From දේශපාලනය

අව්‍යාජ පුරවැසි ප්‍රජාතන්ත්‍රවාදයක් පිහිටුවීම –“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටු වාර්තාවෙන්”

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුව එහි අවසන් වාර්තාව පසුගිය මැයි මස 31 වෙනිදා අග්‍රාමාත්‍යවරයාට බාර දුන් අතර එම වාර්තාවේ 10 වෙනි පරිච්ඡේදය යටතේ ඇති පුරවැසියන්ගේ පුළුල් දේශපාලන සහභාගීත්වයක් පිළිබඳ සඳහන් වන “ග්‍රාම රාජ්‍ය/ග්‍රාම සභා/ගම්සභා සංකල්පය” යන කොටස මෙහි පළවේ. 10.1.2.ග්‍රාම රාජ්‍ය/ග්‍රාම සභා/ගම්සභා සංකල්පය ග්‍රාම රාජ්‍ය/ග්‍රාම සභා/ගම් සභා ආදී විවිධ නම්වලින් හඳුන්වන මෙම…

අනුකම්පිත විප්ලවයක් – ආචාර්ය නලින් ස්වාරිස්

“බුදුන්ගේ ධර්මය උදුරා ගනිමින් තමන්ගේ අරමුණ ධාර්මික රාජ්‍යයක් බිහි කිරීම බව කියමින්, එහි උතුම් සාරධර්ම ගර්හාවට ලක් කරන ඊනියා, බෞද්ධ නායකයෝ එහි පූජනීයත්වය කෙළෙසීමට සාහසික වරදකරුවෝ වෙති.” ‘දිනන්නා පරදින්නා තුළ වෛරය ඇති කරයි. පරදින්නා දුක සේ වෙසේ. උපශාන්ත තැනැත්තා ජයත් පරාජයත් හැර සුවසේ වෙසේ (ධම්මපද 201) “සිවිල් සමාජය, ලිංගික, වාර්ගික, ආගමික සහ ආර්ථික ආදී වශයෙන්…

නවක වදය සහ වමේ දේශපාලනය/Ragging and Left Politics

මම කවරාකාරයේ හෝ නවකවදයකට එරෙහි වෙමි. නවකවදය ගත්කල එයට මුහුණ දීමට සිදුවන පුද්ගලයාගේ දෘෂ්ටියෙන් පමණක් නොව අනෙකාට දේශපාලන සමානයෙකු ලෙස සැලකීම දේශපාලන මූලධර්මයක් ලෙස ගන්නා ප්‍රජාතන්ත්‍රවාදයේ සහ වාමාංශික දේශපාලනයේ පර්යාලෝකයෙන් ද එය අමානුෂිකය. නවකවදයෙන් පෙන්නුම් කෙරෙන්නේ කෙනෙක්ට තම කනිෂ්ඨයාට සමාන ම්ට්ටමෙන් සැළකීමට ඇති නොහැකියාවයි. ඔබගේ මානසික අඩුව නිසා හෝ ඔබගේ සමූහයේ හෝ දේශපාලනයේ ආධිපත්‍යය අනෙකාට…

යළි ලෝකශාසන වෙතට: ආණ්ඩුකරණයට බුදුසමයෙන් (විඝටිත) ආදර්ශයක් – මහාචාර්ය ගණනාථ ඔබේසේකර

පරිවර්තනය- ©දිමුතු සමන් වෙත්තසිංහ “බ්‍රිතාන්‍යයන් ශාසනයට ඇති තැන අත්හිටුවා දමනු ඇතැයි කියා උඩරට වැසියන් ඉතා සාධාරණ ලෙස කණස්සල්ලට පත් වූ අතර එමනිසා ඔවුන් යම් යම් ශුර විධි ක්‍රම සහ ඒත්තු ගැන්වීම් ආදී දේ ඔස්සේ උඩරට ව්‍යවස්ථාවට ශ්‍රී ලංකාවේ ආගම වන බුද්ධාගම සුරැකිය යුතුය යන (එකල වෙනත් ආගම් නොතිබුණි යන්න ඔබට පිළිගත හැකිද?) නියමය හඳුන්වා දීමට…