අන්තෝනිඕ ග්‍රාම්ස්චි කෙටි හැඳින්වීමක් – ආචාර්ය නිව්ටන් ගුණසිංහ (පළමුවන කොටස) නිව්ට්න් ගුණසිංහ ලංකාව බිහි කළ ප්‍රථම මාක්ස්වාදී මානව විද්‍යාඥයා වශයෙන් පිළිගැනේ.මාක්ස්වාදී න්‍යාය ක්ෂේත්‍ර පර්යේෂණ සමග සම්බන්ධ කරමින් ප්‍රබල මාක්ස්වාදී මානව විද්‍යා ශාස්ත්‍රීය සම්ප්‍රධායක් ලංකාවේ ආරම්භ කලේ ඔහුය. නිව්ට්න් ගුණසිංහ 1946 අප්‍රියෙල් 5 දින නාවලපිටියේ උපත ලබා ගම්පොල වික්‍රමබාහු මධ්‍ය මහා විද්‍යාලයෙන් ද්වීතීක අධ්‍යාපනය ලබා 1963 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුලත්ව මහාචාර්ය ගණනාථ ඔබේසේකර, රැල්ෆ් පීරිස් වැනි ප්‍රවීණයන් යටතේ සමාජ විද්‍යාව හැදැරීය. 1973 දී ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබා ගත් ඔහු ආචාර්ය උපාධිය සඳහා අධ්‍යයනය කිරීමට සුප්‍රකට මාක්ස්වාදී මානව විද්‍යාඥයෙකු වූ මැක්ස් ග්ලක්මන් ආධිපත්‍ය හෙබවූ මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයේ මානව…
'kathika' social, cultural and political review
From දේශපාලනය
අනගාරික ධර්මපාල චින්තනය හා ජාතියේ ඉදිරි ගමන – මහාචාර්ය අසංග තිලකරත්න
මනුෂ්‍යයාගේ තණ්හාව වැඩි කරණ ඔහු හුදෙක් පරිභෝජන යන්ත‍්‍රයක් බවට පත් කරණ ධනවාදය බෞද්ධ චින්තනයෙන් දුරස්ය. අනික් අතට මිනිසාට මග පෙන්වීම අවශ්‍ය වූවත් ඔහු මතවාදයක වහලකු කළ නොහැකිය. ඒ අනුව බෞද්ධ චින්තනය පූර්ණ සමාජවාදයක් ද නොවේ. අවශ්‍ය වනුයේ (නිදහස් ප‍්‍රජාතන්ත‍්‍රවාදී) නිදහස හා (සමාජවාදී) සමාජ සාධාරණත්වය අතර සමතුලිතතාවක් ඇති කිරීමයි. මෙම ආර්ථික හා දේශපාලන ක‍්‍රම දෙකෙන් ම උපුටා ගැනීමට කරුණු තිබිය හැකිය. බෞද්ධ චින්තනයට මෙහි ලා බාධාවක් නැත්තේ යමක් සුභාෂිතයක් නම් එහි ප‍්‍රභවය කුමක් වූවත් එය පිළිගැනීමෙහිලා නිදහස බුදුරදුන් විසින් බෞද්ධයාට ලබා දී ඇති බැවිනි. සබ්බං සුභාසිතං බුද්ධ වචනමෙම (සියලු යහපත් ප‍්‍රකාශ බුද්ධ වචන වේ: අංගුත්තර නිකාය) යන්නෙන් ප‍්‍රකාශ වන්නේ එයයි. 2014…
රාජපක්ෂ ආධිපත්‍ය ව්‍යාපෘතිය නැවත සලකා බැලීම
රාජපක්ෂ ආධිපත්‍ය ව්‍යාපෘතිය නැවත සලකා බැලීම දයාපාල තිරාණගම දයාපාල තිරාණගම විශ්ව විද්‍යාල රැකියාව අතහැර 80 දශකයේ පූර්ණ කාලීන දේශපාලනයට සම්බන්ධ වන්නේ එවකට ජේ. ආර්. ජයවර්ධන රජය පෙරළා දැමීමට කුමන්ත්‍රණය කලේ යැයි රාජ්‍ය මර්ධනයට ලක් වු විකල්ප කණ්ඩායමෙනි.දයාන් ජයතිලක, ජෝ සෙනෙවිරත්න,දයාපාල තිරාණගම,රාම් මාණික්කලිංගම් වැනි අය අයත් වූ මෙම වාම දේශපාලන කණ්ඩායම එක් පසෙකින් එ.ජා.ප. රජයේ මර්ධනයකටත් අනෙක් පසින් ජ.වි.පෙ සන්නද්ධ ව්‍යාපාරයේ මර්ධනයටත් ලක්ව තිබුණි. ඔහුගේ බිරිඳ යාපනයේ මානව හිමිකම් ක්‍රියාකාරිනයක වූ රාජීණී(රාජසිංහම්) තිරාණගම 1989 දී එල්.ටී.ටී.ඊ ය විසින් ඝාතනය කරන ලදී.මෙම ලිපිය රාවය පුවත් පතින් උපුටා ගන්න ලදී. 2010 ජනවාරි ජනාධිපතිවරණයේ දී ද 2010 මාර්තු පාර්ලිමේන්තු මැතිවරණයේ දී ද ඉන් පසුව…
පොදු අපේක්ෂකයා, නව ලිබරල්වාදය, සහ නිදහස
පොදු අපේක්ෂකයා, නව ලිබරල්වාදය, සහ නිදහස කුමුදු කුසුම් කුමාර අද ලාංකේය ජනයා හමුවේ ඇති හදිසිම සහ වැදගත්ම දේශපාලන අභියෝගය කුමක් ද? එය ජනවාර්ගික යුද්ධයට පෙර සමයේ මෙරට ජනයා භුක්ති විඳිමින් සිටි නමුත් යුද්ධය සමයේ අහිමිව ගිය සහ යුද්ධය අවසන් වීමෙන් පසු ඉතිහාසයේ වඩාත්ම බරපතළ තර්ජනයට මුහුණ දී ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් යලි දිනා ගැනීමට යොමු වීම නොවේද? මෙම අභියෝගය ජය ගැනීමේ ප්‍රධාන උපක්‍රමයක් ලෙසින් රෙජීමයෙන් පිටත දේශපාලන පක්ෂ සහ සිවිල් සමාජ සංවිධාන බොහොමයක් පිළි ගෙන ඇත්තේ පවත්නා විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමේ යෝජනාවයි. 1978ට පෙර මෙරට පැවති, ජනයාගේ ඡන්දයෙන් බලයට පත්වන කොට්ඨාශ මන්ත්‍රීවරුන්ගෙන් සැදුම් ගන්නා පාර්ලිමේන්තුවක බහුතරයේ විශ්වාසය දිනා ගන්නා පක්ෂයක…
රනිල්ගේ ක‍්‍රමය කුමක්ද? කේ. ඩබ්ලිව්. ජනරංජන
රනිල්ගේ ක‍්‍රමය කුමක්ද? කේ. ඩබ්ලිව්. ජනරංජන මීළඟ ජනාධිපතිවරණයකදී පොදු වැඩපිළිවෙලක් යටතේ පොදු අපේක්‍ෂකයකු ඉදිරිපත්කොට පුළුල් සහායක් ලබාගෙන විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ යුතුයැ’යි ඉදිරිපත්ව ඇති පුරවැසි ඉල්ලීම නොනැවතී ඉදිරියට යයි. ආණ්ඩු පක්‍ෂය, ඇත්ත වශයෙන්ම ජනාධිපතිතුමා, තවමත් ඉන්නේ විධායක ජනාධිපතිධුරය මේ අයුරින්ම තවදුරටත් පවත්වාගත යුතුය යන ස්ථාවරයේය. නැතිනම්, දැවැන්ත දේශපාලන වන්දියක් ගෙවා 18වැනි සංශෝධනයක් නීතිගත කරගන්නේ නැත. අනෙක් අතට විධායක ජනාධිපතිධුරයේ අවුරුදු 9ක රස බැලූ ඔහු දැන් ඒ සියල්ල අත්හැර දැමීමට තරම් උපේක්‍ෂාසහගත වී ඇතැ’යි හිතන්නට කිසිම සාධාරණ හේතුවක්ද නැත. යම් හෙයකින් පිටතින් පැමිණෙන බලවත් පීඩනයක් හමුවේ විධායක ජනාධිපතිධුරය ඉවත්කිරීමට ඔහු හිත හදාගත්තත් ඒ මීළඟ ජනාධිපතිවරණයේදී නොවේ. තමන්ට බලය නැතිවනු ඇතැ’යි…
ජාතිකවාදයට සහ අගතියට එරෙහිව ප්‍රබුද්ධත්වයේ ලිබරල් මානවවාදය සහ විචාර බුද්ධිය
ජාතිකවාදයට එරෙහි කතිකාව ජාතිකවාදී කතිකාවේම අන්තවාදී ස්වරූපය ගැනීමේ අවදානම නූතන යුරෝපීය ජාතිකවාදී කතිකාව වර්ධනය වන ආකාරය රචනයේ පහත පළවන කොටසින් ෆින්කල්ක්‍රෝත් තව දුර සාකච්ඡා කරයි. මේ ඒ පිළිබඳ කෙටි ප්‍රතිචාරයක් සහ සහ හැඳින්වීමකි. ෆින්කල්ක්‍රෝත් එම සාකච්ඡාව අරඹන්නේ අගතිය පිළිබඳ ජාතිකවාදී කතිකාව තුළ ඇතිවූ විවාදය ඉදිරිපත් කරමිනි. ප්‍රංශ ප්‍රතිවිප්ලවවාදීන් මෙන්ම ජර්මානු රොමෑන්ටික්වාදීහු ද ප්‍රබුද්ධත්වයේ භාෂාව තුළ අවමානයෙන් සැළකූ අගතිය පිළිබඳ අදහස පුනරුත්ථාපනය කිරීමට යොමු වූහ. මෙහි ලා ෆින්කල්ක්‍රෝත් ගේ සාකච්ඡාව න්‍යායිකව ගැඹුරු කරණු වස් ගැඩමර් අගතිය පිළිබඳ ගොඩ නඟන අදහස් සැකෙවින් ඉදිරිපත් කරන්නට අපි කැමැත්තෙමු. අගතිය පිළිබඳ ගැඩමර් අගතිය සහ විචාර බුද්ධිය ප්‍රතිපක්ෂයන් ලෙස සැළකීමේ නූතනවාදී ගැටළුවෙන් මිදීමේ මඟක් ලෙස ගැඩමර්…