From ගණනාථ ඔබේසේකර

අර්බුදකාරී යුගයක අතීතකාමය සහ පශ්චාත් අතීතකාමය – ගණනාථ ඔබේසේකර (2 කොටස)

1968 දී පමණ මාතෘවංශික නැගෙනහිර වෙරළ: අර්බුදකාරී යුගයක අතීතකාමය සහ පශ්චාත් අතීතකාමය -(2 කොටස) පරිවර්තනය – ©දිමුතු සමන් වෙත්තසිංහ “…මඩකලපු ප්‍රදේශය ව්‍යුහගත වී ඇත්තේ කුටි (සිංහල සහ දෙමළෙන් මඩු යන අර්ථය ඇති ) ලෙස හඳුන්වන මාතෘවංශික වරිග ඇසුරිනි.බාගදා, කරයියාර්වරු කිහිපදෙනෙක් හැරුනු විට සියලුම කුල සතුව මාතෘවංශික කුටි තිබුණ අතර ඊටත් වඩා පුදුමැති දෙය නම් මුස්ලිම්වරුන්…

අර්බුදකාරී යුගයක අතීතකාමය සහ පශ්චාත් අතීතකාමය – ගණනාථ ඔබේසේකර (1 කොටස)

පරිවර්තනය – ©දිමුතු සමන් වෙත්තසිංහ “1818 දී බ්‍රිතාන්‍යයන්ට එරෙහි විරෝධතා අරගල සමයේ බිබිලේ (වෙල්ලස්ස නම්) සහ ඒ ආසන්න මගේ වර්තමාන ක්ෂේත්‍ර පර්යේෂණ ප්‍රදේශයේ සිංහල පවුල් කිහිපයක් නැගෙනහිර වෙරළට පලා ගොස් එහිදී සිංහල වාසගම් නාම සහිත දෙමළ කතා කරන්නන් බවට පත්විය. සුළු ආකාරයකින් හෝ ඔවූහු අප වත්මනෙහි නැගෙනහිර වෙරළ යැයි පවසන ප්‍රදේශයෙහි සංස්කෘතික සාරවත්භාවය පෝෂණය කිරීමට…

යළි ලෝකශාසන වෙතට: ආණ්ඩුකරණයට බුදුසමයෙන් (විඝටිත) ආදර්ශයක් – මහාචාර්ය ගණනාථ ඔබේසේකර

පරිවර්තනය- ©දිමුතු සමන් වෙත්තසිංහ “බ්‍රිතාන්‍යයන් ශාසනයට ඇති තැන අත්හිටුවා දමනු ඇතැයි කියා උඩරට වැසියන් ඉතා සාධාරණ ලෙස කණස්සල්ලට පත් වූ අතර එමනිසා ඔවුන් යම් යම් ශුර විධි ක්‍රම සහ ඒත්තු ගැන්වීම් ආදී දේ ඔස්සේ උඩරට ව්‍යවස්ථාවට ශ්‍රී ලංකාවේ ආගම වන බුද්ධාගම සුරැකිය යුතුය යන (එකල වෙනත් ආගම් නොතිබුණි යන්න ඔබට පිළිගත හැකිද?) නියමය හඳුන්වා දීමට…

දුටුගැමුණු ගැන මා තුළ අනුකම්පාවක් ඇතත් රහතුන් කෙරෙහි එසේ නැත:(දුටුගැමුණුගේ හෘද සාක්ෂිය:අවසාන කොටස)-ගණනාථ ඔබේසේකර

19 වන සියවසේ අග භාගයේදී අනගාරික ධර්මපාල විසින් යලි මතුකරන ලද බෞද්ධ රාජ්‍ය පිළිබඳ මතවාදවලින් ගැලවී නැත. ඔහු බහුතරය විසින් පිළිගන්නා බෞද්ධ කථාන්තර ඉවත දමා ඇත. ඔහුගේ සමහර සමකාලීන උගත් සහායකයෝ බෞද්ධ ආචාර ධර්ම, භාවනා ක්‍රම බඳු නූතන ගිහි ආගමික වතාවත් පිළිපදිති. අනෙක් අය පිළිපදින ධර්මය දාර්ශනික අර්ථයන්ගෙන් හා දේශපාලනික අර්ථයන්ගෙන් බහුල වුව ද හෘදසාක්ෂියක්…

දුටුගැමුණු යලි ඉපදී ඇතත් මෙවර ඔහු තුළ බෞද්ධ හෘදසාක්ෂියක් නම් නැත (දුටුගැමුණුගේ හෘද සාක්ෂිය:3 කොටස) -ගණනාථ ඔබේසේකර

“මේ කථාන්තර කීම තුළින් ත්‍රිපිටක සම්ප්‍රදායට අයත් තේරුම් ගැනීමට අපහසු ගැඹුරු සංකල්ප ගැමියන්ගේ එදිනෙදා ජීවිතයට හා ආචාර ධර්මවලට එකතු වූහ. මේවා නිදා නොවැටී අසා සිටිය හැකි කථාන්තර නිසා දෙමාපියනට ඒවා තම දරුවන්ට කුඩා කල සිටම කියා දීමට හැකි විය. දරුවෝ ද මහත් අභිරුචියෙන් මේ කථාන්තරවල ඇති චරිත සමඟ තවමත් හඳුන්වා ගැනීමෙන් හා තම දෙමාපියන් දැරූ…

දුටුගැමුණුගේ හෘද සාක්ෂිය (2 කොටස) :මිථ්‍යා කථා වාද විවාද හා ඉතිහාසය-මහාචාර්ය ගණනාථ ඔබේසේකර

“මහාවංශය කෙතරම් වෙහෙස දැරුවද සාමාන්‍ය සදාචාර ධර්මයන්ට අනුකූලව සෝනුත්තරගේ සහ අනෙකුත් භික්ෂූන්ගේ ක්‍රියා කලාප වංචාවෙන් හා හොරකමෙන් වෙන් කළ නොහැක. මට සිතෙන අන්දමට සාමාන්‍ය ගැමියන්ගේ හෘදසාක්ෂිය උගතුන්ගේ සහ භික්ෂූන්ගේ‍ හෘදසාක්ෂියට වඩා සියුම්ය. වහා සසලවන සුළුය. ඔවුන් සිංහල ථූපවංශයේ ඇති කථා ස්වරූපය තම මිථ්‍යා කථා ආකෘති තුළ යළි යළිත් හුවා දක්වා ඇත. දුටුගැමුණු රජ නාගයෙකු විසින්…