Tagged කුමුදු කුසුම් කුමාර

රට බෙදීමේ තර්ජනය ජය ගත හැකි දේශපාලන මැද පිළිවෙත ගොඩ නැඟීම – කුමුදු කුසුම් කුමාර

ජනාධිපතිවරණ සටනේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ප්‍රතිපත්ති මාලාවේ ප්‍රමුඛතම කරුණ ත් එම කඳවුරේ අවසාන ප්‍රචාරක තුරුම්පුවත් වන්නේ ජාතික ආරක්ෂාව යි. මෛත්‍රීපාල සිරිසේන ට බලය දුන හොත් ඇමෙරිකානු අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් මගින් විදෙස්ගත එල්ටීටීඊ කණ්ඩායම් වල සහායෙන් ලංකාව දෙකට බෙදා රට අස්ථාවර කෙරෙනු ඇතැයි මොවුහු කියති. මේ පිළිබඳ මාධ්‍ය විවාද වලදී මහින්ද කඳවුරේ ප්‍රධාන කථිකයා බවට පත්ව සිටියේ ආචාර්ය දයාන් ජයතිලක ය. මෛත්‍රීපාල බලයට පත් කළ හොත් රට බෙදනු ඇතැයි කියන විචාරකයන්ට දයාන් ජයතිලක ගෙන් කරුණු උපුටා දක්වමින් පිළිතුරක් ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි. ඇමරිකාව මුල් වන වි‍දේශ බලපෑමක් ලංකාවට එල්ල වීමට ප්‍රධාන හේතුවක් ලෙස දයාන් ජයතිලක පෙන්වා දී ඇත්තේ ලංකාව රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන්…

ජනාධිපතිවරණයේදී ජනතා න්‍යාය පත්‍රයක් ඉදිරියට ගැනීමේ අභියෝගය – සමාජවාදී අධ්‍යන කවයේ සංවාදය

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ජනතා න්‍යාය පත‍්‍රයක් ඉදිරියට ගන්නේ කෙසේ ද? මැයෙන් සංවාදයක් ඉකුත් 4 දා සවස මරදාන සමාජ සහ සාමයික කේන්ද්‍රයේදී පැවැත්විණ. එය සංවිධානය කර තිබුණේ සමාජවාදී අධ්‍යන කවය මගිනි. ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මෙහෙයවූ සංවාදය අදියර දෙකකින් යුක්ත විය. පළමු අදියරේදී ආචාර්ය සුමනසිරි ලියනගේ, ආචාර්ය මයිකල් ප‍්‍රනාන්දු සහ ආචාර්ය කුමුදු කුසුම් කුමාර සභාව ඇමතූහ. දෙවන අදියරේදී පූජ්‍ය අතුරලියේ රතන හිමි, උදය ගම්මන්පිල, රාජා උස්වැටකෙයියාව, ප‍්‍රසන්න විතානගේ සහ කේ.ඩබ්. ජනරංජන සභාව ඇමතුවේය. වත්මන් දේශපාලන පෙළගැස්ම සහ ඒ තුළ සිදුවිය හැකි සහ සිදු කළ යුතු දේ පිළිබඳ එහිදී දීර්ඝ වශයෙන් සංවාදයට ලක්විය. සංවාදය හඳුන්වා දෙමින් අදහස් දැක්වූ චමීර පෙරේරා ප‍්‍රකාශ…

ජනාධිපතිවරණය, ප්‍රජාතන්ත්‍රවාදය සහ නව වම – කුමුදු කුසුම් කුමාර විසිනි

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී සහයෝගය දෙන්නේ පවත්නා රජයට පක්ෂවද නැතහොත් විපක්ෂවද යන්න මත මෙරට දේශපාලනයේ මූලික පිල් බෙදීමක් සිදුවෙමින් පවතී. ඉන් කියැවෙන්නේ මෙම මැතිවරණය ලාංකේය දේශපාලනයේ තීරණාත්මක සන්ධිස්ථානයක් වන බවයි. මෙයට අමතරව විපක්ෂයේ පොදු අපේක්ෂකයා වන්නේ කවුරුන්ද යන්න පිළිබඳ ද විවිධ මත අනුව පිල් බෙදෙමින් පවතී. ජනාධිපතික්‍රමය අහෝසි කිරීමේ යෝජනා මුල් කොට ගෙන ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කිරීම අරමුණු කොට ගත් නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙක් සඳහා එකඟත්වයක් ගොඩ නැඟීමේ ව්‍යාපාරයක් තිබේ. එමෙන්ම විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂයා විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙසින් පිළිගැන්වීමේ උත්සාහයක් ද ඇත. මේ සියල්ල ප්‍රභූ පැළැන්තියේ පාලනය තට්ටු මාරු ක්‍රමයට පවත්වා ගෙන යාමේ වැඩ…

යළි දේශපාලනික දේ වෙතට: ප්‍රජාතන්ත්‍රවාදී අරගලයම නව ලිබරල්වාදයට එරෙහි සටනක් විය නොහැකි ද ? සුමනසිරි ලියනගේ ට කුමුදු කුසුම් කුමාර ගෙන් පිළිතුරු

සුමනසිරි ලියනගේ “වම සහ ජනාධිපතිවරණය ගැන තීසිස 11ක්” (බලන්න, මෙහි ) යන මැයෙන් කිහිප දෙනෙකුට විද්‍යුත් තැපෑලෙන් යැවූ ලිපිය අප ඔහුගේ අවසරයෙන් ‘කතිකා‘ වෙබ් අඩවියේ පළකිරීමෙන් ඇති වී තිබෙන සාකච්ඡාව යහපත් දෙයක් ලෙස අපි දකිමු. “ලංකාවත් දැන් පශ්චාත්-ප්‍රජාතන්ත්‍රවාදී යුගයකට එළඹිලාද?” (බලන්න, මෙහි) යන මැයෙන් මා සුමනසිරි ලියනගේ ගේ ලිපියට ලියූ පිළිතුරට යෙදූ සිරස්තලයෙන් මා අදහස් කරන්නේ “සමහර රටවල් අද එවැනි යුගයකට පිවිස ඇති බවත් ශ්‍රී ලංකාව එම ගොඩට දැමීම ප්‍රශ්න කළ හැක්කක් යැයි” යන්න දැයි සුමනසිරි විමසයි (බලන්න මෙහි). එයට කෙටි පිළිතුර “ නැත ” යන්නයි.

අපි ජීවත්වන අවධියේ ස්වභාවය තේරුම් ගනිමු – කුමුදු කුසුම් කුමාර ට පිළිතුරක් සුමනසිිරි ලියනගේ

අපි ජීවත්වන අවධියේ ස්වභාවය තේරුම් ගනිමු – කුමුදු කුසුම් කුමාර ට පිළිතුරක් සුමනසිිරි ලියනගේ විසිනි ‘වම සහ ජනාධිපතිවරණය ගැන තීසිස 11 ක්’ මැයින් මා ලියූ ලිපිය පල කිරීම අරමුණු කර ගෙන නොකල ද එය තම වෙබ් අඩවියේ පල කිරීම ගැන මම කුමුදු ට ස්තූතිවන්ත වෙමි. තම පිළිතුරට කුමුදු යොදන හෙඩිම ‘ලංකාවත් දැන් පශ්චාත් ප්‍රජාතන්ත්‍රවාදී යුගයකට එළඹිලා ද?’ යන්න ය. පශ්චාත් යන වචනය කුමන නාම පදයකට විශේෂණයක් ලෙස හෝ යෙදීමට මම අකමැත්තෙමි. එහෙත් එම විශේෂණය යෙදීමට මගේ විරුද්ධත්වයක් නැත. කුමුදුගේ හෙඩිමෙන් සමහර රටවල් අද එවැනි යුගයකට පිවිස ඇති බවත් ශ්‍රී ලංකාව එම ගොඩට දැමීම ප්‍රශ්න කළ හැක්කක් යැයි හේ අදහස් කරන්නේ…

ලංකාවත් දැන් පශ්චාත්-ප්‍රජාතන්ත්‍රවාදී යුගයකට එළඹිලාද? කුමුදු කුසුම් කුමාර

ලංකාවත් දැන් පශ්චාත්-ප්‍රජාතන්ත්‍රවාදී යුගයකට එළඹිලාද? කුමුදු කුසුම් කුමාර විසිනි සුමනසිරි ලියනගේ “වම සහ ජනාධිපතිවරණය ගැන තීසිස 11ක්” (බලන්න, මෙහි ) යන මැයෙන් ජනාධිපතිවරණයකදී වමේ ස්වාධීන අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කිරීමේ යෝජනාව ගැන ලියූ අදහස් පිළිබඳ ලියමි. මගේ ප්‍රමාදය මෙම සාකච්ඡාවට වමෙන් ප්‍රතිචාරයක් දැක්වෙනු ඇතැයි බලා සිටි හෙයිනි. ඌව පලාත් සභා මැතිවරණ ප‍්‍රතිඵලයෙන් පෙන්නුම් කළ එක්සත් ජනතා නිදහස් සංධානයට එරෙහිව ගොඩ නැගෙන ජන පෙළගැස්ම සමග වම නොසිටිය හොත් වම තනි විමට ඇති ඉඩ කඩත් එය වක‍්‍ර ලෙස මහින්ද තන්ත‍්‍රයට ආධාර කිරීමක් ලෙස ජනයා සැළකිමට හැකි කමත් ගැටලුවක් ලෙස දකින වමේ මතය සුමනසිරි ලියනගේ ප්‍රශ්න කරයි. එයට විසඳුමක් ලෙස වම ඉදිරිපත් කරන “වම ස්වාධීන…