වෙළඳපොළට සෑම ගැටලුවක්ම විසඳිය හැකි යැයි අවධාරනය කරන නව-ලිබරල් මිථ්‍යාවේ අනෙක් පැත්ත නම්, ජනතාවගේ ජීවිතය දුෂ්කර කිරීම හැර රජයට කළ හැකි දෙය ස්වල්පයකි යන විශ්වාසයයි. නව-ලිබරල්වාදය සාමූහික යහපත පිළිබඳ අදහස නිදහස් වෙළඳපොළ ආර්ථිකය සහ රජය අතර ප්‍රශ්නයක් බවට පත් කරයි. පෞද්ගලික ධනේශ්වර අංශය සහ සාමූහික ජීවිතයේ දේශපාලන මෙවලම වන රජය අතර තෝරා ගැනීමක් ලෙස ප්‍රශ්නය මතු කිරීම, නොමඟ යවන සුළු ය……ආර්ථිකයේ තීරණාත්මක මූලධර්මය ලෙස වෙළඳපොළ ගැනීම යටතේ පවතින විශ්වාසය නම්, වෙළඳපොළේ හුවමාරුවේදී පුද්ගලයන් තමන්ට යහපත් දේ නිදහසේ තීරණය කරන බවයි. මෙහිදී, සාමූහික ජීවිතයේ යහපත, ප්‍රජාව සෑදෙන පුද්ගලයන්ගේ තනි තනි යහපත් දේවල එකතුව ලෙස සංකල්පනය කෙරේ. ‘පොදු යහපත’ පිළිබඳ එවැනි අවබෝධයක ප්‍රධාන සැලකිල්ල වන්නේ, පුද්ගල භාණ්ඩ සැපයීම තුළින් තනි තනි පුද්ගලයන්ගේ ‘සුබසාධනය’ යි. එබැවින්, පොදු යහපතේ මඟ පෙන්වන මූලධර්මය ලෙස අප වෙළඳපොළ ආර්ථිකය යෝජනා කරන විට, යටින් පවතින අදහස වන්නේ පුද්ගල යහපත උත්තරීතර වන අතර, පොදු යහපත එසේ නොවන බවයි.
'kathika' social, cultural and political review
From කුමුදු කුසුම් කුමාර
දේශපාලනයට එරෙහිව සමාජය – හනා ආරන්ඩ්ට් කියවීම
හනා ආරන්ඩ්ට් තම The Origins of Totalitarianism (1951) නමැති කෘතියෙහි, ස්ටාලින්වාදය, නාට්සිවාදය සමඟ එකට තබා සර්වාධිකාරවාදයක් ලෙස හඳුනාගත්තාය. නමුත්, පසුව, කාල් මාක්ස් පිළිබඳ තම වැඩිදුර අධ්‍යයනයේදී වටහා ගත් දෙයක් ලෙස ඇය සඳහන් කළේ, මාක්ස් ගැන වැඩි වැඩියෙන් කියවන තරමට තමා වැඩි වැඩියෙන් දැනුවත් වූයේ යුරෝපයේ සර්වාධිකාරවාදය නැඟීමෙන් බිඳ දමන ලද සම්ප්‍රදාය පස මාක්ස් සිටින බවයි.…
නවලිබරල්වාදයට එරෙහිව “සභ්‍යත්ව රාජ්‍යය” ? – කුමුදු කුසුම් කුමාර
– බෞද්ධ හෘදය සාක්ෂිය අහිමි සුළු ධනේශ්වරයේ නැගීම සහ “සංවර්ධනය” නාමයෙන් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය වැනසීම (2018 මැයි 16වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශ ශ්‍රවනාගාරයේ දී පැවැත්වුණු,කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශය සහ සමාජ විද්‍යා ආදි විද්‍යාර්ථින්ගේ සංගමය සහ සමාජ විද්‍යාඥයන්ගේ සංගමය සංවිධානය කළ,ආචාර්ය නිව්ටන් ගුණසිංහ 30 වැනි ගුණානුස්මරණ දේශනයෙන් (2107-2018) සකස් කරන ලද ලිපියකි.) ( සම්පූර්ණ දේශන…
ලාංකේය නව වම ලිබරල්කරණය වීම සහ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව තාක්‍ෂණිකවාදී, කළමනාකරණවාදී එළඹුම නැගීම – කුමුදු කුසුම් කුමාර
“………අවශ්‍යවන්නේ වෘත්තීය මට්ටමින්, තාක්‍ෂණික මට්ටමින්, කළමනාකරණ මට්ටමින් රට ප්‍රතිසංවිධානය කළ හැකි අවංක පිරිසක් අතට ආණ්ඩු බලය පැවරීමය යන්න ඔවුන්ගේ මතයයි. දේශපාලඥයන්ගේ සහ නිලධාරීන්ගේ දූෂණයට සහ වංචාවට එරෙහිව හඬක් පසුගිය කාලයේ ගොඩනැගුණා. ඊට පිළිතුරක් ලෙසට තමයි මේ නව තාක්‍ෂණිකවාදී, වෘත්තීයවාදී, කළමනාකරණවාදී එළඹුම යෝජනා කරන්නේ. අප ඇසිය යුතුවන්නේ සැබෑ දේශපාලන ගැටලුව මෙයද යන්නයි.? මෙම එළඹුමේ තිබෙන අනතුරක්…
ජනතාව අපේක්ෂා කළේ බොහොම රැඩිකල් වැඩපිළිවෙළක් – ආචාර්ය කුමුදු කුසුම් කුමාර
“….ජනතාව ඔවුන්ගෙන් අපේක්ෂා කළේ රාජ්‍ය බලය රැක ගැනීම වෙනුවෙන් යම් යම් දේවල් කරමින් බලයේ ඉන්න එක නොවෙයි. ජනතාව අපේක්ෂා කළේ බොහොම රැඩිකල් වැඩපිළිවෙළක්. ජනාධිපති සිරිසේන ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමේ අවංක දේශපාලන වැඩපිළිවෙළක් ඔහුට තිබුණේ නැති බව අපිට පේනවා. හරිනම් බලයට පත්වීමෙන් අනතුරුව ඔහු කළ යුතුව තිබුණේ පාර්ලිමේන්තුව විසුරුවා හැර නව මැතිවරණයකට යාම. එහෙම වුණා…
මා ගැන තැකීමක් නැති ද? – වෙළෙඳපොල සමාජයක අනන්‍යතා අරගලය – පෝල් වර්හාග
II මා ගැන තැකීමක් නැති ද? – වෙළෙඳපොල සමාජයක අනන්‍යතා අරගලය – පෝල් වර්හාග බෙල්ජියමේ, ඝෙන්ට් විශ්ව විද්‍යාලයේ සායනික මනෝවිද්‍යාව සහ මනෝවිශ්ලේෂණය පිළිබඳ මහාචාර්ය, පෝල් වර්හාග අනන්‍යතාව සහ නවලිබරල්වාදය පිළිබඳ සම්පාදනය කළ What About Me?- Struggle for identity in a market based society (1) (2012) කෘතිය හඳුන්වා දී ඇත්තේ පහත පරිදි ය. වත්මන් සිතීමට අනුව,…





