From කාලීන

පෞද්ගලික විශ්වවිද්‍යාල හකුළා ගනු – සුචරිත ගම්ලත්

පෞද්ගලික විශ්වවිද්‍යාල හකුළා ගනු සුචරිත ගම්ලත් අප මෙම ලිපිය පළකරන්නේ සුචරිත ගම්ලත් එහි ලා පළ කරන සියලු අදහස් හෝ ඔහු ගේ එළඹුම ඒ ආකාරයෙන්ම පිළිගන්නා නිසා නොව ඇතැම් තැනක අතිශයෝක්තියෙන් අවධාරණය කරමින් වුව ඔහු මතුකරන කරුණු සාකච්ඡා කිරීම වැදගත් යැයි අප සිතන හෙයිනි. පෞද්ගලික විශ්ව විද්‍යාල-විදේශීය විශ්ව විද්‍යාලවල ශාඛා-ශ්‍රී ලංකාවේ පිහිටුවන බව උසස් අධ්‍යාපන ඇමැති එස්. බී . දිසානායක කියයි. මේ ගැන විවාදයක් මතුවී ඇත. සමහරු මේ සැලසුම හොඳ යයි කියති. ඇතැම්හු එය හානිකර යයි කියති. එහෙත් මෙසේ කියන එකෙකුවත් ප්‍රශ්නයේ සෑම පැත්තක් ම සලකා කිරා මැන බලා කථා කරන බවක් නො පෙනේ. අපේ රටේ දැනට මත් විශ්ව විද්‍යාල ගණනාවක්…

මිඩ්ල්සෙක්ස් සරසවි සිසුහු දර්ශන අධ්‍යයන අංශය රැක ගැනීමට සටන් වදිති!

මිඩ්ල්සෙක්ස් සරසවි සිසුහු දර්ශන අධ්‍යයන අංශය රැක ගැනීමට සටන් වදිති! ලොව පුරා දාර්ශනිකයෝ තීරණය වෙනස් කරන ලෙස සරසවියෙන් ඉල්ලති!! Students at Middlesex University are now occupying the main administrative building of the Trent Park campus, Middlesex University, demanding a reversal of this irrational decision. Lot’s of people have come in support of us, giving presentations, lectures, songs, even a ‘socialist magic show’. We had a meeting with the university administration but it was not very successful, both the parties were playing hardball and it ended at a dead end. The occupation started on Tuesday the 4th of May, by occupying…

මේ දර්ශන අධ්‍යයන අංශ වසා දැමෙනා කාලය යි!

මේ දර්ශන අධ්‍යයන අංශ වසා දැමෙනා කාලය යි! බ්‍රිතාන්‍යයේ මිඩ්ල්සෙක්ස් සරසවියේ දර්ශන අධ්‍යයන අංශයේ ශාස්ත්‍ර අධ්‍යයනයේ නිරතව සිටින වංගීස සුමනසේකරයන් අපට දන්වා සිටින්නේ එම අධ්‍යයන අංශය වසා දමන්නට තීරණය කොට ඇති බව විශ්ව විද්‍යාල කළමනාකරණය මෙම අප්‍රේල් 26 දින දැනුම් දී ඇති බවයි. යුරෝපා මහාද්වීපික දර්ශනය අධ්‍යයනය පිළිබඳ ජගත් කීර්තියක් දිනා ඇති මෙම අධ්‍යයන අංශය වසා දැමීමට හේතුව වශයෙන් විශ්ව විද්‍යාල කළමනාකරණය දක්වා ඇත්තේ මෙම අධ්‍යයන අංශය විශ්ව විද්‍යාලයයට ඇති තරම් ලාභ නොගෙනීමයි. මෙම තීරණයට එරෙහිව නැගෙමින් පවතින ජගත් විරෝධයේ කොටස් කරුවෙකු වෙමින් ඒ වෙනුවෙන් අත්සන් කෙරෙන පෙත්සමට ඔබේ අත්සන ද එකතු කරන්න මෙතැනට යන්න. http://www.gopetition.com/petitions/save-middlesex-philosophy.html පහත වෙබ් අඩවි ද…

කවි

21 වන සියවසේ සිංහල – බෞද්ධ ඡන්ද දායකයාගේ විචාරාත්මක හෘදසාක්ෂියේ කවිය නිර්මාල් රංජිත් දේවසිරි විසිනි චම්පික මැතිදු පිං දී තිබුණි සැමට මනාප දුන් එතුමන්ට සෙස්සන් පිදුවේ “ප්‍රණාමය”, “උපහාරය” වැනි ලාභ වදන් පමණි ඒවා කන්නද? “පිං” ඒ වගේද? ලබන ආත්මේ කැබිනට් ඇමති කෙනෙක් නැතිනම්, කැබිනට් නොවන ඇමති කෙනෙක් ඒත් නැතිනම් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කෙනෙක් (අධීක්ෂක බලයද ඇතිව) අඩුම වශයෙන් විපක්ෂ මන්ත්‍රී කෙනෙක්වත් වී උපදින්නට ඒ පිං මදි නොවේවිද? හදිසියේම සිහිවුණි 20 වන සියවසේදි “සැඳෑ බලය” ගැනැ කුමරතුඟු මුනිදස් පඩිතුමන් කි වදන් “ඔබට ලැබී ඇති සැඳෑ බලය සිහලුනි දීන කම නසන ගුරු ක‍ෙමකි නොදෙ‍විනි අණට බණට මිලයට දුනහොතිනි රටට පිහිට කවරද විමසව්…

සුලුතරයන් කුමන මාවතක් තෝරා ගනු ඇත් ද? – සංකජය නානායක්කාර විසිනි

2010 ජනාධිපතිවරණය පිළිබඳ පසුවදනක්: වාර්ගික සුලුතරයන් කුමන මාවතක් තෝරා ගනු ඇත් ද? – සංකජය නානායක්කාර විසිනි මෙම මැතිවරණයේ දී දෙමළ සහ මුස්ලිම් ජනතාව ආණ්ඩුව තුළ සිටින තම ප්‍රජාවන්ගේ නියෝජිතයන් පුස්සන් බවට පත් කළෝය. මෙමගින් ඔවුන් කර ඇත්තේ ආන්ඩුව තුළ වූ තමන්ගේ කේවල් කිරීමේ බලය දිය කර හැරීමය. ඔවුන් ජනාධිපතිවරයා සිංහල අන්තවාදීන් ගේ ප්‍රාන ඇපකරුවකු බවට පත් කර ඇත. දෙමළ ඇතුලු වාර්ගික සුලුතරයන් හට තෝරා ගැනීම සදහා මාවත් දෙකක් ඇත. බෙදුම්වාදය එක් මාවතකි. මෙම මාවතේ තවදුරටත් ගමන් කළහොත් නුදුරු අනාගතයේ දී ලංකාවේ දෙමළ ජාතියක නෂ්ඨාවශේෂ පවා සොයා ගැනීමට අපහසු වේ. ටොරොන්ටෝවේ, ලංඩනයේ සහ පැරිසියේ දෙවැනි කැලෑසියේ පුරවැසියන් ලෙස ජීවත්වීම පමණි ඔවුන්…

2010 ජනාධිපතිවරණය- දුෂ්ඨ බලවේගයන්ගේ අශුද්ධ සන්ධානය – විදුර ප‍්‍රභාත් මුණසිංහ විසිනි

2010 ජනාධිපතිවරණය- දුෂ්ඨ බලවේගයන්ගේ අශුද්ධ සන්ධානය – විදුර ප‍්‍රභාත් මුණසිංහ විසිනි හෙට 2010 ජනාධිපතිවරණය පැවැත්වෙයි. මීට මාස 8 කට පමණ පෙර මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා සමග තරඟ කිරීමට සිතීම පවා කෙනෙකු කරන්නේ කෙසේදැයි ඇසූ සමාජයක් වෙනදා පුරුදු ඡුන්දයකදී මෙන්ම දෙපිලකට බෙදී සිටින්නේ එකී මහින්ද රාජපක්‍ෂ එහි අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත්ව සිටියදීමය. ඔහුගේ ප‍්‍රතිවාදියා ලෙස යුධ ජයග‍්‍රහණයේදී ඔහු සමඟ සිටි ඔහුගේ යුධ හමුදාපතිවරයා ඉදිරිපත්ව සිටියි. දෙපාර්ශ්වයම යුධ ජයග‍්‍රහණයේ සුජාත අයිතිය තමන්ට හිමිවිය යුතු බව කියා සිටිති. මෙවන් සන්දර්භයක් තුල වර්තමාන නිමේෂයෙහි කිසියම් මූල බීජයක් යුධ ජයග‍්‍රහණයේ නිමේෂය හා බැඳී පවතින්නේ යැයි සිතිය හැක. එබැවින් වර්තමාන මෙහොත පිලනිබඳ උදහසක් දැක්වීමට ප‍්‍රවේශයක් ලෙස 2009. 05.…