අහිලන් කදිර්ගාමර් මගේ පසුගිය තීරු ලිපිවල මා තර්ක කර ඇති පරිදි ජාමූඅ අපට ඇපදීමක් කර නොමැති අතර, පසුගිය වසර දෙක තුළ ශ්‍රී ලංකා ආර්ථිකය දුවන්නේ තමන්ගේම විදේශ ඉපැයීම් මත ය; ලංකාවට ලැබෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගෙවීම් මසකට ඩොලර් මිලියන 60කට සමාන වන අතර ශ්‍රී ලංකාවේ විදේශ ඉපැයීම් මසකට ඩොලර් මිලියන 1,800කි. ඇත්ත වශයෙන්ම, අපි පසුගිය…
'kathika' social, cultural and political review
Tagged අයවැය
මූල්‍ය “ජල වධ හිංසා” සමඟ ජාමූඅ සඳහා අයවැය
වඩාත් කප්පාදු පියවර සහිත අයවැය නිවේදනය කරන ලද්දේ හුදෙක් ජාමූඅ දිනාගැනීමට ය. එහි නිලධාරීන් විසින් ප්‍රකාශ කරන ලද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම බලාපොරොත්තු වූ දේ හරියටම ප්‍රකාශ කළේය; එය හුදු ඩොලර් බිලියන 2.9 ක ඇපදීමක් පමණක් වන අතර එම අරමුදල් පවා ලබා දෙන්නේ ශ්‍රී ලංකාව සිය ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුව පමණි. රාජපක්ෂගේ පුනරාගමනය පැහැදිලිවම පෙන්නුම් කළේ ඔහුගේ පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තවමත් රාජ්‍ය බලය තරයේ අල්ලාගෙන සිටින බවයි.
පසුගිය සති කිහිපය තුළ රටේ ආර්ථික හා දේශපාලන ගමන් මගෙහි විශාල විශ්මයන් නොමැති අතර, වැඩ කරන ජනතාවගේ තත්ත්වය ඔවුන් කෙමෙන් ගෙල සිරකර මරා දැමීමකි. හිටපු ග්‍රීක මුදල් අමාත්‍ය යානිස් වරූෆාකිස් 2015 දී ග්‍රීසියේ ඇපදීමේ ගිවිසුම “මූල්‍ය ජල වධ හිංසා” ක්‍රියාවක් ලෙස කළ ලක්ෂණ නිරූපණය ශ්‍රී ලංකාවේ වර්ධනයන් පිළිබඳ උචිත විස්තරයකි.

