ටීනා බිඇටී (Tina Beattie) Opendemocracy.net වෙබ් අඩවියට “The end of postmodernism The “new atheists” and democracy යනුවෙන් ලියූ ලිපියක (මෙහි බලන්න මුළු ලිපිය සඳහා) පසුධනවාදී තත්ත්වයක් තුළ ඓහිකවාදය, විද්‍යාව, හේතුවාදය සහ ආගම අතර ඇති ගැටුම පිළිබඳ විග්‍රහයක් සම්පාදනය කරයි. මෙම ගැටුම පිළිබඳ සාකච්ඡාව ලාංකේය රාජ්‍යය ඓහිකකරණය (secularization) කිරීම සඳහා කෙරෙන ඉල්ලීමට ද සම්බන්ධ නමුදු, බටහිර සමාජය ආමන්ත්‍රණය කරමින් ලියැවී ඇති මෙම ලිපියෙන් ඇතැම් තැනෙක සංක්ෂිප්ත කරමින් අනුවර්තනයෙන් අප පහත ගෙන හැර දක්වන්නේ වත්මනෙහි ලංකාවේ ආගම සහ පශ්චාත් නූතනවාදය පිළිබඳව අප අතර ප්‍රචලිතව පවත්නා අදහස් පිළිබඳව සිතා බැලීමට අපට අනුබල දෙන අදහස් කිහිපයක් පමණි. අප මෙම අදහස් උපුටා දක්වන්නේ ඇගේ ලිපියේ…
'kathika' social, cultural and political review
From සංස්කෘතිය
පූර්ව-විලාසිතා, සම්ප්‍රදායික, සිංහල, ගැමි “අහිංසකත්වය” ?
මෙම පිංතූර තැපැල් පත අප පිටපත් කොට ගත්තේ නලින් ස්වාරිස් ගේ Magga, The Buddha’s Way to Human Liberation, a socio-histortical approach පොතෙනි. ඒ වෙනුවෙන් ආචාර්ය නලින් ස්වාරිස් ට අපගේ ස්තුතිය.
විමංසක පර්ෂදය, විලාසිතාව, ඖචිත්‍යය සහ සංවරය
විමංසක පර්ෂදය, විලාසිතාව, ඖචිත්‍යය සහ සංවරය අපගේ පාඨකයෙකු අප වෙත එවූ ඉහත ඡායාරූපයේ දැක්වෙන පෝස්ටරය කැළණිය විශ්ව විද්‍යාල භූමියේ ප්‍රදර්ශණය කෙරුණකි. (විමංසක පර්ෂදය කැළණිය විශ්ව විද්‍යාලයයේ ලියා පදිංචි ශිෂ්‍ය සංගමයක් බව එහි ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාරික මහාචාර්ය නලින් ද සිල්වා මෙම පෝස්ටරය පිළිබඳ The Island පුවත් පතට ලිපියක් ලියමින් සඳහන් කොට තිබුණි. බලන්න Cultural Pentagon, The island, Midweek Review 2008/02/13 අපගේ මෙම ලිපිය මහාචාර්ය නලින් ද සිල්වා ගේ ඉහත ලිපිය පළවීමට පෙර ලියැවුණකි.) විමංසක පර්ෂදය (විප) මෙම පෝස්ටරයෙන් ප්‍රකට කරන්නේ ලොව පුරා, බොහෝ කොට නව-යවුවනියන්, තරුණියන් අතර ප්‍රචලිතව ඇති ඇඳුම් විලාසිතාවක් වන ඉණෙන් පහළට ඇඳුම් ඇඳීම (hipster) සරසවි සිසුවියන් අතර ද පැතිරී…
උසස් විචාරයේ පදනම වන රසඥතාව දේශපාලන කාරණාවකි
උසස් විචාරයේ පදනම වන රසඥතාව දේශපාලන කාරණාවකි – ලියනගේ අමරකීර්ති ගේ ‘සිළුමිණ’ ලිපියේ එන අදහස් වලට ‘කතිකා’ අධ්‍යයන කවයේ ප්‍රතිචාරය “අප සත්‍යයෙන් ඉවත ඉබාගාතේ ගෙන යාමට ඉඩ ඇති වුවත්, ප්ලේටෝගේ ඇසුර හා ඔහුගේ සිතුවිලිවල ඇසුර තෝරාගැන්ම රසඥතාව පිළිබඳ කරුණකි.” – සිසෙරෝ අපගේ සාහිත්‍ය – කලා විචාරයේ වත්මන් අහේනිය පිළිබඳව ‘කතිකා’ අධ්‍යයන කවය මතු කළ ‘අපට උසස් විචාරයක් නැත්තේ මන්ද?’ (බලන්න, පහත ) යන ප්‍රශ්නයට ලියනගේ අමරකීර්ති ප්‍රතිචාරයක් දක්වා ඇත. අමරකීර්තිගේ මෙම ලිපිය (මෙතැන කියවන්න:“සිළුමිණ” ) අප මතුකළ මාතෘකාව සංවර්ධනය කිරීමට කළ සාධනීය මැදිහත්වීමක් ලෙස අප දකිමු. පා(ග්)ලියා අප ඉහත සඳහන් ප්‍රශ්නය මතු කළේ, අමෙරිකාවේ සුප්‍රසිද්ධ සාහිත්‍ය-කලා විචාරිකාවක වන කැමිලා පා(ග්)ලියා…
‘ශ්‍රේෂ්ඨ කෘතීන් හි නිමග්නව සිටීම’ යනු කුමක් ද?
සොක්‍රටීස්, ප්ලේටෝ, ඇරිස්ටෝටල් අප මීට පෙර පළ කළ සාහිත්‍ය-කලා විචාරයේ අහේනිය පිළිබඳ කැමිල පා(ග්)ලියා ගේ අදහස් අඩංගු “අපට උසස් සාහිත්‍ය – කලා විචාරයක් නැත්තේ මන්ද?” ලිපියෙන් මතුවන ප්‍රශ්නයක් නම් ‘ශ්‍රේෂ්ඨ කෘතීන් හි නිමග්නව සිටීම යනු කුමක් ද?’‘’ යන්නයි. මෙම ප්‍රශ්නයට එක්තරා අන්දමකින් පිළිතුරක් සැපයෙන අදහසක් Roy Turner ලියූ Friends and Enemies of the Canon (1988) නමැති ලිපියකින් සකසාගෙන පහත දක්වමු. මූලකෘති (the Canon) යන්න මෑත කාලීන මහජන කතිතාවේදී අප හමුවට එන්නේ, පශ්චාත් ව්‍යුහවාදය සහ පශ්චාත් නූතතවාදය ඇසුරෙන් ගොඩනැගෙන කතාබහේදී නූතනයට සහ පශ්චාත් නූතනයට එරෙහිවය. සම්භාව්‍ය සංස්කෘතිය, සම්භාව්‍ය සම්ප්‍රදාය ප්‍රශ්චාත් නූතනයේදී තවදුරටත් අදාළ නොවේ, ඒවා තරයේ ප්‍රතික්ෂේප කළ යුතුය…