අවුන් සාන් සූ චී අපේ කාලයේ වීරවරියකි! ථෙරවාදී බුරුමය ප්‍රජාතන්ත්‍රවාදී මඟ ගනියි!! බුරුමයේ නැතහොත් මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ලීගයේ නායිකා නෝබෙල් ත්‍යාගලාභී අවුන් සාන් සූ චී (Aung San Suu Kyi) අවුරුදු 20 ක් පුරා ඇය ගත කළ නිවාස අඩස්සියෙන් නිදහස්ව එරට පාර්ලිමේන්තු මැතිවරණයකට සහභාගී වී ජය ලබා සිටින්නීය. 1990 දී ඇගේ පක්ෂය ලැබූ මැතිවරණ ජයග්‍රහණය තුවක්කුවේ බලයෙන් පාගා දමමින් හමුදා කුමන්ත්‍රණයකින් බලය පැහැර ගෙන අවුරුදු 20 ක් පුරා බුරුම ජනතාව ඒකාධිපති පාලනයට යටත් කොට ගෙන සිටි එරට මිලිටරි ජුන්ටාවට අවුන් සාන් සූ චී ගේ අප්‍රතිහත අධිෂ්ඨානය සහ ලොව ප්‍රජාතන්ත්‍රහිතකාමී ජනතාවන්ගේ විරෝධය මැද යළිත් ප්‍රජාතන්ත්‍රවාදයට එරට විවෘත කරන්නට සිදුවීම අපේ යුගයේ…
'kathika' social, cultural and political review
From කාලීන
රාජ්‍ය විශ්ව විද්‍යාල පිළිබඳ වර්තමාන රජයේ ප‍්‍රතිපත්තිය හා ආකල්පය පිළිකුල් සහගතය – The government policy and attitudes on state funded University education is despicable
රාජ්‍ය විශ්ව විද්‍යාල පිළිබඳ වර්තමාන රජයේ ප‍්‍රතිපත්තිය හා ආකල්පය පිළිකුල් සහගතය – වෘත්තීය ක‍්‍රියාමාර්ග නැවත ආරම්භ කිරීම පිළිබඳ විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ප‍්‍රකාශය – FUTA Statement on Resuming Trade Union Action රටට අවශ්‍ය කරන ආකාරයේ උසස් අධ්‍යාපන ප‍්‍රතිපත්තියක් වර්ධනය කිරීම පිණිස විශ්ව විද්‍යාල ආචාර්ය ප‍්‍රජාව සමග එක්ව කටයුතු කිරීම උදෙසා වර්තමාන රජය උනන්දුවක් නොදැක්වීම පිළිබඳ විරෝධය පෑම සඳහා නැවත වෘත්තීය සටන් ක‍්‍රියාමාර්ග ආරම්භ කිරීමට විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය තීරණය කර තිබේ. වර්ෂ 2012 අය වැයේදී උසස් අධ්‍යාපනය සඳහා ප‍්‍රතිපාදන වෙන් කර ඇති ආකාරය, සාවද්‍ය සේ සංකල්ප ගත කර ඇති දැනට පවත්නා උසස් අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ යෝජනා, විශ්ව විද්‍යාලවල මානව…
විනිසුරුවරයා නොපැකිලව සාධාරණත්වය වෙනුවෙන් ක්‍රියා කළ යුතුයි
විනිසුරුවරයා නොපැකිලව සාධාරණත්වය වෙනුවෙන් ක්‍රියා කළ යුතුයි හිටපු මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්. ටී. එම්. පී. බී. වරාවැව මෙයට ඇති හොඳ නිදසුනක් නම් ජයවර්ධන ජනාධිපතිවරයාගේ පාලන සමයේදී නෙවිල් සමරකෝන් මහතා අගවිනිසුරු ලෙස පත් කිරීම දැක්‌විය හැකියි. සමරකෝන් මහතාව පත් කළ විධායකයේ ඕනෑ එපාකම් ඉටු කිරීමට ඔහු ගියේ නෑ. සමරකෝන් අගවිනිසුරුවරුන්ගේ අභිමානය රැකගත් විනිසුරුවරයෙක් ලෙස අදටත් ඒ පිළිබඳව දන්නා ජනතාව ගෞරවයෙන් සිහිපත් කරනවා. ඉතිහාසයේ බොහෝ රටවල පැවතියේ රාජාණ්‌ඩු පාලන ක්‍රමයන්, සෑම බලයක්‌ම රජු වෙත පැවරී තිබුණා. සියල්ලේම අවසානය තීරණය කරනු ලැබුයේ රජතුමා විසිනුයි. ලෝකය පුරා ඇතිවූ විවිධ විප්ලවයන් ලිබරල්වාදී ප්‍රජාතන්ත්‍ර පාලන ක්‍රමයන් ව්‍යාප්ත වීමට බලපානු ලැබුවා. එහිදී රජු වෙත හිමිව තිබූ අධිකරණ බලතල…
සංවර්ධනයද? විනාශයද?
‘අධිවේගී මාර්ගය සාර්ථකයැයි කිව හැක්කේ ඇතුළත පිහිටි නගර සංවර්ධනය වුවහොත් පමණයි‘
“මට හිතෙන්නේ කොළඹ තිබෙන තදබදයට පිළියම වෙන්නේ අධිවේගී මාර්ගවත් ගුවන් පාලම්වත් නෙමෙයි. පොදු ප‍්‍රවාහන සේවාව දියුණු කිරීමයි. අවශ්‍ය නවීන තාක්ෂණයෙන් යුක්ත, හැමෝටම යන්න පුළුවන්, කොළඹට වැඩි ප‍්‍රමාණයක් ගෙනෙන්න පුළුවන් මිල මුදලක් අඩුකරන පරිසරයක් රකින පොදු ප‍්‍රවාහන සේවාවකුයි අවශ්‍ය වන්නේ.“ “තදබදය ඇතිවෙලා තියෙන්නේ, පෞද්ගලික වාහනවලින් එන නිසා. පෞද්ගලික වාහන අයිතිකාරයන්වත් පාවිච්චිකරන්නවත් එපා කියලා කියන්න අපිට බැහැ. නමුත් අපිට විකල්පයක් දෙන්න පුළුවන් ඔවුන්ට වාහනයක් තිබුණ වුණත් ඒක ගෙදර තියලා පොදු ප‍්‍රවාහනයෙන් එන්න. ඒ සඳහා ඉතා හොඳ පොදු ප‍්‍රවාහන සේවයක් තිබිය යුතුයි. ආකර්ෂණශීලී පොදුප‍්‍රවාහනයක් තිබිය යුතුයි. මේ වෙනකොට ඉන්දියාවේ නගර 6කට වඩා බස්වලට ප‍්‍රමුඛතාව දීලා ඉතා හොඳ තත්ත්වයේ බස් සේවාවකට ගැළපෙන මාර්ග නිර්මාණය…
මරණ සහතික නැති, නීතිය හමුදාව අතැති, අධිකරණයට අපහාස කළ හැකි අමුතු රටක්
මරණ සහතික නොලැබුණු මරණ, දකුණේ අලූත් දෙයක් නොවුනි. හේතු නැති මරණ ද අලූත් නැත. වෙනසකට ඇත්තේ එවැනි වූ තත්ත්වය දකුණේ දිගටම නොපැවතීම ය. එය වසරක් හමාරක් ඇතුළත සාමාන්‍ය, පිළිගත් සමාජ පැවැත්මකට මාරු විය. ඒ ව්‍යසනයෙහි එක් පංගුකාරයෙකු වූ ජනතා විමුක්ති පෙරමුණ ද ශිෂ්ඨ දේශපාලනයට පිවිස, පළාත් සභා මැතිවරණ වලට පවා ඉදිරිපත් වූහ. මේ එවැනි කිසිදු සාමාන්‍යකරණයකට ඉඩ නොතැබෙන රටකි. වසර දෙකකුත් හමාරක් ගත වී, එහි තවමත් මරණ සහතික ගැන කතා නැත. අධිකරණ කි‍්‍රයාවලියට පිටින් කටයුතු කිරීමේ බලයක් හමුදාවට ඇත. එනිසා අධිකරණයට නීතිපති ලබා දෙන පොරොන්දු, හමුදාවට අදාල නැත. පවතින නීතියට පිටින්, සුද්දන් ‘‘මුඩු බිම් පණත’’ කි‍්‍රයාත්මක කළ අයුරු, ඉඩම් කොමසාරිස්…
