සරච්චන්ද්‍ර උන්නැහේගේ දෙවනි මරණය සරච්චන්ද්‍ර කියන්නේ අපේ රටේ මහාර්ඝ වස්තුවක් කියලයි මගී අහල කියෝල තියෙන්නෙ. උන්නැහේ ගැන කතාබහ කරන්න මගීලට තියන දැනුම මොකක්ද කියලත් වෙලාවකට හිතෙනවා. රතු පස්වලයි, ජූලි කලබලයි, වයඹ කලබලයි ගැනම හිත හිතා ලියන්නයි, කියන්නයි සිද්ධ වුනු මගීලට සරච්චන්ද්‍ර උන්නැහෙ ඔලුවට ආවෙ හේතුවකුත් එක්ක. උන්නැහේගෙ සියවෙනි උපන්දින සංවත්සරේ තියෙන්නේ 2014 ජූනි 03 දාටලු නේ. ඒක ගැනනම් පත්තරවල විස්තර වගයක් තියනව මගී දැක්කා. ආණ්ඩුවෙ සංස්කෘතිය භාර ආමතිතුමාට ජනාධිපතිතුමා උපදෙස් දීලා තියනවා කියන්නෙ එන අවුරුද්ද වෙනකල් සරච්චන්ද්‍ර උන්නැහෙගේ නාට්ටිය ගැන රට පුරා කතා පවත්වන්න කියල. අලුත් නාට්ටිය හදලා ඒවාත් අලුත් පරම්පරාවලට පෙන්නන්න කියලා. හැබැයි මගී නම් තාම දැක්කේ නෑ සරච්චන්ද්‍ර…
'kathika' social, cultural and political review
From දේශපාලනය
එක්ස් කණ්ඩායමේ ‘තග’ දැමීමේ දේශපාලනය සිවිල් සමාජ කුසින් යළි උපත ලැබීම
එක්ස් කණ්ඩායමේ ‘තග‘ දැමීමේ දේශපාලනය සිවිල් සමාජ කුසින් යළි උපත ලැබීම -‘කතිකා’ අධ්‍යයන කවය ‘කතිකා’අධ්‍යයන කවය සහ එහි සාමාජිකයන් ට විවිධ ආන්තික දේශපාලන කණ්ඩායම් සහ කල්ලිවලින් සයිබර් අවකාශයේ එල්ල කෙරෙන මැර ප්‍රහාර පසු ගිය කාලය තුළ උග්‍ර වී තිබේ. අප මෙය දකින්නේ අපගේ දේශපාලන කටයුතුවල බලපෑම නිසා රිදෙන පිරිස් ඊට දක්වන ප්‍රතිචාරයක් ලෙසිනි. මෙම ප්‍රහාරවල හරය වන්නේ බියවැද්දීමෙන් අනෙකා මහජන තලයෙන් පළවා හැරීමයි. එක්ස් කණ්ඩායමෙන් උපත ලද මෙම දේශපාලනය අපට ආගන්තුක දෙයක් නොවේ. ඔවුන්ගේ මෙම ‘තග’ දැමීමේ නොහොත් මැර දේශපාලනයට අප එක්ස් කණ්ඩායමේ ආරම්භයේ සිටම එළිපිටම ප්‍රතිරෝධය දක්වා ඇත්තෙමු. එක්ස් කණ්ඩායමේ දේශපාලනයෙන් උපත ලද විවිධ කල්ලි කණ්ඩායම්වලට මෙම උපන් ගෙයි…
දේශපාලනයේ ආචාර ධර්මය: ‘පශ්චාත් මාක්ස්වාදී‘ වෙස් මුහුණු සහ ප්‍රැක්සිස් සාමුහිකයේ ගැටළුව
දේශපාලනයේ ආචාර ධර්මය: ‘පශ්චාත් මාක්ස්වාදී‘ වෙස් මුහුණු සහ ප්‍රැක්සිස් සාමුහිකයේ ගැටළුව දිමුතු සමන් වෙත්තසිංහ- ‘කතිකා’ අධ්‍යයන කවය ඔබගේ ක්‍රියාවේ මූලධර්මය පොදු නීතියක් බවට පත්විය හැකි ආකාරයෙන් නිරතුරුව හැසිරෙන්න. කාන්ට් කෙනෙක් කරන දෙයට යුක්තියුක්තකරණයක් දීමට හැකිවීම, වගකිව හැකිවීම ආචාර ධර්මීය චරිත ස්වභාවයට අත්‍යවශ්‍ය වේ. ගැඩමර් දේශපාලනයේදී අනෙකාගේ මතයට එරෙහි විවේචනය සීමා ඉක්මවා යාමක් බව අප ඉගෙනිය යුතුය. අනාගතය සම්බන්ධයෙන් ගත්කල අනෙකා වටහා ගැනීම සඳහා ගැඹුරු පදනමක් අප සොයා නොගන්නේ නම් අප සියල්ලෝ සිටින්නේ අනතුරේ යැයි මට සිතේ. ගැඩමර් ප්‍රජාතාන්ත්‍රික අරගලය යනු පස මිතුරුභාවයක් තරඟකාරීත්වයක් බවට පරිවර්තනය කිරීමට හැකි වීමයි. ෂන්තාල් මූෆ් ප්‍රැක්සිස් සාමුහිකය ‘කතිකා’ අධ්‍යයන කවයේ සාමාජික කුමුදු කුසුම් කුමාරට එල්ල…
අමරසේකරගේ ‘ගමනක මුල’ඈඳුණේ කොහාටද?
අමරසේකරගේ ‘ගමනක මුල’ඈඳුණේ කොහාටද? සේවා සම්මත මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස සාහිත්‍යවේදි ගුණදාස අමරසේකරගේ ගමනක මුල කෘතියෙන් ඇරුඹි නවකතා මාලාව පිළිබඳ විචාර සම්මන්ත්‍රණයක් පසුගිය දෙවැනිදා කොළඹ විශ්වවිද්‍යාලයේ දී පැවැතිණි. ඉතිහාස අධ්‍යයන අංශය සංවිධානය කළ මෙම සංවාද සභාවේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සේවා සම්මත මහාචාර්ය කේ.එන්.ඕ.ධර්මදාස, ආචාර්ය ප්‍රදීප් ජෙගනාදන්, ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි හා ගෙවිඳු කුමාරතුංග අදහස් දක්වන ලදී.එහිදී ඔවුන් දැක්වූ අදහස් වඩා පුළුල් පාඨක ප්‍රජාවක් වෙත ගෙන යාමේ අරමුණින් මහාචාර්ය කේ.එන්.ඕ.ධර්මදාසගේ අදහස් දැක්වීමෙන් ආරම්භ කොට අප මෙලෙස පළ කරන්නෙමු. ජීවන සුවඳ,රතු රෝස මල,භාව ගීත යන ගුණදාස අමරසේකරගේ මුල් කාලීන සාහිත්‍ය කෘති රසවිඳින විට මා සරසවි ප්‍රවේශයට සූදානම් වන සිසුවෙකි. තරුණ අප සිත්තුළ ඔහු කෙරෙහි…
සොක්‍රටීස් පාලක පෙළන්තියේ අධිපතිවාදය ප්‍රශ්න කිරීම සහ ඔහුගේ මරණය
‘ප්ලේටෝ පිළිබඳ තව දුරටත්….‘ යන මැයෙන් අභාවප්‍රාප්ත හේමරත්න ලියනආරච්චි ලියූ ලිපියක් (බලන්න, ‘ප්ලේටෝ පිළිබඳ තව දුරටත්….‘ ) පිළිබඳ මහාචාර්ය ඒ. එම්. නවරත්න බණ්ඩාර පහත අදහස් දැක්වීම මෑතදී කළේය. ” ප්ලෙටො සිය ඇපලොජියේ එක තැනක ලියනවා තමන් සොක්‍රටීස්ව ඔහුගේ මරණයට දින කීපයකට පෙර මුණ ගැසුනුවිට “සිදුවූ වරද කුමක් දැයි” ප්‍රශ්ණ කළ බව. එවිට ඔහුගෙන් ලැබුන පිළිතුර වුයේ “කෙලින්ම කිව යුතූ දේ කීම” බව. මෙය මම හඳුන්වන්නේ පාලක පෙළන්තියේ අධිපතිවාදය ප්‍රශ්න කිරීමේ සොක්රටිසියන් ක්‍රමය වශයෙන්. මෙම සොක්රටිසියන් ක්‍රමය මේ අප ජීවත් වන යුගයේ පවතින අධිපතිවදයන් ප්‍රශ්ණ කිරීමේ ක්‍රමය විය යුතු බව යනුවෙන් එදා ජෝජ් බුස්ගේ යුදවාදී පාලක මතවාදය ප්‍රශ්න කරමින් පොතක් ලීව්…
ගෝලීයකරණයේ දේශපාලනය – ලින් ඔකර්ස්
Politics of Globalization, Edited by; Samir Dasgupta and Jan Nederveen Pieterse, SAGE Publications (India) වත්මන් නිදහස් ව්‍යවසාය මඟින් මෙහෙයවනු ලබන ලෝක ආර්ථික පර්යායට ආවේණික වූ අස්ථාවර ස්වභාවය දැන් බිය උපදවන සුලු වේගයකින් අප වෙත ළඟා වෙමින් පවතී. මෙම සත්‍යය ඔප්පු කිරීම සඳහා වර්තමාන ලෝක ආර්ථික අර්බුදයට වඩා හොඳ සාක්ෂියක් තවත් නැත; මෙම අර්බුදය ‘ස්වර්ගයට යටින්…
