ජනතා විමුක්ති පෙරමුණේ වාම කණ්ඩායම මහජන තලයේ දේශපාලනයට කැඳවිය යුතුයි ජනතා විමුක්ති පෙරමුණ තුළ වාම කණ්ඩායමක් යලිත් මතුව ඒම පෙන්නුම් කරන්නේ, දේශපාලනයෙහි නිරත වීමෙහි ලා තරුණ තරුණියන් තුළ ඇති බලවත් අවශ්‍යතාව, මහජන පරිමණ්ඩලයේ පෙනී සිට, බැබළී තම විශිෂ්ටත්වය ලොවට පෙන්නුම් කිරීමට ඔවුන් තුළ ඇති අවශ්‍යතාව කුමන දුෂ්කර තත්වයන් තුළ පවා යටපත් නොවන බවයි. මෙම වාම කණ්ඩායම ඔවුන් නවලිබරල්වාදය පිළිබඳ විවේචනයක් ගොඩනැංවීම සහ සමාජවාදය පතා කටයුතු කරන බව පැවසීමත් සියලු ජනවර්ගයන්ට සාධාරණත්වය ඉටුවන සේ ලංකාවේ දේශපාලන ව්‍යුහය සකස්විය යුතුයැයි කියා සිටීම ත් අප විසින් සැළකිය යුත්තේ සාධනීය දෙයක් ලෙසිනි. ලාංකේය ජනතාව නව ලිබරල්වාද ප්‍රතික්ෂේපකොට ඇතැයි මහින්ද චින්තන ඉදිරි දැක්ම ප්‍රකාශනයේ සඳහන්…
'kathika' social, cultural and political review
From කාලීන
පෞද්ගලික දේපළ අයිතිය: මිව්ස් වීදියේ වැසියනට නීතිමය අයිතිය තිබුණූ නිවාස සහ වෙළෙඳ ව්‍යාපාර වල ඉරණම
සංවර්ධනය ද? ප්‍රජාතන්ත්‍රවාදය ද? දෙකම! – පුරවැසියා විසිනි ඉදිරියේ ඇති නාගරික ඡන්දය, සංවර්ධනය සහ නගරයේ පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් අතර ගැටුමක ජය පරාජය තීරණය කෙරෙන සටනක් බවට පත්වන්නේ නම් එය නගරයේත් රටේත් යහපතට හේතු නොවේ. සංවර්ධනය පිළිබඳ දේශපාලනඥයන්ගේ, සැලසුම්කරුවන්ගේ සහ ඉංජිනේරුවන්ගේ අරමුණු නගරයේ පුරවැසි අපේක්ෂාවන් සමඟ ගැටීමට මූලික හේතුව නාගරික සංවර්ධන සැළසුම් සහ ක්‍රියාත්මක කිරීම් පුරවැසියන්ගේ සහභාගීත්වයෙන් සහ එකඟත්වයෙන් කළ යුතු බවට අවබෝධයක් මුලින් කී කණ්ඩායමට නොතිබීමයි. මේ බව නාගරික සංවර්ධනය සම්බන්ධයෙන් එකී කණ්ඩායම ගත් හැම ක්‍රියාමාර්ගයකදීම මෙන් ප්‍රකාශ විය. ඔවුන්ගේ විශ්වාසය නගරය සංවර්ධනය කළ යුතු ආකාරය තමන් මැනවින් දන්නා හෙයින් ඒ සඳහා අනුන් විමසීම අවශ්‍ය නොවන බව යැයි පෙනේ. ඔවුන්ට…
පරමාදර්ශී නගරය: සංචාරකයන්ට සහ පොහොසතුන්ට පමණක් ද? – පුරවැසියා විසිනි
පෞද්ගලික දේපළ අයිතිය: මිව්ස් වීදියේ වැසියනට නීතිමය අයිතිය තිබුණූ නිවාස සහ වෙළෙඳ ව්‍යාපාර වල ඉරණම තිසරණී ගුණසේකර, 2011 / 10/ 02 සන්ඩේ ලීඩර් පුවත් පතට ලියූ The Octopus And Its Tentacles නමැති ලිපියෙන් උපුටා ගැණුනි. “ “ තමන්ගේ ගොඩනැගිලි සහ ව්‍යුහයන් සඳහා නීත්‍යානුකූල ලිපිලේඛන තමන් සතුව ඇති කිසිදු ගෘහයකට හෝ වෙළඳ ව්‍යාපාරයකට හානියක් නොවනු ඇත.“ – රාජ්‍ය ආරක්ෂක ලේකමි(ඩේලි නිව්ස් – 27.9.2011). පහත වීඩියෝ පටය අනාවරණය කරන පරිදි 2010 මැයි මස තම නිවාස වලින් ඉවත් කරන ලැබූ (කොළඹ, කොම්පඤ්ඤවීදියේ) මිව්ස් වීදියේ වැසියනට නීතිමය අයිතිය තිබුණූ නමුත් ඔවුන්ගේ නිවාස/ කුඩා වෙළෙඳ ව්‍යාපාර උතුරේ සහ නැගෙනහිර සිවිල් දෙමළ වැසියන් නුපුරුදු යැයි දකිනු…
පරමාදර්ශී නගරය: සංචාරකයන්ට සහ පොහොසතුන්ට පමණක් ද? – පුරවැසියා විසිනි
පරමාදර්ශී නගරය: සංචාරකයන්ට සහ පොහොසතුන්ට පමණක් ද? – පුරවැසියා විසිනි දැන් නගර සභා, මහ නගර සභා ඡන්ද කරලියට පැමිණ තිබේ. මෙම ඡන්ද පැවැත්වෙන්නේ නාගරික සංවර්ධනය පිළිබඳ නව උනන්දුවක් ලංකාවේ ඇති වී තිබෙන අවස්ථාවක ය. මෙම සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රධාන අරමුණ වන්නේ ආර්ථික සංවර්ධනය උදෙසා සංචාරකයන් වැඩියෙන් අද්දා ගැනීම ය. ඒ සඳහා නගර අලංකරණයට කොළඹ නගර සභාව මේ දිනවල යොමුවී තිබේ. ඊට ම සම්බන්ධව නගරයේ සමාජීය ජීවිතය ප්‍රතිසංවිධානය කිරීමේ අරමුණින් එහි පරිසරයේ විවිධ වෙනස් කම්, මැදිහත්වීම් ඇති කෙරෙමින් පවතී. මෙයින් සමහරක්, උදාහරණයක් වශයෙන් රථවාහන ගමනාගමනය ප්‍රතිසංවිධානය, යුද්ධය සමයේ ඇරඹී දැන් වැඩි දියුණු කෙරෙන ඒවාය. පදික වෙළෙඳුන් ඇතුලු ස්වයං රැකියාවල යෙදෙන්නන් යළි ස්ථාන…
අද ඇති අභියෝගය: “මහින්ද රාජපක්‍ෂ රජය ධනවාදී සංවර්ධන මාර්ගය ගැනීම” ගුණදාස අමරසේකර
අද ඇති අභියෝගය: “මහින්ද රාජපක්‍ෂ රජය ධනවාදී සංවර්ධන මාර්ගය ගැනීම” ගුණදාස අමරසේකර වසර තිහක් තිස්‌සේ පැවැති ත්‍රස්‌තවාදය මුලිනුපුටා දමා රට ජාතිය බේරාගත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා මේ රට සංවර්ධනය කිරීමේ මාවත වෙත දැන් එළඹ ඇති බව පෙනේ. ත්‍රස්‌තවාදයට හේතුව දුගී දුප්පත්කම බව වටහා ගැනීම මෙවන් සංවර්ධනයක් දියත් කිරීමට මුල්වන්නට ඇත. මෙහිදී අප විසින් ඇසිය යුතු ප්‍රශ්නයක් ඇතැයි මම සිතමි. ධනවාදී මාර්ගය ගෙන කරන සංවර්ධනයෙන් දුප්පත්කම නැතිවේද? ධනවාදය මගින් කරන සංවර්ධනයේ ප්‍රතිලාභ දුප්පතුන් වෙත ලැබෙන්නේ “අතපල්ලෙන් හැලෙන” න්‍යායට අනුව බව අපි ඉහතින් දැක්‌වීමු. මහින්ද රාජපක්‍ෂ රජය සිය සංවර්ධන මාර්ගය ලෙස තෝරා ගෙන ඇත්තේ මේ අත පල්ලෙන් හැලෙන න්‍යාය උඩ ක්‍රියාත්මක වන ධනවාදී…
අපේ ජයග‍්‍රහණ අපේ පරාජයන් හා ඉදිරි කි‍්‍රයා මාර්ග
අපේ ජයග‍්‍රහණ අපේ පරාජයන් හා ඉදිරි කි‍්‍රයා මාර්ග – වෘත්තීය ක‍්‍රියා මාර්ග අත්හිටුවීම පිළිබඳ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනයේ නිවේදනය 2011 මාර්තු 15 වැනිදා එක් දින සංකේත වැඩ වර්ජනයකින් ආරම්භ කර මැයි 9 වැනි ස්වේච්ඡා තනතුරුවලින් ඉල්ලා අස් වී, ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාලවල සේවය කරන ආචාර්යවරුන්ට රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය ආරක්ෂා කිරීමට උපකාර වන අන්දමේ ගෞරවනීය වැටුපක් ලබා ලබා දෙන මෙන් ඉල්ලා දියත් කරන ලද වෘත්තීය කි‍්‍රයා මාර්ගය අත්හිටුවීමට විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ විධායක කමිටුව 2011 ජූලි මස 21 වැනි දින රැුස් වී තීරණය කළේය. මෙසේ වෘත්තීය ක‍්‍රියා මාර්ගය අත්හිටුවීමේ ප‍්‍රධාන හේතුව වූයේ අධ්‍යයන පාඨමාලාවලට දීර්ඝ කාලීන බාධා…