ජනාධිපතිවරණ සටනේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ප්‍රතිපත්ති මාලාවේ ප්‍රමුඛතම කරුණ ත් එම කඳවුරේ අවසාන ප්‍රචාරක තුරුම්පුවත් වන්නේ ජාතික ආරක්ෂාව යි. මෛත්‍රීපාල සිරිසේන ට බලය දුන හොත් ඇමෙරිකානු අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් මගින් විදෙස්ගත එල්ටීටීඊ කණ්ඩායම් වල සහායෙන් ලංකාව දෙකට බෙදා රට අස්ථාවර කෙරෙනු ඇතැයි මොවුහු කියති. මේ පිළිබඳ මාධ්‍ය විවාද වලදී මහින්ද කඳවුරේ ප්‍රධාන කථිකයා බවට පත්ව සිටියේ ආචාර්ය දයාන් ජයතිලක ය. මෛත්‍රීපාල බලයට පත් කළ හොත් රට බෙදනු ඇතැයි කියන විචාරකයන්ට දයාන් ජයතිලක ගෙන් කරුණු උපුටා දක්වමින් පිළිතුරක් ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි. ඇමරිකාව මුල් වන විදේශ බලපෑමක් ලංකාවට එල්ල වීමට ප්‍රධාන හේතුවක් ලෙස දයාන් ජයතිලක පෙන්වා දී ඇත්තේ ලංකාව රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන්…
'kathika' social, cultural and political review
From කාලීන
An Appeal to the Next President of Sri Lanka by Women Affected by War
We, women directly impacted by war and working on issues of truth and justice, believe that the dawn of the new year in Sri Lanka provides an opening to address several urgent issues. The Presidential Election on 8 January 2015 presents an opportunity to the people of Sri Lanka to decide its future, with the two main contenders being President Mahinda Rajapaksa and Maithripala Sirisena. Since the announcement of elections and campaigning in late 2014, we have observed the promises and pledges by all candidates and hoped there would be recognition of the issues faced by women affected by the…
වෙනසක් සඳහා ඡන්දය දිය යුත්තේ ඇයි? සාධාරණ සමාජයක් සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය
වත්මන් ජනාධිපති තව දුරටත් බලයේ තියාගතයුතුයැයි කියන පිරිස් ඒ සඳහා ඉදිරිපත් කරන තර්ක දෙස මුළින්ම තරමක් අවධානය යොමුකර බලමු. මේ සඳහා මෙවැනි පිරිස් ඉදිරිපත්කරන ඊනියා තර්ක කීපයක් දැකිය හැකිය. ඒ මෙසේය: 1 වෙනි මිත්‍යාව : ජනාධිපතිතුමාට කළ ගුණ දැක්වීම සඳහා: මෙය අතිශයින්ම අමනෝඥ තර්කයකි. රාජ්‍ය පාලනයේ ඉහළ තනතුරු සඳහා පුද්ගලයින් පත්කරනු ලබන්නේ ‘කෘතගුණ දැක්වීම’ සඳහා නොවේ. මහජනයාට තම පොදු අවශ්‍යතා ඉහළ මට්ටමින් සහ කාර්යක්ෂම ලෙස ඉෂ්ට කරවා ගැනීම සඳහාය. ජනාධිපතිතුමා යුද්ධය අවසන් කිරීම මගින් ලංකාවේ ජනයාට සේවයක් කළා නම් සහ එයට කෘතගුණ දැකවිය යුතු යැයි මහජනයා සිතන්නේ නම් ඒ සඳහා වෙනත් ක‍්‍රම සොයාගත යුතුය. ඒ සඳහා ඇති ක‍්‍රමය වන්නේ එතුමාට…
අනාගත පරම්පරාවල නාමයෙන් අපි තීරණාත්මක ලෙස වෙනසකට ක‍්‍රියාකාරී වෙමු
2015 ජනාධිපතිවරණය පිළිබඳව පේරාදෙණිය, කොළඹ, රුහුණ, කැලණිය, විවෘත විශ්වවිද්‍යාලය, ශ‍්‍රී ජයවර්ධනපුර, මොරටුව, පේරාදෙණිය, සබරගමුව, නැගෙනහිර, යාපනය, වයඹ, සෞන්දර්ය කලා යන විශ්වවිද්‍යාලයන්හි ආචාර්යවරුන් විසින් ඉදිරිපත් කෙරෙන ප‍්‍රකාශය 2015 ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කරනු ලැබ ඇත. ඒ නිසා ජනවාරි 08 වැනි දා මැතිවරණයේ දී අප සියලූ දෙනාට මෙරට පුරවැසියන් ලෙස අපගේ ඡුන්දය භාවිත කිරීමට සිදුවනු ඇත. ගැඹුරින් කරුණු සලකා බලා අප එළඹගත් නිගමනය වන්නේ අපේ රට අද වන විට අනාගත පරම්පරා කෙරෙහි තීරණාත්මක බලපෑම් ඇති කරන්නා වූ ඓතිහාසිකව වැදගත් සන්ධිස්ථානයකට එළඹ ඇති බව ය. අප අපේක්ෂා කරන සියලූ වෙනස්කම් එක් රැුයකින් හෝ හුදෙක් ආණ්ඩු මාරුවකින් දිනාගත හැකියයි විශ්වාස නොකරන අපි මෙම එළඹෙන ජනාධිපතිවරණය…
සුවිශේෂ සටනක් – ආචාර්ය සුමති සිවමෝහන්
ආචාර්ය සුමති සිවමෝහන් පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඉදිරියේ එන ජනපතිවරණයේ සුවිශේෂත්වය නම් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ උද්ඝෝෂණය මහෝඝයක් බවට පත්ව තිබීමත් භීෂණය හා අසාධාරණය අවසන් කිරීම සඳහා වන වුවමනාව උච්ඡස්ථානයනට පත්ව තිබීමත්ය. අද ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැක ගැනීම උදෙසා දෝංකාර නංවන මහා හඬක් නැගෙමින් තිබේ. කිසිවකුටත් බලයෙන් වියරුව හිතුවක්කාර ලෙස කටයුතු කළ නොහැකි බවටත් එබඳු ප‍්‍රයත්නයන්ට එරෙහිව හාත්පසින්ම විරෝධයක් නැගෙන බවටත් පාලකයන් වෙත ඉතා පැහැදිලි පණිවිඩයක් නිකුත් වී ඇත. එමෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා අවකාශය වඩා පුළුල් වී ඇත. ජනතාවෝ සිය අපේක්ෂාවන් ඉදිරිපත් කරමින් විවෘතව කතා කරති. විවෘතව ක‍්‍රියා කරති. මගේ අදහස අනුව ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු හුදෙක් පුද්ගලයෙකු ලෙස අදහස් ප‍්‍රකාශ කිරීම හෝ ක‍්‍රියා කිරීම පමණක් නොවේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය…
මග හොඳට තිබේ නම් යන්ට පාරත් පෙනේ නම්…. – ආචාර්ය මයිකල් ප්‍රනාන්දු
කලක් තිස්සේ ව්‍යාකූලව තිබූ තත්වයන් ඉතා ඉක්මනින් නිරවුල් වෙමින් පවතී. රජය හැම ක‍්‍රියාවක්ම සිදු කරන්නේ මෙරටේ මහජනතාව මෝඩ රැළක් සේ සලකමිනි. දූෂණය, භීෂණය මෙන්ම අවනීතිය හා අසාධාරණය ද වසා ගැනීමට යොදා ගන් ලබන්නේ රැවටිලි වදන්ය, රැවටිලි ක‍්‍රියාවන්ය. රජයේ නායකයින්ගේ ක‍්‍රියාවලින් පිළිබිඹු වන්නේ වංචාව, හිරිඔතප් නැති බව මෙන්ම පාදඩ බවයි. වෙනත් අයගේ ත‍්‍රස්තවාදයට රජයේ පිළිතුර ඊටත් වඩා දරුණු ත‍්‍රස්තවාදයයි. අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත‍්‍රණ පිළිබඳව කතා කරමින් සිදු කරන්නේ අධිරාජ්‍යවාදීන්ගේ වුවමනාවන් අනුව කටයුතු කිරීමයි. මේ සියල්ල හළිදරව් වන විට දැන් අලූත් සින්දුවක් පටන් ගෙන තිබේ. ජාතික ආරක්ෂාව හා ස්ථාවරත්වය රැකීම සඳහා අධිකාරීවාදි ඒකාධිපතියෙකු අවශ්‍ය බව දැන් එළි පිටම පවසනු ලැබේ. කුලියට ගත් කලාකරුවන් හා…