ගඩාෆි මරා දැමෙයි! The Island 2011 ඔක්තෝම්බර් 22 පුවත් පතේ ජෙෆ්රි ගේ කාටුනය
'kathika' social, cultural and political review
From දේශපාලනය
New Left of the JVP should be encouraged to enter public realm by Kumudu Kusum Kumara
New Left of the JVP should be encouraged to enter public realm by Kumudu Kusum Kumara The emergence yet again of a Left group within the Janatha Vimukthi Peramuna (JVP) shows that the strong desire on the part of youth to engage in politics, the desire to appear and shine in the public realm and thus display one’s excellence to the world, cannot be suppressed even under most challenging circumstances. We need to view positively that this group claims that it is interested in, resisting neo-liberalism, promoting socialism and bringing the alienated ethnic minorities, Tamil community in particular, into the…
අද ඇති අභියෝගය: “මහින්ද රාජපක්‍ෂ රජය ධනවාදී සංවර්ධන මාර්ගය ගැනීම” ගුණදාස අමරසේකර
අද ඇති අභියෝගය: “මහින්ද රාජපක්‍ෂ රජය ධනවාදී සංවර්ධන මාර්ගය ගැනීම” ගුණදාස අමරසේකර වසර තිහක් තිස්‌සේ පැවැති ත්‍රස්‌තවාදය මුලිනුපුටා දමා රට ජාතිය බේරාගත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා මේ රට සංවර්ධනය කිරීමේ මාවත වෙත දැන් එළඹ ඇති බව පෙනේ. ත්‍රස්‌තවාදයට හේතුව දුගී දුප්පත්කම බව වටහා ගැනීම මෙවන් සංවර්ධනයක් දියත් කිරීමට මුල්වන්නට ඇත. මෙහිදී අප විසින් ඇසිය යුතු ප්‍රශ්නයක් ඇතැයි මම සිතමි. ධනවාදී මාර්ගය ගෙන කරන සංවර්ධනයෙන් දුප්පත්කම නැතිවේද? ධනවාදය මගින් කරන සංවර්ධනයේ ප්‍රතිලාභ දුප්පතුන් වෙත ලැබෙන්නේ “අතපල්ලෙන් හැලෙන” න්‍යායට අනුව බව අපි ඉහතින් දැක්‌වීමු. මහින්ද රාජපක්‍ෂ රජය සිය සංවර්ධන මාර්ගය ලෙස තෝරා ගෙන ඇත්තේ මේ අත පල්ලෙන් හැලෙන න්‍යාය උඩ ක්‍රියාත්මක වන ධනවාදී…
සමාජීය ඉංජිනේරුකරණයේ දේශපාලනය
සමාජීය ඉංජිනේරුකරණයේ දේශපාලනය එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව තවත් මැතිවරණ වටයක ඉහළ ජයක් ලැබුවේය. එබඳු ආණ්ඩුවක් ජනතාව තමා කෙරෙහි තබා ඇති විශ්වාසයට තමන්ම වළ කපා ගන්නා ක‍්‍රියාමාර්ගයන්ට දිගින් දිගටම යොමුවන්නේ මන්ද යන්න කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමු විය යුතුය. මහජනයා අතර ආණ්ඩුවට ඇති ප‍්‍රසාදය හීන වීමට හේතුවන ආකල්පයක් යුද්ධය නිමාවීමෙන් පසු ගෙවුණු පසුගිය කාලය තුළ ආණ්ඩුව ගත් ක‍්‍රියාවලීන් ගණනාවක් තුළ හඳුනාගත හැකි වෙයි. එය නම්, ජනතාව සහ රටට බලපාන ප‍්‍රතිපත්ති සම්පාදනයේදී සහ ක‍්‍රියාත්මක කිරීමේදී ඒවායින් මහජනයාගේ ජීවිතවලටත් රටේ අනාගතයටත් ගෙන දෙන හානිකර ඵලවිපාක වැදගත් කොට නොසැළකීමේ ආකල්පයයි. එය ප‍්‍රකාශ වන සිදුවීම් විමසා බලන කළ දැකිය හැකි පොදු රටාවක් මතු වෙයි. එම…
‘නිදහස් අධ්‍යාපනය රැක ගැනීමේ’ හිස් සටන් පාඨය?: බිරිතානියේ මිඩ්ල්සෙක්ස් සරසවියේ දර්ශන අධ්‍යයන අංශය රැකගැනීමේ ප්‍රයත්නයෙන් පාඩම් – වංගීස සුමනසේකර
‘නිදහස් අධ්‍යාපනය රැක ගැනීමේ’ හිස් සටන් පාඨය?: බිරිතානියේ මිඩ්ල්සෙක්ස් සරසවියේ දර්ශණ අධ්‍යයන අංශය රැකගැනීමේ ප්‍රයත්නයෙන් පාඩම් වංගීස සුමනසේකර ආරම්භයක් වශයෙන් අපි සියළු දෙනාට එකතු වෙන්න පුළුවන් තැනකින් මේක පටන් ගනිමු. අද අප ජීවත්වන්නේ ප්‍රාග්ධනයේ ස්වයං ක්‍රියාකාරිත්වයන් සිතාගැනීමට පවා නොහැකි ලෙස සහ මෙයට සියවස් එකහමාරකට පෙර මාක්ස් පුරෝකථනය කළ පරිදිම මේ වන විට සම්ප්‍රදායිකව ප්‍රාග්ධනයේ ක්‍රියාකාරිත්වයෙන් පරිභාහිරව තිබෙන විෂය පථයන් හා ප්‍රපංචයන් වෙත දිග හැරෙමින් සිටිනා අවධියකය යන්න පිළිබඳ විශාල විරෝධයක් නොමැති වේ යැයි සිතමි. මෙහි ප්‍රතිඵලයක් ලෙස සැමදෙනාම වටිනාකම මැණබලන මිණුම්දණ්ඩ බවට ප්‍රාග්ධනය පත් වී ඇති අතර එහි මිණුම්දන්ඩට හසු නොවන දෙයක් වී ද, එය වටිනාකමක් නොමැති සහ එනිසාම පැවතීමට…
හිස්ටීරියාවෙන් සයිකෝසියාවට පියන්කාරගේ බන්දුල ජයවීර
හිස්ටීරියාවෙන් සයිකෝසියාවට පියන්කාරගේ බන්දුල ජයවීර මාක්ස්, එංගල්ස් ෆ්‍රොයිඩ්, ෆූකෝ ලකාන්, ඩෙරීඩා කොටා දියකර බී, එයින් මත් වී වනා කගපත හතරතේ ‘පිටිය සුද්ධයි’ (Ground Clear) කියා තුටු වී කුටියකට වැද….. මමයි ලෝකය මම වගේ වෙනු! සකල සාහිත කලා ලෝකය මගේ අණසක අනුව යා යුතු! (ට්‍රොට්ස්කි ගැන අමතක වුණාව ද) ඈත නොම වූ දිනෙක “දහසක් මල් පිපේවයි මත ගැටේවයි” කියූ මුවගින් “එකම මල මම” කියා මළ පැන! වහසි දොඩනා කුටියකට වැද ස්වයං වින්දනයේ වුණේ කිම් දැයි අසන ලොව වෙත බුරා පැන පිළිතුරු දෙමින් “මට වුණේ කිම්දැයි දැනගන්න තොපි සතුටු නම්……” මා සොයා ගෙන මාගේ ගෙදරට තොපි වරෙව් (මෙන්න ලිපිනය මගේ අභිමානය එයයි)…