Tagged කුමුදු කුසුම් කුමාර

අවසන් කිරීමට රජය උනන්දුවක් නැති සරසවි ඇදුරු වර්ජනය

අවසන් කිරීමට රජය උනන්දුවක් නැති සරසවි ඇදුරු වර්ජනය – කුමුදු කුසුම් කුමාර විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය රාජ්‍ය අංශයේ අධ්‍යාපනය පිළිබඳ රජයේ කැපවීම ප්‍රකාශ කරන ලෙස ඉල්ලමින් යලිත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට පිවිසීම මෙම මාතෘකාව ජාතික දේශපාලන න්‍යාය පත්‍රයේ ඉහලට ගෙන එන්නට හේතු වී තිබේ. ඔවුන් ගේ ඉල්ලීම් අතර වන රජය අධ්‍යාපනයට දළ ජාතික නිශ්පාදිතයෙන් වෙන් කරන ප්‍රතිශතය අවම වශයෙන් සියයට 6 ක් දක්වා ඉහළ දමනු ඇතැයි ඇතැයි සාර්ක් රටවලට සහ ජාත්‍යන්තර ආයතන වලට දී ඇති පොරොන්දුව ක්‍රියාත්මක කිරීමට කැපවිය යුතුය යන්න සහ රජයේ උසස් අධ්‍යාපන ප්‍රතිපත්තිය කුමක් ද යන්න නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ යුතුය යන්න ජාතික අවධානය දිනාගනිමින් තිබේ.…

(පශ්චාත්) නූතන’ දෘෂ්ටියෙන් ‘සම්ප්‍රදායික සිංහල ගම’ බැලීම – සමකාලීන සිංහල සිනමාව පිළිබඳ කියැවීමක්

කතිකා.ලංකා වෙබ් අඩවියේ පළ වූවකි. සමකාලීන සිංහල සිනමාව පිළිබඳ කියැවීමක් සමකාලීන සිංහල සිනමාවේ ආන්දෝලනයට තුඩුදුන් චිත්‍රපට (මේ මගේ සඳයි, පුරහඳ කළුවර, සුළඟ එනු පිණිස) තුනක් නිර්මාණය කළ අශෝක හඳගම, ප්‍රසන්න විතානගේ සහ විමුක්ති ජයසුන්දර යන අධ්‍යක්ෂවරුන් තිදෙනාම එම චිත්‍රපට වලට පසුබිම කර ගත්තේ ‘සිංහල ගම’යි. එහෙයින් මෙම චිත්‍රපට සිංහල ගම පිළිබඳ කතාබහක් සමාජය තුළ ඇති කළේය. මෙම කතාබහට මුල් වූ අදහසක් වූයේ, ඇතමුන් කියන පරිදි යහපත් ගති පැවතුම් ඇති හැදියාවක් ඇති මිනිසුන් ගැහැණුන් වසනා සිංහල ගමක් ලංකාවේ නැති බව මේ චිත්‍රපට වලින් පෙන්වා දෙන බවයි. සිංහල ගම පිළිබඳ පවතින සම්ප්‍රදායික චිත්‍රය මිථ්‍යාවක් බවයි. මේ අදහස පිළිබඳ දීර්ඝ විග්‍රහයක් අපි මීට…

කේමදාස පශ්චාත්-නූතනවාදීයෙකු නොවීය.

ප්‍රේමසිරි කේමදාසයන්ගේ අභාවයෙන් සිංහල සංගීතය පිළිබඳ මතුවූ කතාබහ ප්‍රේමසිරි කේමදාසයන්ගේ අභාවය සිංහල කියවන සමාජයේ අදහස් මහා ඕඝයක් මුදා හැරියේය. හැම කෙනෙකුටම පාහේ කියන්නට යමක් තිබුණා මෙනි. දැන් ඒ අදහස් පිළිබඳ විග්‍රහයක් කරන්නට සුදුසු කාලයයි. මෙම ලිපිය කේමදාසයන්ගේ සංගීතය පිළිබඳ ශාස්ත්‍රීය විග්‍රහයක් නොවේ. එය සංගීතඥවරියක් හෝ ගාන්ධර්වවේදි‍‍යකු විසින් තවමත් කළ යුතුව තිබෙන්නකි. අපගේ මෙම උත්සාහය කේමදාසයන්ගේ අභාවයත් සමග සිංහල සමාජයේ පළවුණු අදහස් සමුදායේ හරය වටහා ගන්නට සහ ඒ පිළිබඳ සමාජ විචාරයක් සම්පාදනය කරන්නටය. ඡායාරූපය ‘රාවය‘ පුවත් පතිනි.

සමකාලීන සිංහල සිනමාව පිළිබඳ කියැවීමක්

සමකාලීන සිංහල සිනමාව පිළිබඳ කියැවීමක් සමකාලීන සිංහල සිනමාවේ ආන්දෝලනයට තුඩුදුන් චිත්‍රපට (මේ මගේ සඳයි, පුරහඳ කළුවර, සුළඟ එනු පිණිස) තුනක් නිර්මාණය කළ අශෝක හඳගම, ප්‍රසන්න විතානගේ සහ විමුක්ති ජයසුන්දර යන අධ්‍යක්ෂවරුන් තිදෙනාම එම චිත්‍රපට වලට පසුබිම කර ගත්තේ ‘සිංහල ගම’යි. එහෙයින් මෙම චිත්‍රපට සිංහල ගම පිළිබඳ කතාබහක් සමාජය තුළ ඇති කළේය. මෙම කතාබහට මුල් වූ අදහසක් වූයේ, ඇතමුන් කියන පරිදි යහපත් ගති පැවතුම් ඇති හැදියාවක් ඇති මිනිසුන් ගැහැණුන් වසනා සිංහල ගමක් ලංකාවේ නැති බව මේ චිත්‍රපට වලින් පෙන්වා දෙන බවයි. සිංහල ගම පිළිබඳ පවතින සම්ප්‍රදායික චිත්‍රය මිථ්‍යාවක් බවයි. මේ අදහස පිළිබඳ දීර්ඝ විග්‍රහයක් අපි මීට පෙර ‘මේ මගේ සඳයි’ මුල්…