අහිලන් කදිර්ගාමර් මගේ පසුගිය තීරු ලිපිවල මා තර්ක කර ඇති පරිදි ජාමූඅ අපට ඇපදීමක් කර නොමැති අතර, පසුගිය වසර දෙක තුළ ශ්‍රී ලංකා ආර්ථිකය දුවන්නේ තමන්ගේම විදේශ ඉපැයීම් මත ය; ලංකාවට ලැබෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගෙවීම් මසකට ඩොලර් මිලියන 60කට සමාන වන අතර ශ්‍රී ලංකාවේ විදේශ ඉපැයීම් මසකට ඩොලර් මිලියන 1,800කි. ඇත්ත වශයෙන්ම, අපි පසුගිය…
'kathika' social, cultural and political review
From නව-ලිබරල් ජාතිකවාදය
සංවාද
නව-ලිබරල් ජාතිකවාදයක් කතිකා.ලංකා වෙබ් අඩවියේ පළ වූවකි. කතිකා අධ්‍යයන කවය අප මෙම ලිපිය ලියන අවස්ථාව වනවිට යුද්ධය අවසන් වී නොතිබුණි. යුද්ධයෙන් පසු තත්ත්වය සැලකිල්ලට ගන්නේ නම්, මෙහි එන ඇතැම් අදහස් වෙනස් අයුරකින් ලියැවෙන්නට ඉඩ තිබුණි. 2005 ජනාධිපතිවරණය ආසන්නයේ “කතිකා” අධ්‍යයන කවය නිකුත් කළ ප්‍රකාශයක එම මැතිවරණය නව-ලිබරල්වාදය සහ ජාතික චින්තනය අතර අධිපතිභාවය සඳහා කෙරෙන තීරණාත්මක සටනක් ලෙස හැඳින්වූ අපි, මෙම සටන හුදු කතිකාවන් දෙකක් අතර පමණක් නොව, ජීවන ආකාරයන් දෙකක් අතරද, ඒනිසා එම කතිකාවන් මත පදනම් වූ විශ්වාස පද්ධතීන් දෙකක් අතර ද සටනක් වන්නේ යැයි කියා සිටියෙමු.
