‘ ඔබතුමාගේ ආණ්ඩුව නිදහස් අධ්‍යාපනය විනාශ කරමින් සිටියි‘ ජනාධිපති වෙත සන්දේශයක් – විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය ශ‍්‍රී ලංකාව සිය ආකර්ෂණීය සමාජ දර්ශක පිළිබඳ නිදහස ලැබූ දා සිටම ලබන ගෞරවය හා අගයකිරීම් ලැබුණේ මූලික ආයතන දෙකක් ස්ථාපිත කිරීම හා ආරක්ෂා කිරීම නිසාය. ඒ මූලික ආයතන දෙක වූකලි නිදහස් සෞඛ්‍ය සේවය හා නිදහස් අධ්‍යාපන සේවයයි. මේ අංශ දෙක නිසා කිසිම කෙනෙකුට වෙනස්කම් කිරීමක් නොමැතිව මූලික අයිතිවාසිකම් දෙකක් ආරක්ෂා කිරීමට ශ‍්‍රී ලංකාවට හැකි විය. සංවර්ධිත යැයි ප‍්‍රසිද්ධ රටවල්, තමන්ගේ ධනවත්බව කෙසේ වෙතත්, මේ නිදහස් සෞඛය හා නිදහස් අධ්‍යාපනය යන ඉලක්ක දෙක සපුරා ගැනීමට තවමත් තැත් දරමින් සිටියි. ඒ නිසා අප ලබා ඇති…
'kathika' social, cultural and political review
From කාලීන
කුමාර් සහ දිමුතුගේ පැහැර ගැනීම් සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි අදහස් දක්වයි
‘අපට සුරංගනා කථා කියන්න එපා!‘ කුමාර් සහ දිමුතුගේ පැහැර ගැනීම් සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි අදහස් දක්වයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යමකාරක සභිකයින් වන කුමාර් ගුණරත්නම් මහතා සහ දිමුතු ආටිගල මෙනවිය රජයේ ආරක්ෂක අංශ විසින් පැහැරගෙන යාම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නායකයින් සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරකයින් පිරිසක් ඊයේ (10) මාධ්‍ය හමුවක් කැඳවමින් අදහස් දැක්වූහ. එහිදී විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි දැක්වූ අදහස් පහත දැක්වේ. වීඩියෝව පහත බලන්න.
මේ අතුරුදහන් කිරීම් ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝගයක් ! – විද්වත්තු කියති
මේ අතුරුදහන් කිරීම් ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝගයක් ! – විද්වත්තු කියති සමාජවාදී පෙරටුගාමී පක්ෂයේ නායකත්වයට යෝජනා වී සිටින ප්‍රේම්කුමාර් ගුණරත්නම් සහ එම පක්ෂයේ ජාත්‍යන්තර සහ කාන්තා කටයුතු ලේකම්වරිය වන දිමුතු ආටිගල යන දේශපාලන ක්‍රියාකාරීන් පැහැරගැනීමට ලක්වීම තරයේ හෙළා දකින බවත්, එය දේශපාලනය කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහසට එල්ල වී ඇති අහියෝගයක් ලෙස තමන් භාරගන්නා බවත් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, කලාකරුවන් , මාධ්‍ය සහ දේශපාලන ක්‍රියාකාරිකයින් ගණනාවක්ම අද(8) කොළඹ දී මාධ්‍ය හමුවකට එක් වෙමින් පැවසීය. පාතාල නායකයින් පැහැරගනිමින් ද, ඔවුන් මරා දමමින් ද ඇරඹුණු මෙම පැහැරගැනීම් සහ අතුරුදන් කිරීම් ප්‍රවණතාව අද ප්‍රසිද්ධියේ දේශපාලන කටයුතු වල නියැලෙන දේශපාලන ක්‍රියාකාරීන් පැහැරගැනීම දක්වා වර්ධනය වීම සාමාන්‍ය තත්වයක් සේ නොගත…
සිදුවීමට ඉඩ ඇතැයි අප බියපත් වූ දෙය දැන් සිදු වී තිබේ
සිදුවීමට ඉඩ ඇතැයි අප බියපත් වූ දෙය දැන් සිදු වී තිබේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය ප්‍රසිද්ධ පක්ෂ සම්මේලනයක් පවත්වා මහජන තලයේ දේශපාලනයට නිල වශයෙන් පිවිසීමට දින දෙකකට පෙර එම පක්ෂයේ නායකයන් වන කුමාර් ගුණරත්නම් සහ දිමුතු ආටිගල පැහැර ගැනීම පශ්චාත් යුද ලංකාවේ සාමකාමී සහ ස්ථායී දේශපාලන සහ සමාජීය පසුබිමක් ගොඩ නඟාගැනීමට ලාංකේය ජනයා තුළ ඇති අභිලාෂයට බලවත් පහරකි. අලුතින් දේශපාලන පක්ෂ සහ සංවිධාන බිහිවීම අප සමාජයේ දේශපාලන සාකච්ඡාව පුළුල් සහ ගැඹුරු කරන්නට හේතු විය හැකිය. දකුණේ හෝ උතුරේ වුව ජනයාට, විශේෂයෙන් තරුණ ජනයාට විවෘත දේශපාලනයේ යෙදීමට අවකාශය සකසා දීමෙන් දේශපාලන අභිලාෂයන් පාතාලභූමි ගත වීම වළක්වා අප සමාජය යහපත් එකක් බවට පත්…
කුමාර් ගුණරත්නම් හා දිමුතු ආටිගල ඉන්නේ ආරක්ෂක අංශ අත්අඩංගුවේ – සේනාධීර ගුණතිලක
කුමාර් ගුණරත්නම් හා දිමුතු ආටිගල ඉන්නේ ආරක්ෂක අංශ අත්අඩංගුවේ – සේනාධීර ගුණතිලක කුමාර් ගුණරත්නම් මහතා සහ දිමුතු ආටිගල මෙනවිය අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ආරක්ෂක අංශවලින් බව පැහැදිලි යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජික සේනාධීර ගුණතිලක මහතා පැවසීය. ප්‍රේමකුමාර් ගුණරත්නම් මහතා පසුපස හා පක්ෂය පිටුපස මර්දනය හඹා ආ බවත් ඒ නිසා ඔහු කිසියම් ආරක්ෂක වැඩපිළිවෙළක් සහිතව දේශපාලනය කළ බවත් පැවසූ සේනාධීර ගුණතිලක මහතා ඔහුගේ බිරිඳ හා දරුවන් දිවයිනට පැමිණි අවස්ථාවේදී ඔවුන් ගුවන් තොටුපලේ රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් හා ඔවුන් යන එන තැන් හඹා යාමෙන් ඒ බව පැහැදිලි වන්නේ යැයිද පැවසීය. සේනාධීර ගුණතිලක මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය. ඉතිරිය බලන්න
අධිකරණය විසින්ම අධිකරණයේ ස්වාධිපත්‍ය නැති කරලා
අධිකරණය විසින්ම අධිකරණයේ ස්වාධිපත්‍ය නැති කරලා නීතිපති දෙපාර්තමේන්තුව දේශපාලනීකරණය වී ඇතැයි හිටපු මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.එම්.පී. වරාවැව පවසයි. ඔහු ඒ බව පැවසුවේ ජීවිතයට යුක්තිය සම්මන්ත්‍රණ මාලාවේ තෙවැනි අදියරට එක් වෙමිනි. එය පැවැත්වුණේ මහනුවර ඊ.එල්.සේනානායක පුස්තකාල ශ්‍රවණාගාරයේදීය. එහිදී අදහස් දක්වමින් හිටපු මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.එම්.පී. වරාවැව මෙසේ පැවසීය. http://www.newsfirst.lk/sinhala-news/?view=news_more&id=6522