වෙළඳපොළට සෑම ගැටලුවක්ම විසඳිය හැකි යැයි අවධාරනය කරන නව-ලිබරල් මිථ්‍යාවේ අනෙක් පැත්ත නම්, ජනතාවගේ ජීවිතය දුෂ්කර කිරීම හැර රජයට කළ හැකි දෙය ස්වල්පයකි යන විශ්වාසයයි. නව-ලිබරල්වාදය සාමූහික යහපත පිළිබඳ අදහස නිදහස් වෙළඳපොළ ආර්ථිකය සහ රජය අතර ප්‍රශ්නයක් බවට පත් කරයි. පෞද්ගලික ධනේශ්වර අංශය සහ සාමූහික ජීවිතයේ දේශපාලන මෙවලම වන රජය අතර තෝරා ගැනීමක් ලෙස ප්‍රශ්නය මතු කිරීම, නොමඟ යවන සුළු ය……ආර්ථිකයේ තීරණාත්මක මූලධර්මය ලෙස වෙළඳපොළ ගැනීම යටතේ පවතින විශ්වාසය නම්, වෙළඳපොළේ හුවමාරුවේදී පුද්ගලයන් තමන්ට යහපත් දේ නිදහසේ තීරණය කරන බවයි. මෙහිදී, සාමූහික ජීවිතයේ යහපත, ප්‍රජාව සෑදෙන පුද්ගලයන්ගේ තනි තනි යහපත් දේවල එකතුව ලෙස සංකල්පනය කෙරේ. ‘පොදු යහපත’ පිළිබඳ එවැනි අවබෝධයක ප්‍රධාන සැලකිල්ල වන්නේ, පුද්ගල භාණ්ඩ සැපයීම තුළින් තනි තනි පුද්ගලයන්ගේ ‘සුබසාධනය’ යි. එබැවින්, පොදු යහපතේ මඟ පෙන්වන මූලධර්මය ලෙස අප වෙළඳපොළ ආර්ථිකය යෝජනා කරන විට, යටින් පවතින අදහස වන්නේ පුද්ගල යහපත උත්තරීතර වන අතර, පොදු යහපත එසේ නොවන බවයි.
'kathika' social, cultural and political review
Tagged කුමුදු කුසුම් කුමාර
දේශපාලනයට එරෙහිව සමාජය – හනා ආරන්ඩ්ට් කියවීම
හනා ආරන්ඩ්ට් තම The Origins of Totalitarianism (1951) නමැති කෘතියෙහි, ස්ටාලින්වාදය, නාට්සිවාදය සමඟ එකට තබා සර්වාධිකාරවාදයක් ලෙස හඳුනාගත්තාය. නමුත්, පසුව, කාල් මාක්ස් පිළිබඳ තම වැඩිදුර අධ්‍යයනයේදී වටහා ගත් දෙයක් ලෙස ඇය සඳහන් කළේ, මාක්ස් ගැන වැඩි වැඩියෙන් කියවන තරමට තමා වැඩි වැඩියෙන් දැනුවත් වූයේ යුරෝපයේ සර්වාධිකාරවාදය නැඟීමෙන් බිඳ දමන ලද සම්ප්‍රදාය පස මාක්ස් සිටින බවයි.…
ජනතාව අපේක්ෂා කළේ බොහොම රැඩිකල් වැඩපිළිවෙළක් – ආචාර්ය කුමුදු කුසුම් කුමාර
“….ජනතාව ඔවුන්ගෙන් අපේක්ෂා කළේ රාජ්‍ය බලය රැක ගැනීම වෙනුවෙන් යම් යම් දේවල් කරමින් බලයේ ඉන්න එක නොවෙයි. ජනතාව අපේක්ෂා කළේ බොහොම රැඩිකල් වැඩපිළිවෙළක්. ජනාධිපති සිරිසේන ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමේ අවංක දේශපාලන වැඩපිළිවෙළක් ඔහුට තිබුණේ නැති බව අපිට පේනවා. හරිනම් බලයට පත්වීමෙන් අනතුරුව ඔහු කළ යුතුව තිබුණේ පාර්ලිමේන්තුව විසුරුවා හැර නව මැතිවරණයකට යාම. එහෙම වුණා…
මා ගැන තැකීමක් නැති ද? – වෙළෙඳපොල සමාජයක අනන්‍යතා අරගලය – පෝල් වර්හාග
II මා ගැන තැකීමක් නැති ද? – වෙළෙඳපොල සමාජයක අනන්‍යතා අරගලය – පෝල් වර්හාග බෙල්ජියමේ, ඝෙන්ට් විශ්ව විද්‍යාලයේ සායනික මනෝවිද්‍යාව සහ මනෝවිශ්ලේෂණය පිළිබඳ මහාචාර්ය, පෝල් වර්හාග අනන්‍යතාව සහ නවලිබරල්වාදය පිළිබඳ සම්පාදනය කළ What About Me?- Struggle for identity in a market based society (1) (2012) කෘතිය හඳුන්වා දී ඇත්තේ පහත පරිදි ය. වත්මන් සිතීමට අනුව,…
වෙන්ඩි බ්‍රවුන් – ජනතාව බිඳ දැමීම: නවලිබරල්වාදයේ රහසිගත විප්ලවය
III වෙන්ඩි බ්‍රවුන් Undoing the Demos: Neoliberalism’s Stealth Revolution ජනතාව බිඳ දැමීම: නවලිබරල්වාදයේ රහසිගත විප්ලවය අපේ කාලයේ වඩාත්ම බලගතු දේශපාලන න්‍යායධාරිණියක ලෙස හඳුන්වනු ලැබ ඇති, ඇමරිකාවේ බර්ක්ලී හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්ය, වෙන්ඩි බ්‍රවුන් ගේ Undoing the Demos: Neoliberalism’s Stealth Revolution (2015) ජනතාව බිඳ දැමීම: නවලිබරල්වාදයේ රහසිගත විප්ලවය නමැති කෘතිය හඳුන්වා දී…
ජනවාරි 8 දේශපාලන පෙරළියට දායක වීම පිළිබඳ අප කණගාටු විය යුතුද? කුමුදු කුසුම් කුමාර
ජනවාරි 8 දේශපාලන පෙරළියට දායක වීම පිළිබඳ අප කණගාටු විය යුතුද? කුමුදු කුසුම් කුමාර (මෙම ලිපිය ලියා අවසන් කරන ලද්දේ මහින්ද රාජපක්ෂ අගමැති වශයෙන් පත් කිරීමට පෙර ය.) 2015 ජනවාරි 8 දේශපාලන පෙරළියට දායක වීමෙන් අප ලද ප්‍රථිඵල පිළිබඳ අප තුළ සැකයක් ඇති වීම සාධාරණ ය. යමෙකු තමන් අතින් වරදක් සිදුවීය යන සිතුවිල්ල මත තැවීම…





