“සමහර සන්නිවේදන මාධ්‍යවලින් සිංහල භාෂාව අමු අමුවේ කනවා” රත්න ශ්‍රී විඡේසිංහ බෝගහගොඩ ඒ. ඩබ්ලිව්. ඒ. නිමල් දිවයිනේ දැනට ක්‍රියාත්මක වන සමහර සන්නිවේදන මාධ්‍යවලින් සිංහල භාෂාව අමු අමුවේ කනවා. සමහර රූපවාහිනි නාලිකා කේෂ නාලිකා වාගෙයි. සමහර ගුවන් විදුලි නාලිකාවන්ද සිංහල මර මරා කනවා. සමහර සන්නිවේදකයෝ ගිරා පෝතකයන් වගේ. මේ අය කිසිදු චකිතයක් හිරිකිතයක් නොමැතිව මෙම අපේ උතුම් සිංහල කම සිංහල භාෂාව කනවා. මෙම ව්‍යසනය වහාම නතර නොකළහොත් අනාගතයේ දී සිංහල නම් වූ මනෝරම්‍ය භාෂාව විනාශ වෙනවා යෑයි, ප්‍රවීණ කලාකරුවකු වන රත්න ශ්‍රී විඡේසිංහ මහතා පැවසීය. ඒ මහතා එසේ පැවසුවේ දකුණු පළාත් සාහිත්‍ය කලා මහෝත්සවයේ ප්‍රධාන ආරාධිත දේශනය පවත්වමිනි. වැඩිදුරටත් අදහස් ප්‍රකාශ…
'kathika' social, cultural and political review
By kathika
“ මනුෂ්‍යත්වය, මානුෂික හැඟීම් හා මතවාදය රැක ගනිමුද? විසිකරමුද?”
මඩෙහි එරී, කවදා වෙනතෙක්ද? ඊයේ ගත් මෙම ඡායාරූපය මැණික් ෆාම් කඳවුර වැසි ජලයට යටවී එහි කූඩාරම් බොහෝ දුරට වාසයට නුසුදුසු බවට පත්කොට ඇති අයුරු පෙන්නුම් කරයි. අභ්‍යන්තරව අවතැන් වූවන් 1000 ක් පමණ “විකල්ප වාසස්ථාන” කරා ගෙන ගිය නමුදු සෙසු ජනයාට වගුරු බිමෙහි මඩ ගොහොරුවෙහි තව දුරටත්රැඳී සිටින්නට සිදුවීය. 2009 අගෝස්තු මස 16 වැනිදා Lakbima News පුවත් පතේ මුල් පිටුවෙනි. වැඩි විස්තර සඳහා මෙහි බලන්න. තවත් ඡායාරූප transcurrents වෙබ් අඩවියෙන්
ලංකා සංස්කෘතික පුනර්ජීවනය පිළිබඳ ඇතැම් ප්‍රශ්න මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර
මේ ලිපිය ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ අර්ථ ශාස්ත්‍ර සංගමය මඟින් පළකරන ලද ‘සමාජ විග්‍රහය’ නමැති සඟරාවේ පළවූවකි. සිංහල සංස්කෘතිය භාරතීය සංස්කෘතිය පදනම් කොට ඇතත්, ස්ථවිරවාද බුද්ධාගම නිසා එය භාරතීය හින්දු සංස්කෘතියෙන් වෙන් වූවක් බවට පත්විය. සිංහල සංස්කෘතියට බුද්ධාගමේ ඇති සම්බන්ධයත් භාරතීය සංස්කෘතියට හින්දු සමයෙහි ඇති සම්බන්ධයත් එක හා සමාන නොවේ. අතීතයේ පටන්ම බුද්ධ ධර්මය සාමූහික ලෙස කරන වැඳුම් පිදුම්වලින් තොර වතාවත් අඩු ධර්මයක් විය. අදත් ඒ එසේමය. මේ හැරුණු විට යාඥාවට හෝ උත්තර මානුෂීය බල ඇති අයට කරන ආයාචනයට හෝ තැනක් බුද්ධාගමේ නැත. එහෙත් ඒ වෙනුවට පෞද්ගලිකව කැරෙන ආත්ම දමනයෙන් ආධ්‍යාත්මික පාරිශුද්ධිය ලැබීමත් සංස්කාරකයන්ගේ අනිත්‍ය මෙනෙහි කිරීමෙන් නෛෂ්ක්‍රම්‍ය පුහුණු කිරීමත් උගන්වනු…
“ මනුෂ්‍යත්වය, මානුෂික හැඟීම් හා මතවාදය රැක ගනිමුද? විසිකරමුද?”
“මෙම අවතැන් කඳවුරු වල දොරටු එක දවසකට හෝ විවෘත කළ හොත් එකම පුද්ගලයෙක් හෝ එහි රැඳී නොසිටින බව ඔබට දැක ගත හැක. ” වාසුදේව නානායක්කාර නායකත්වය දරන ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ පළකරන ‘ශක්තිය’ පුවත් පතේ 2009 අගෝස්තු කලාපයෙන් උපුටා ගන්නා ලදී. ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ සභාපති වී. ආනන්දසංගරී මහතා විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත යවන ලද විවෘත සංදේශය. 05.07.09 අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමනි, අභ්‍යන්තරව අවතැන් වූවන්ගේ ශෝකජනක තත්වය. මේ රටේ අභිමානය හා ගරුත්වය පවත්වා ගත යුතු නම් මෙම අවස්ථාවේදී ඔබගේ මැදිහත් වීම අවශ්‍ය බව අවබෝධ කරවීම සඳහා මා මෙම ලිපිය ලියන්නේ බලවත් සිත් තැවුලෙනි. රටේ විශ්වසනීයත්වය රඳා පවතින්නේ සමහර…
ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50
යුලිසීස් මයිකල් ග්‍රෝඩෙන් Globe and Mail පෙබරවාරි 23, 2008 යුලිසීස් එහි චරිත පිළිබඳ දිශානතිමය පසුබිම් තොරතුරු අත්හරියි, එනමුත් ඔවුන්ගේ පුද්ගලික සිතුවිලි, පෙනෙන ලෙසට නම්, සංස්කරණය නොකොට අනාවෘත කරයි. එහි කොටස් කවර හෝ හුරු අයුරකින් එකිනෙකට සම්බන්ධ නොවේ, තවද ජොයිස්ගේ ශිල්ප ක්‍රම පුන පුනා වෙනස් වෙයි. පෙරාතුව නැඟූ විවාදපන්න මාතෘකා, අවසානයේදී නොවිසඳී පවතී. වීරචාරිකාව (The Odyssey), හැම්ලට්, Don Giovanni, ප්ලේටෝ, ඇරිස්ටෝටල් සහ කතෝලික දේවධර්මය පිළිබඳ කෙරෙන සවිස්තර සමුද්දේශ; ලතින්, ඉතාලි සහ හීබ්‍රෑ අපර්වර්තිත පාඨ; පුවත් පත් කාර්යාලයක සකස් කෙරුණු කොටසක් තනන තද කළු, ලොකු අකුරින් වූ සිරස්තල පුවත්පතකට සමාන ය; පෙනෙන පරිදි කෙළවරක් නැති උපහාසය දනවන ලැයිස්තු (“පැට්රික් ඩබ්ලිවු. ෂේක්ස්පියර්” සහ…
මූලකෘති – ඇරිස්ටෝටල් ගේ ආචාර ධර්මය
ආචාර ධර්මය – ඇරිස්ටෝටල් – දෙවැනි පොත ඇරිස්ටෝටල් ගේ ආචාර ධර්මය කෘතිය ලියැවී ඇත්තේ චරිතයේ සද්ගුණය පිළිබඳ ය. බුද්ධිමය සද්ගුණය මෙන් නොව සදාචාරාත්මක සද්ගුණය සැකසෙනුයේ පුරුද්ද මගිනි. අපේ යහ ගුණයන් අපට ලැබෙන්නේ ඒවා නිරතුරුව ප්‍රගුණ කිරීමෙනි. මේ හා සමානවම නරක ගතිගුණ අපට ලැබෙන්නේ නරක ගතිගුණ නිතර ප්‍රගුණ කිරීමෙනි. යහපත් පුරුදු අපතුළ යහගුණ වගා කරන අතර යහගුණ වගා කර ගත් විට යහපත් පුරුදු වල නිරත වීම පහසු වෙයි. මිනිසකුගේ සදාචාරාත්මක සද්ගුණය හෝ විශිෂ්ටත්වය ඔහු හොඳ මිනිසකු බවට පත් කරන්නේය, ඔහුගේ ම කාර්යය හොඳින් කිරීමට ඔහුට හේතුකාරක වන චරිතාංගලක්ෂණයක් වන්නේය. සදාචාරාත්මක ගුණයන් අඩුපාඩු අතින් හෝ බාහුල්‍යය අතින් හෝ අන්තයට ගිය විට ඒවා…