Tagged කුමුදු කුසුම් කුමාර

ලොව ‍රැකගැනීමෙහිදී අධ්‍යාපනයේ භූමිකාව: ලිබරල් කලාවන්ගේ සහ මානව ශාස්ත්‍රයන්ගේ වැදගත්කම – කුමුදු කුසුම් කුමාර

සදාචාරත්මක මිනිසා, පරිපූර්ණ මිනිසා, නොදැනුවත්ව මෙන් වාණිජමය මිනිසාට, සීමිත පරමාර්ථ සහිත මිනිසාට වඩ වඩාත් ඉඩ දෙමින් ඉවත් වන අවධියකට ඉතිහාසය අවතීර්ණ වී ඇත. විද්‍යාවේ පුදුම සහගත ප්‍රගතියත් සමඟ, මෙම ක්‍රියාවලිය විශාල සහ බලවත් ස්වරූපයක් ගනිමින් පවතින අතර, මෙය මිනිසාගේ සදාචාරමය තුලනය අවුල් වීමටත්, ඔහුගේ මිනිසත් බව ආත්මයක් නැති සංවිධානයක සෙවණැල්ල පි‍ටුපස සැඟවීයාමටත් හේතු වේ.- රබින්ද්‍රනාත්…

ජාතික චින්තනවාදීන් සහ ‘දේශ හිතෛෂීන්‘ නව ලිබරල්වාදය වැළඳ ගැනීම

ජාතික චින්තනවාදීන් සහ ‘දේශ හිතෛෂීන්‘ නව ලිබරල්වාදය වැළඳ ගැනීම කුමුදු කුසුම් කුමාර විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ වැඩ වර්ජනය දින සියය සපුරද්දී නිමාවට පත් වීය. තම ඉල්ලීම් පිළිබඳ රජයෙන් ලැබුණු ප්‍රතිචාරය පිළිබඳ සෑහීමකට පත් නොවන බව ආචාර්ය සමිති සම්මේලනය කියා සිටියාය. මෙම ප්‍රශ්නය විශ්ව විද්‍යාල ආචාර්යවරුනට හෝ රජයට ජයක් හෝ පරාජයක් නොමැතිව රටටත් ජනතාවටත් ජයග්‍රහණය හිමිවන ආකාරයට විසඳීමට තමන් සමත් වූ බව එහිලා මැදිහත්කරු ලෙසින් ක්‍රියාකළ ඇමති බැසිල් රාජපක්ෂ පසුව ප්‍රකාශ කොට තිබුණි. එයින් කියැවෙන්නේ ආරම්භයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ පිරිනැමූ ‘දෙගොල්ලම-දිනුම් විසඳුම‘ මෙය බවද? තම අමාත්‍ය ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ අනුමතිය සහිතව ආචාර්ය සමිති සම්මේලනය සමග සාකච්ඡාවට බට මුදල් අමාත්‍යංශ…

රාජ්‍ය ආරක්ෂාව සහ සරසවි ඇදුරු වර්ජනය

රාජ්‍ය ආරක්ෂාව සහ සරසවි ඇදුරු වර්ජනය කුමුදු කුසුම් කුමාර විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩ වර්ජනයට දැන් දින 80 කි. ඔවුනගේ ඉල්ලීම් වලට සාධනීය විසඳුමක් මේ දක්වා ඉදිරිපත් කොට නොමැති රජය දැන් එය මර්ධනය කිරීමට සූදානම් වෙමින් සිටින බව පෙනෙයි. රජයට අවශ්‍ය නම් ආචාර්ය සමිති සම්මේලනය මර්ධනය කිරීම විනාඩි දහයකින් කළ හැකි බවට උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී. දිසානායක ප්‍රකාශ කොට තිබීමෙන් පෙනී යන්නේ එබඳු මර්ධනයක් පිළිබඳ රජය සළකා බලමින් සිටින බවයි. නමුත් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ නීත්‍යානුකූල වැඩ වර්ජනය මර්ධනය කිරීමට රජය පැත්තෙන් කිසියම් සාධාරණ හේතුවක් ඉදිරිපත් කළ හැකිද? රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයට ඇති බුද්ධි තොරතුරුවලට අනුව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සාමකාමී වැඩ වර්ජනය…

රාජපක්ෂ රෙජීමයේ ‘අභිමානය සහ අගතිය‘

රාජපක්ෂ රෙජීමයේ ‘අභිමානය සහ අගතිය‘ කුමුදු කුසුම් කුමාර විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය ස්වෙච්ඡා බේරුම්කරණයට යොමුකිරීම ට රජය කටයුතු කොට ඇත. තමන් ඉදිරිපත් කොට ඇති අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාල ගැටලු මේ ආකාර ක‍්‍රියාවලියකින් විසඳීමට නොහැකි බැවින් බේරුම්කරණ ක්‍රියාවලියට සහභාගිවීම ප්‍රතික්ෂේප කිරීමට ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය කොට ඇත. එම විරෝධය තිබියදීත් රජය එම ක්‍රියාමාර්ගයේම ඉදිරියට යන්නේ නම් මී ළඟ පියවර වන්නේ රජයේ කැමැත්තට නියෝජිතයෙකු පත් කොට අනිවාර්ය බේරුම්කරණ ක්‍රියාවලියට පිවිසීමයි. එවිට වර්ජනය නවත්වා සේවයට වාර්තා කිරීමට වර්ජකයන්ට සිදුවන අතර බේරුම්කරු නියම කරන කාලයකට යලි වෘත්තීය ක්‍රියාමාර්ගයට පිවිසීම ඔවුනට තහනම් වෙයි. එපමණක් නොව බේරුම්කරුගේ තීන්දුව එලෙසින්ම පිළිගැනීමටද ඔවුනට සිදුවෙයි. අනිවාර්ය බේරුම්කරණය බේරුම්කරණ…

ලොව රැකගැනීමෙහිදී අධ්‍යාපනයේ භූමිකාව: ලිබරල් කලාවන්ගේ සහ මානව ශාස්‌ත්‍රයන්ගේ වැදගත්කම – 2 වැනි කොටස

ලොව රැකගැනීමෙහිදී අධ්‍යාපනයේ භූමිකාව: ලිබරල් කලාවන්ගේ සහ මානව ශාස්‌ත්‍රයන්ගේ වැදගත්කම – 2 වැනි කොටස කුමුදු කුසුම් කුමාර අනුවර්තනය – චමත්කා දේවසිරි මෙම ලිපියේ මුල් කොටස පසුගිය සතියේ පළවිය.. 4. ලිබරල් කලාවන් : ආවශ්‍යක අගයප්‍රජාතන්ත්‍රය පවත්වා ගැනීමට මානව හැකියාවන් වර්ධනය මෙම ලිපියේ මූලික තර්කය නම් ලිබරල් කලා අධ්‍යාපනයේ වැදගත්කම රඳා පවතින්නේ, නවෝත්පාදන කිරීම සඳහා හෝ ව්‍යවසායකත්වයට හෝ කළමණාකරණයේ ආචාධර්මය තීරණ ගැනීමේ දී අදාළ හැකියාවන් වර්ධනය කිරීමට හෝ එහි ඇති හැකියාවට එහා ගිය, වඩා වැදගත් හේතු තුළ බව යි. මීළඟ කොටසේ දී, නූතන ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය පවත්වා ගැනීමට මානව හැකියාවන් වර්ධනය යනුවෙන් මාර්තා නුස්‌බවුම් සඳහන් කරන, ලංකාවට ද අදාළ කර ගත හැකි, කරුණන්…

ලොව රැකගැනීමෙහිදී අධ්‍යාපනයේ භූමිකාව: ලිබරල් කලාවන්ගේ සහ මානව ශාස්‌ත්‍රයන්ගේ වැදගත්කම

ලොව රැකගැනීමෙහිදී අධ්‍යාපනයේ භූමිකාව: ලිබරල් කලාවන්ගේ සහ මානව ශාස්‌ත්‍රයන්ගේ වැදගත්කම – කුමුදු කුසුම් කුමාර සදාචාරත්මක මිනිසා, පරිපූර්ණ මිනිසා, නොදැනුවත්ව මෙන් වාණිජමය මිනිසාට, සීමිත පරමාර්ථ සහිත මිනිසාට වඩ වඩාත් ඉඩ දෙමින් ඉවත් වන අවධියකට ඉතිහාසය අවතීර්ණ වී ඇත. විද්‍යාවේ පුදුම සහගත ප්‍රගතියත් සමඟ, මෙම ක්‍රියාවලිය විශාල සහ බලවත් ස්‌වරූපයක්‌ ගනිමින් පවතින අතර, මෙය මිනිසාගේ සදාචාරමය තුළනය අවුල් වීමටත්, ඔහුගේ මිනිසත්බව ආත්මයක්‌ නැති සංවිධානයක සෙවණැල්ල පිටුපස සැඟවීයැමටත් හේතු වේ. රබින්ද්‍රනාත් තාගෝර්, Nationalism, 1917 …සැබෑ මානවවේදියකුට විද්‍යාඥයාගේ නියමයන්වත් දාර්ශනිකයාගේ සත්‍යවත් කලාකරුවාගේ සෞන්දර්යයවත් පරමයන් නොවේ. හනා ආරන්ඩ්ට්‌, ,Crisis in culture” in Between Past and Present 1958 1. හැඳින්වීම ශ්‍රී ලංකාවේ පශ්චාත් යුද අවධියේ දී,…