2025 වසර ඔක්තොම්බර් 17 වන දින නිර්මාණ කතෘ කමලා වාසුකී (2019) ජාතික ජන බලවේග රජය (NPP) පසුගියදා ඔවුන්ගේ පළමු වසර සම්පූර්ණ කළේය. කනගාටුවට කරුණ වන්නේ, නව රජය දැනටම බිම් මට්ටමේ යථාර්ථයන් සමඟ පැවතිය යුතු සම්බන්ධතාව නැති කරගෙන තිබීමයි. සභාග රජයේ ප්‍රධාන පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණේ මහ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෑතකදී මාධ්‍ය ප්‍රකාශයක් කරමින්…
'kathika' social, cultural and political review
From ජනවාර්ගිකත්වය
2024 ජනාධිපතිවරණය සහ ජනවාර්ගික සුළුතරයට අයත් ජනතාව
(පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් යාපනය විශ්වවිද්‍යාලයෙහි සේවය කරන කථිකාචාර්යවරුන් පහළොස්දෙනෙකු විසින් සාමුහිකව ඉදිරිපත් කරන නිවේදනය) මෙම සැප්තැම්බර් 21 වන දින ලංකාව තම නවවන විධායක ජනාධිපති තෝරා ගැනීම සඳහා ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇත. 2022 වසරෙහි රටෙහි ඇතිවූ දරුණු ආර්ථික අර්බුදයත් එයත් සමඟ මතුවූ මහජන නැඟිටීම් ආදියටත් පසුව රට මුහුණ දෙන ඉතාමත් වැදගත් මැතිවරණය මෙය වෙයි. දරුණූ…
බහුසංස්කෘතික සමාජයක් කරා
අනුභූතිඋත්තර බවින් පාළු වූ ලෝකයක,ම්ලේච්ඡ සිරිත් විරිත් සාධාරණීකරණය කිරීමට උමතුවාදීහු තවදුරටත් දෙවියන්ගේ නාමය උද්දීපනය නොකරති; ඒ වෙනුවට ඔවුහු අනන්‍යතා දේශපාලනය ඉල්ලා සිටිති. ස්වර්ගයට ආයාචනා කිරීමට නොහැකිව,ඔවුහු ඉතිහාසය හා වෙනස සමඟ ඔවුන්ගේ විශ්වාසයන් ආරක්ෂා කරති. දෙවියන් මිය ගොස් ඇත, නමුත් ජානආත්මය දිගටම ජීවත් වෙයි, මිනිසාගේ අයිතිවාසිකම් පිළිබඳ අදහස පැවැත්මට ආවේ නිශ්චිතවම පැරණි මහාද්වීපයේ පසෙහි ගැඹුරින් මුල් බැස ඇති සම්ප්‍රදායන්හි අධිකාරයට අභියෝග කිරීම සඳහා වූවද. යුරෝපීය පුද්ගලයන්,එකින් එක,ඔවුන්ගේ සියලු අයිතිවාසිකම් ලබා ගත්තේ ඔවුන්ගේ සංස්කෘතිය නොසළකා හරිමිනි. අවසානයේදී යුරෝපයේ අධ්‍යාත්මික අත්තිවාරම යුක්ත වන්නේ සම්ප්‍රදාය පිළිබඳ විචාරයෙනි, මෙය පුද්ගලයා සංස්කෘතික ප්‍රපංචයකට වැඩි යමක් නොවන බව අපට ඒත්තු ගැන්වීමෙන් විජිතහරණයේ දර්ශනය අපට අමතක කරන්නට ඉඩ සළසා ඇති කරුණකි.
සුසිල් සිරිවර්දන – ‘මාවත’ සංස්කාරක වැකි
පුරෝගාමී ප්‍රති-නව විජිතවාදී සහ ප්‍රති-ජාතිවාදී සංස්කෘතික දේශපාලනය සුසිල් සිරිවර්දන ගේ අභාවයෙන් 2022 අගෝස්තු 23 වැනිදාට වසරක් පිරෙයි. සුසිල් සිරිවර්දන කලක් ‘සංස්කෘති’ විචාර සංග්‍රහයේ සංස්කාරක මණ්ඩලයේ කටයුතු කළ අතර ‘මාවත’ ප්‍රගතිශීලී කලා, සාහිත්‍ය හා සංස්කෘතික ප්‍රකාශනයේ පුරෝගාමී සමාරම්භක සංස්කාරකවරයා ය. ඔහු මෙරට ප්‍රති-නව විජිතවාදී සහ ප්‍රති-ජාතිවාදී සංස්කෘතික දේශපාලනය පිළිබඳ සංකල්පීයකරණයෙහි පුරෝගාමීයා ලෙස හැඳින්වීම නිවැරදි යැයි සිතමු. ලාංකේය…
1968 දී පමණ මාතෘවංශික නැගෙනහිර වෙරළ: අර්බුදකාරී යුගයක සාංකාව සහ පශ්චාත් සාංකාව – ගණනාථ ඔබේසේකර
පරිවර්තනය – ©දිමුතු සමන් වෙත්තසිංහ “ඉන්දු නිම්න ශිෂ්ටාචාරය දක්වා අවසානයේ දී දිවෙන තරම් දෙමළභාවය පිළිබඳ ඔවුන්ගේ සාකල්‍යකරණ දෘෂ්ටිවාදය සහ නිජබිම් ප්‍රබන්ධ නිර්මාණය කිරීම ඇරඹෙන විට මඩකලපු දෙමළ ජනයාට සානුකම්පිතව එල්.ටී.ටී.ඊ ට ප්‍රතිචාර දැක්වීමට හැකිවීම අප පුදුම විය යුක්තක් නොවේ. නමුත් මෙම දෘෂ්ටිවාදී සම්මුතිය දිගටම පවතීවි ද යන්න ඕනෑම කෙනෙකුට අනුමාන කළ හැකිය. එසේත් නැතහොත්, සාකල්‍යකරණ…
බෞද්ධ “කුමක් හෝ” යනු ශාසනය ලෙසින් – ගණනාථ ඔබේසේකර
“ගැමි සියලු දෙනා එකතු වී “අඩුක්කු” පූජාවක් මගින් දෙවියන්ට ස්තූති කරති. මෙහිදී ගමේ කපුරාළ බුදුරදුන්ට හා ප්‍රධාන ආක්ෂක දෙවිවරුන්ටත් පළමුව පූජා පවත්වා ඊ ළඟට ගමේ දෙවිවරුන් වන බණ්ඩාර දෙවියන්ට පූජා පවත්වයි. මේ වතාවත් අනුව ග්‍රාමය බණ්ඩාර දෙවියන්ගේ දයාලු ආරක්ෂාව යටතේ සිටින සදාචාර සමාජයක් (moral community) ලෙසට ක්‍රියාත්මක වීමට ඉඩ සැලසේ. සෑම වසරකටම වරක් ගැමි ඇතැම්හු…





