– බෞද්ධ හෘදය සාක්ෂිය අහිමි සුළු ධනේශ්වරයේ නැගීම සහ “සංවර්ධනය” නාමයෙන් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය වැනසීම උත්කෘෂ්ඨතම දේශපාලන ගැටළුව සංවිධානමය මිස සදාචාරමය නොවන්නේය,යන්න අද දෙන ලද දෙයක් වශයෙන් භාර ගැනෙන බව පෙනෙයි. කාල් පොපර්ගේ විවේචකයන් නිරීක්ෂණය කොට ඇති පරිදි,පොපර් ගේ ‘සමාජීය ඉංජිනේරුවාට’ සමාජය වැඩි දියුණු කිරීම පැවරී ඇති නමුදු,තමන් ගේ නීති ජනයාගේ හදවත මත ලිවීමේ හැකියාව ඇතැයි කියනු ලැබෙන,ශ්‍රේෂ්ඨ…
'kathika' social, cultural and political review
Tagged ගුණදාස අමරසේකර
නූතනත්වය සහ ප්‍රගතිය/ පරිහානිය සහ ජාතික චින්තනය – කුමුදු කුසුම් කුමාර
ගුණදාස අමරසේකර ශූරීන් සහ ආචාර්ය නලින් ද සිල්වා යන දෙදෙනා ගේ සියලු අදහස් අප ඒ ආකාරයෙන්ම අනුමත නොකළද, ඔවුන්ගෙන් ලාංකේය සමාජයේ බුද්ධිමය සංවාදය පෝෂණය කිරීමට ලැබුණු මහඟු දායකත්වය කිසිසේත් අඩුවෙන් තක්සේරු කළ නොහැකි ය. ගුණදාස අමරසේකරයන් 1976 දී ‘අබුද්දස්ස යුගයක්’ ලියා පළ කරමින් ඇරඹි සමාජ-දේශපාලන සංවාදය පසුව ‘ජාතික චින්තනය’ නමින් වර්ධනය කෙරුණේ ආචාර්ය නලින් ද…
අනගාරික ධර්මපාල චින්තනය හා ජාතියේ ඉදිරි ගමන – මහාචාර්ය අසංග තිලකරත්න
මනුෂ්‍යයාගේ තණ්හාව වැඩි කරණ ඔහු හුදෙක් පරිභෝජන යන්ත‍්‍රයක් බවට පත් කරණ ධනවාදය බෞද්ධ චින්තනයෙන් දුරස්ය. අනික් අතට මිනිසාට මග පෙන්වීම අවශ්‍ය වූවත් ඔහු මතවාදයක වහලකු කළ නොහැකිය. ඒ අනුව බෞද්ධ චින්තනය පූර්ණ සමාජවාදයක් ද නොවේ. අවශ්‍ය වනුයේ (නිදහස් ප‍්‍රජාතන්ත‍්‍රවාදී) නිදහස හා (සමාජවාදී) සමාජ සාධාරණත්වය අතර සමතුලිතතාවක් ඇති කිරීමයි. මෙම ආර්ථික හා දේශපාලන ක‍්‍රම දෙකෙන් ම උපුටා ගැනීමට කරුණු තිබිය හැකිය. බෞද්ධ චින්තනයට මෙහි ලා බාධාවක් නැත්තේ යමක් සුභාෂිතයක් නම් එහි ප‍්‍රභවය කුමක් වූවත් එය පිළිගැනීමෙහිලා නිදහස බුදුරදුන් විසින් බෞද්ධයාට ලබා දී ඇති බැවිනි. සබ්බං සුභාසිතං බුද්ධ වචනමෙම (සියලු යහපත් ප‍්‍රකාශ බුද්ධ වචන වේ: අංගුත්තර නිකාය) යන්නෙන් ප‍්‍රකාශ වන්නේ එයයි. 2014…
සාහිත්‍යයේ ඉතිහාසය: අමරසේකර හා ප්‍රේමයේ ජාතිකකරණය
සාහිත්‍යයේ ඉතිහාසය: අමරසේකර හා ප්‍රේමයේ ජාතිකකරණය ආචාර්ය ප්‍රදීප් ජෙගනාදන් කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශය සංවිධානය කළ සාහිත්‍යවේදි ගුණදාස අමරසේකරගේ ගමනක මුල කෘතියෙන් ඇරුඹි නවකතා මාලාව පිළිබඳ සංවාද සභාවේදී ආචාර්ය ප්‍රදීප් ජෙගනාදන් දැක්වූ අදහස් මෙලෙස පළ කරන්නෙමු. මහාචාර්ය කේ.එන්.ඕ.ධර්මදාස දැක්වූ අදහස් පෙර පළ කලෙමු. ‘සාහිත්‍ය හා ඉතිහාසය’යන සාකච්ඡාවේ මාතෘකාව ‘සාහිත්‍යයේ ඉතිහාසය’යනුවෙන් මම මදක් වෙනස් කරමි. එය දේශකයාට නොඅදාළ කටයුත්තක් විය හැකියි. නමුත් අවසානයේ ඔබට පෙනේවී එය අදාළ කටයුත්තක් කියලා.මහා ගංගාවක් සේ ගලන අමරසේකරයන්ගේ කෘතී සමූහය ගැන බැරෑරුම් විචාර කතිකාවට කුඩා විකල්පයක් සටහන් කරන්න මා මෙසේ උත්සාහයක් දරනවා.අමරසේකරගේ නිර්මාණ විචාරයට ලක් කරන විචාරකයන් මතු කරන පිළිගත් සත්‍යයක් නම්,ඔහුගේ නවකතා පන්ති විග්‍රහයකින් පිරී…
‘සාහිත්‍ය, ඉතිහාසය, අමරසේකර සහ අපි’ – නිවැරැදි කිරීමක්
‘සාහිත්‍ය, ඉතිහාසය, අමරසේකර සහ අපි’ – නිවැරැදි කිරීමක් කුමුදු කුසුම් කුමාර ‘සාහිත්‍ය, ඉතිහාසය, අමරසේකර සහ අපි’ යන මැයෙන් නාමල් උඩලමත්ත ‘දිවයින-වටමඬල’ අතිරේකයට (2013 මැයි 16) ලියූ ලිපිය පිළිබඳ ලියමි. එම ලිපියට මාතෘකා වන කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශය මගින් මැයි 2 දා සංවිධානය කළ ‘සාහිත්‍ය සහ ඉතිහාසය’ නමැති සංවාදයේදී මා කීවේ යෑයි කියන අදහසක් නාමල් උඩලමත්ත මෙසේ සඳහන් කරයි. ‘අමරසේකර සිය කෘති ඔස්‌සේ සිංහල බෞද්ධ ජාතිකත්වය පදනම් කරගත් සමාජ ක්‍රමයක් ඉල්ලා සිටින අතර ආදරය, ලිංගිකත්වය, වියෝව වැනි නූතනවාදී දෑ සිය නිර්මාණවලට පසුබිම්කර ගැනීම පරස්‌පර බව ආචාර්ය කුමුදු කුසුම් ප්‍රකාශ කළේය’ නාමල් උඩලමත්ත එසේ කියා ඒ පිළිබඳ විවේචනයක් කරයි. මා මේ…
අමරසේකරගේ ‘ගමනක මුල’ඈඳුණේ කොහාටද?
අමරසේකරගේ ‘ගමනක මුල’ඈඳුණේ කොහාටද? සේවා සම්මත මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස සාහිත්‍යවේදි ගුණදාස අමරසේකරගේ ගමනක මුල කෘතියෙන් ඇරුඹි නවකතා මාලාව පිළිබඳ විචාර සම්මන්ත්‍රණයක් පසුගිය දෙවැනිදා කොළඹ විශ්වවිද්‍යාලයේ දී පැවැතිණි. ඉතිහාස අධ්‍යයන අංශය සංවිධානය කළ මෙම සංවාද සභාවේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සේවා සම්මත මහාචාර්ය කේ.එන්.ඕ.ධර්මදාස, ආචාර්ය ප්‍රදීප් ජෙගනාදන්, ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි හා ගෙවිඳු කුමාරතුංග අදහස් දක්වන ලදී.එහිදී ඔවුන් දැක්වූ අදහස් වඩා පුළුල් පාඨක ප්‍රජාවක් වෙත ගෙන යාමේ අරමුණින් මහාචාර්ය කේ.එන්.ඕ.ධර්මදාසගේ අදහස් දැක්වීමෙන් ආරම්භ කොට අප මෙලෙස පළ කරන්නෙමු. ජීවන සුවඳ,රතු රෝස මල,භාව ගීත යන ගුණදාස අමරසේකරගේ මුල් කාලීන සාහිත්‍ය කෘති රසවිඳින විට මා සරසවි ප්‍රවේශයට සූදානම් වන සිසුවෙකි. තරුණ අප සිත්තුළ ඔහු කෙරෙහි…