේ ශිෂ්‍යයකු විසින් ලියනලද බිත්ති පුවත්පතක ඇති සටහනක් මෙසේය අපි පහුගිය 30 වෙනි සිකුරාදා : 2012-06-30 ආචාර්යවරුන්ගේ වෘත්තීය සංගමයෙ ක‍්‍රියාකාරීන් විසින් සංවිධානය කළ උසස් අධ්‍යාපනයේ අර්බුදය ගැන දැනුවත් කිරීමේ වැඩසටහනට කලාගාරයට එකතු වුණා. විශේෂයෙන්ම ශාස්ත‍්‍ර පීඨයේ ආචාර්යවරු සහ සිසුන්. ඔවුන් කිව්ව විදිහටම මේක ඓතිහාසික මොහොතක් සටහන් කළා. ඒ ආචාර්යවරු සහ ශිෂ්‍යයො නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් එකට අත්වැල් අල්ලා ගැනීමේ ප‍්‍රීතිමත් මොහොත. කුමන අර්ථයකින් ගත්තත් මේ සංවාදය පිළිබ`දව අපට තියෙන්නෙ සාධනීය ආකල්පයක්. ඒ ආචාර්යවරු සහ ශිෂ්‍යයො පවතින අධිකාරී රාජ්‍ය යාන්ත‍්‍රණය විසින් නිදහස් අධ්‍යාපනය මත පතුරුවන අත්තනෝමතිකත්වය සහ එම ඛේදය වෙනුවෙන් තම තමන්ගෙ…