මිලිටරි නායකත්ව පුහුණුවේ යථාර්ථය කොළඹ විශ්ව විද්‍යාලයේ ඉතිහාසය අධ්‍යයන අංශයේ අංශාධිපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සමග කළ සාකච්ඡාවකි පබා දේශප්‍රිය විශ්ව විද්‍යාලය කියන්නේ සමාජයේ ආයතන ගත වී ඇති සංසිද්ධියක්. ඒ වගේ මිලිටරිය කියන්නේත් සමාජයේ පවතින ආයතනයක්. නමුත් පැහැදිළිවම කිව යුතුයි මේ ආයතන දෙක දෙකක් බව. එනම් මේවායේ ප්‍රතිමාන එකිනෙකට වෙනස්. උදාහරණයක් විදියට මිලිටරි එක ඉහළින් එන නියෝග කිසිදු විමසා බැලීමකින් තොරව ක්‍රියාත්මක කරනවා. උදාහරණයක් විදියට යුධ භුමියකදී වෙඩි තියන්න කිව්වොත් එය නැවත ප්‍රශ්න කරන්න බැහැ. එය මිලිටරිය තුළ තියන ප්‍රධානම ප්‍රතිමානයක්. නමුත් විශ්ව විද්‍යාලයේ තියෙන්නේ මේකේ අනෙක් පැත්ත. එනම් විචාරත්මක බුද්ධියෙන් විමසා බැලීම. විශ්ව විද්‍යාලයට ඇතුළත් වන නවක සිසුන්ට නායකත්ව…
'kathika' social, cultural and political review
By kathika
ආචාර්ය හා රථාචාර්ය
ආචාර්ය හා රථාචාර්ය – Gadfly Zone -එම්බල අමාත්‍ය ! කිමද තා කණස්සලෙන්? – ස්වාමිනි මේ විශ්ව විද්‍යාල ආචාර්ය ප්‍රශ්නය මා පෙළයි. රාත්‍රියන්හි පවා මාහට නින්දක් නැත. නොයෙක් නපුරු සීන දැක බිය වී ගත දහදියෙන් තෙමී අවදි වෙයි. – කිමෙක්ද අමාත්‍ය මේ විශ්ව විද්‍යාල ආචාර්ය ප්‍රශ්නය ? එවැන්නක් ඇතැයි මා මෙතෙක් කල් දැන සිටියේ නැහැ නොව. -( අපොයි තොත්ත බබා ,මුකුත් දන්නේ නැහැ ) රජතුමනි, මම මෙය සුළු ප්‍රශ්නයකි යි සිතුවෙමි. මෙවන් සුළු ප්‍රශ්නයකින් ඔබ තුමන් වෙහෙසීම නොමනා යයි සිතුවෙමි. – ඊට කම් නැත. ඉදින් දැන් වත් මා දැනුවත් කරනු – මෙයයි ප්‍රශ්නය උතුමාණනි, විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්ය කුඩාචාර්ය පිරිස් ඔවුනට…
“බාහිර උපාධිකාරයො මහ කාලකන්ණි “,
“බාහිර උපාධිකාරයො මහ කාලකන්ණි “, ඔවුන් රටටම බරක් – එස්.බී. මහනුවර පැවති උත්සවයකට සහභාගී වූ උසස් අධ්‍යාපන ඇමති එස්.බී දිසානායක බාහිර උපාධිධාරීන් රටටම බරක් යයි පැවසුවේ මෙසේය ‘විශ්ව විද්‍යාල තුළින් බිහිවිය යුත්තේ ‘ක‍්‍රීම් ඔෆ් ද ක‍්‍රීම්’ දරුවන්. අසාර්ථක කාලකණ්ණි දරුවන් බිහිකරන එක ඉදිරියට නතර කරන්න ඕනෑ. බාහිර උපාධි කාරයෝ අද රටට ගමට පවුලට මහ බරක්…සමහර ආචාර්යවරු සතියකටම බාහිර උපාධි ප‍්‍රශ්න පත්තර අටදාහක් නව දාහක් උඩ දාල බලනව. සමහරුන්ට රැකියා දෙන්න යනකොට ඒ අයට සාපෙළ නෑ ඒත් උපාධියක් තියනව. සා.පෙළ ගණිතයවත් නැති කෙනෙකුට කොහොමද රැකියාවක් දෙන්නේ…අපේ අරමුණ පාරවල් අයිනෙ හිටගෙන ඉන්නැති උපාධිධාරීන් බිහිකරන එකයි..’ හර්ෂි සි. පෙරේරා බලන්න lankaguardian
විශ්ව විද්‍යාල අධ්‍යාපනය
දාස හපුවලාන, ලංකාදීපල 11.05.2011
අහෝ! සරසවි ඇදුරන්ට සිදුවූ විපතක මහත!
Daily Mirror කාටුනය, ගිහාන් ඩි චිකේරා 11.05.2011
විශ්ව විද්‍යාල අචාරවරුන්ගේ වෘත්තීය සටන
විශ්ව විද්‍යාල අචාරවරුන්ගේ අර්බුදය ටිල්වින් සිල්වා විශ්වවද්‍යාල ආචාර්යවරුන් තමන්ට වැටුප් වැඩිවීමක් ලබා දෙන ලෙස ඉල්ලා වෘත්තිය ක්‍රියාමාර්ගවලට යොමු වෙලා තිඛෙනවා. අපි දකින ආකාරයට මේ වෘත්තිය ක්‍රියාමාර්ගය ඉතාම සාධාරණයි. ඒ නිසා අපි ඊට අපේ පූර්ණ සහාය පළ කරනවා. ඒ වගේම අපි ආණ්ඩුවට බල කර කියා සිටිනවා, වහාම ඔවුන්ගේ ගැටලූව විසඳන්න කියලා. ආණ්ඩුව විවිධ ජන කණ්ඩායම් රවටමින් ප්‍රශ්න මග හැර යාමේ ක්‍රියාවලියක් අනුගමනය කළා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සම්බන්ධයෙනුත් ඔවුන් අනුගමනය කළේ එවැනිම ක්‍රියාමාර්ගයක්. මුලින්ම විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වැටුප් වැඩිවීමක් ඉල්ලූවේ 2007 අවුරුද්දේදී. නමුත් ආණ්ඩුව එය නොසලකා හැරියා. ඊට පසුව 2008 ජනවාරි 31 වැනිදා, පළාත් සභා මැතිවරණය අතරතුරදී ජනාධිපතිවරයා විශ්වවිද්‍ය ාල ආචාර්යවරුන් අරලියගහ මන්දිරයට කැඳවලා…