ජනතාවගේ අවශ්‍යතා ඉදිරියට ගෙන යන ප්‍රතිසංස්කරණ සඳහා අනෙකුත් වාමාංශිකයන් සමඟ මාක්ස්වාදීන් ද එක්ව සටන් කරති. නමුත් ඔවුන් ප්‍රතිසංස්කරණවාදය ප්‍රතික්ෂේප කරති. ධනවාදයට වඩා හොඳ විකල්ප ක්‍රමයක් උදා කළ නොහැකි ය යන ධනපති පන්තියේ මතවාදයට ප්‍රතිසංස්කරණවාදය සහාය වේ. ධනේශ්වර ක්‍රමය තුළ අරගල කර දිනාගත් අයිතිවාසිකම් පවා සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වීම ප්‍රාග්ධනයේ ප්‍රධාන පන්තිමය අවශ්‍යතාවලට යටත් ය යන්න ඉතිහාසය දෙන පාඩමයි.
'kathika' social, cultural and political review
Tagged එන්. ෂන්මුගරත්නම්
දේශගුණික ධනවාදය සහ කාබන් වෙළඳපොළවල්
‘දේශගුණික විපර්යාසය යනු ලෝකය මෙතෙක් දුටු විශාලතම වෙළඳපොළ අසමත් වීමේ ප්‍රතිඵලයකි’…..
කාබන් වෙළඳපොළවල්, දේශගුණික ධනවාද ව්‍යාපෘතියේ ප්‍රධාන කොටසකි…….
නව-ලිබරල් ආර්ථිකය තුළ, පාරිසරික දූෂණයද වෙළඳ භාණ්ඩයක් බවට පත් කර ඇත……
අද දින ෆොසිල ඉන්ධන භාවිත නොකිරීමට තීරණය කළ ද, දැනටමත් වායුගෝලයට එක් වී ඇති කාබන් ඩයොක්සයිඩ්හි බලපෑම ශතවර්ෂ ගණනාවක් පැවතීම වැළැක්විය නොහැකිය……
ධනවාදය සහ මානව සංවර්ධනය
2008 දී ලෝකයම කැලඹූ මූල්‍ය අර්බුදයෙන් පසු, ආර්ථික වර්ධනය යළි නගා සිටුවීම කෙරෙහි අවධානය යොමු කර සිටි ජාත්‍යන්තර සංවිධාන ‘හරිත වර්ධනය, හරිත ආර්ථිකය’ (green growth, green economy) යන ප්‍රතිපත්තියට ප්‍රමුඛත්වය දෙමින් ක්‍රියාත්මක වීමට පටන් ගත්හ.මෙම ප්‍රතිපත්තිය පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතයට වැදගත්කමක් ලබා දුනි. එහෙත්, ස්වභාවික සම්පත් භාවිතය සම්බන්ධයෙන් ගත් කල, මෙම ප්‍රවේශය වෙළඳපොළකරණය සහ පෞද්ගලීකරණය, එනම් නව-ලිබරල් ධනවාදයේ අඛණ්ඩ පැවැත්මටම උපකාරී විය.
නව මානව යුගයේ පාරිසරික මාක්ස්වාදය – නිමක් නැති ප්‍රාග්ධන සමුච්චයනය ද, නැතහොත් තිරසාර මානව සංවර්ධනය ද?
” දහනවවන සියවසේදී මාක්ස් විසින් හඳුනාගත් පරිවෘත්තීය විඛණ්ඩනය, අද විසිඑක්වන සියවසේදී ධනවාදයේ වර්ධනය සහ එහි ගෝලීය ව්‍යාප්තියත් සමඟ බහුවිධ පැතිකඩ සහිත පාරිසරික ගැටලුවක් බවට පත්ව, මිනිසාගේ සහ අනෙකුත් ජීවීන්ගේ පැවැත්ම ඉතා දරුණු අවදානමකට ලක් කර ඇත. එදාම ඔහු ධනවාදී ක්‍රමයේ පරිවෘත්තීය විඛණ්ඩනය යථා තත්ත්වයට පත් කළ නොහැකි බවට නිරීක්ෂණය සටහන් කළේය. මෙහි අර්ථය නම් ධනවාදී ක්‍රමය තුළ එම විඛණ්ඩනය යථා තත්ත්වයට පත් කළ නොහැකි බවයි. “
ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයේ ශත සංවත්සරය පිළිබඳ ලිපියක සමාප්ති සටහන් – සමුද්‍රන්
අධිරාජ්‍යවාදී ලෝකය විසින් උපත දෙන ලද පළමු විප්ලවය උදා වී ඇත. පළමු විප්ලවයයි, නමුත් නිසැකවම අවසන් එක නම් නොවේ. – ස්විට්සර්ලන්තයේ සූරිච් හි විප්‍රවාසීව සිටියදී 1917 පෙබරවාරි විප්ලවය පිළිබඳ පුවත ලැබුණු විගස ලියූ ලිපියකින් ‘සියලු බලය කම්කරුවන්ගේ, සෙබළුන්ගේ සහ ගොවීන් ගේ සෝවියට් සභා වලට.’ සාමය! පාන්! ඉඩම්! – 1917 බෝල්ෂේවික්වරුන්ගේ සටන් පාඨ ‘1917 රැසියානු විප්ලවය…


