Tagged ජනාධිපතිවරණය

Featured

මැතිවරණ, ණය තිරසාරභාවය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ත්‍රාසද්ග්‍රහණය – අහිලන් කදිර්ගාමර් 

අහිලන් කදිර්ගාමර්  මගේ පසුගිය තීරු ලිපිවල මා තර්ක කර ඇති පරිදි ජාමූඅ අපට ඇපදීමක් කර නොමැති අතර, පසුගිය වසර දෙක තුළ ශ්‍රී ලංකා ආර්ථිකය දුවන්නේ තමන්ගේම විදේශ ඉපැයීම් මත ය; ලංකාවට ලැබෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගෙවීම් මසකට ඩොලර් මිලියන 60කට සමාන වන අතර ශ්‍රී ලංකාවේ විදේශ ඉපැයීම් මසකට ඩොලර් මිලියන 1,800කි. ඇත්ත වශයෙන්ම, අපි පසුගිය…

Featured

මැතිවරණ, නැවත සාකච්ඡා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පන්ති දේශපාලනය – අහිලන් කදිර්ගාමර්

ජනාධිපතිවරණය ලඟා වෙමින් පවතින අතර වත්මන් ආර්ථික ගමන් මගට අත්‍යාවශ්‍ය විකල්ප කොතැනකවත් පෙනෙන්නට නැත. නිදහසින් පසු ශ්‍රී ලංකාව දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දී සිටින අතර, මෙම ඓතිහාසික මැතිවරණය තවමත් ප්‍රකෘති තත්ත්වයට පත්වීම සඳහා ආර්ථික වැඩපිළිවෙළක් ඉදිරිපත් කර නොමැත. ඒ වෙනුවට, මැතිවරණ ජයග්‍රහණය සඳහා තරඟ වදින විපක්ෂ දේශපාලන අපේක්ෂකයින්, දැඩි කප්පාදු පියවර මගින් වැඩකරන ජනතාවගේ හුස්ම…

ජනාධිපතිවරණය, ජවිපෙ සහ වාම හෘදය සාක්ෂිය: යළි සළකා බැලීම උදෙසා — ‘කතිකා’ අධ්‍යයන කවය

“දෙමළ සහ මුස්ලිම් ජනයා, තීරණාත්මක අවස්ථාවේදී දේවල් අතර වෙනස්කම් හඳුනාගැනීමට පොහොසත් ව්‍යවහාරික බුද්ධියෙන් සම්පන්න වූවන් බව පෙනෙයි. ඔවුනට අවශ්‍ය යලිත් සිංහල බෞද්ධ ජාතිවාදය නැඟී දෙමළ ප්‍රජාවේ අන්තවාදීන් සමග එය ගැටෙනු දැකීමට නොවේ. එය දෙමළ ප්‍රජාවට මාරාන්තික වනු ඇතැයි ඔවුහු නිවැරදි අවබෝධයක සිටිති. ඔවුනට අවශ්‍ය යුද්ධය අවසන් වීමෙන්, 2015 ජනවාරි 8 ආණ්ඩු පෙරළියෙන් ලැබුණු නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදී…

ආණ්ඩු වෙනස් කිරීම සහ සිංහලයා බඩ ගෝස්තරවාදියෙකු සහ බිය සුල්ලෙකු බවට පත් කිරීමේ දේශපාලනය

කුමුදු කුසුම් කුමාර අද අප එළඹ සිටින්නේ ජීවිතයට කොතරම් උද්දීපනයක් ගෙන එන කාලයකටද? යැයි සේවා ස්ථානයේ මිතුරියක කීවේ ඇය ගමන් කළ ත්‍රී රෝද රථයේ රියදුරා ඇය කවුද යන්නවත් නොදැනම තොර තෝංචියක් නැතිව වත්මන් රජය ගෙදර යැවිය යුතු හේතු එක දිගට කියා ගෙන යනු අසා සිටීමෙන් ඇති වූ විමතියෙන් යුතුව කාර්යාලයට පැමිණ පසුය. විපක්ෂයේ ජනාධිපති පොදු අපේක්ෂකයා ප්‍රකාශයට පත් වීමේ ආරංචිය පැතිර යත්ම එබඳු ඉමහත් සැනසීමක් පිළිබඳ හැඟීමකින් සියලු තරා තිරම් වල ජනයා ඇළලී යනු දකින්නට ලැබුණි. සමස්ත සමාජය එය වසා සිරකොට සිටි මහා පීඩනයකින් එක් වරම නිදහස් වූවා වැනිය. දැන් යලිත් වරක් ආණ්ඩු මාරුවක් කළ හැකිය යන හැඟීම මෙයට පාදක…

ජනාධිපතිවරණය, ප්‍රජාතන්ත්‍රවාදය සහ නව වම – කුමුදු කුසුම් කුමාර විසිනි

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී සහයෝගය දෙන්නේ පවත්නා රජයට පක්ෂවද නැතහොත් විපක්ෂවද යන්න මත මෙරට දේශපාලනයේ මූලික පිල් බෙදීමක් සිදුවෙමින් පවතී. ඉන් කියැවෙන්නේ මෙම මැතිවරණය ලාංකේය දේශපාලනයේ තීරණාත්මක සන්ධිස්ථානයක් වන බවයි. මෙයට අමතරව විපක්ෂයේ පොදු අපේක්ෂකයා වන්නේ කවුරුන්ද යන්න පිළිබඳ ද විවිධ මත අනුව පිල් බෙදෙමින් පවතී. ජනාධිපතික්‍රමය අහෝසි කිරීමේ යෝජනා මුල් කොට ගෙන ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කිරීම අරමුණු කොට ගත් නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙක් සඳහා එකඟත්වයක් ගොඩ නැඟීමේ ව්‍යාපාරයක් තිබේ. එමෙන්ම විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂයා විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙසින් පිළිගැන්වීමේ උත්සාහයක් ද ඇත. මේ සියල්ල ප්‍රභූ පැළැන්තියේ පාලනය තට්ටු මාරු ක්‍රමයට පවත්වා ගෙන යාමේ වැඩ…

ල.ස.ස.ප. ලේකම් තිස්ස විතාරණ ට අභියෝගයක්: ” සහෝදරයා මාධ්‍යයට කියන කතාව ඇන්. ඇම්. සහෝදරයාගේ පිංතූරය ඉදිරියෙන් ඉඳන් කියන්න” – චමීර පෙරේරා

චමීර පෙරේරා, මධ්‍යම කාරක සභික – ල.ස.ස.ප. ල.ස.ස.ප. ලේකම් තිස්ස විතාරණ සහෝදරයා මාධ්‍ය හමුවක් කැඳවා තමන් පක්‍ෂයේ ව්‍යවස්ථාව අනුව කටයුතු කළ බවත්, සෙසු අය ඊට විරුද්ධව බොරු කියමින් යන බවත් පවසා ඇත. ඇත්තටම විතාරණ සහෝදරයා කළ යුත්තේ, මාධ්‍ය හමුවක් කැඳවා ඔය දේ ප‍්‍රකාශ කිරීමට පෙර, දේශපාලන මණ්ඩලය රැස්වන කාමරයේ ඇති ඇන්. ඇම්. සහෝදරයාගේ පිංතූරය ඉදිරියට ගොස් ඔය ප‍්‍රකාශය කිරීමය. ලේකම් සහෝදරයාට තමන් ලියූ දේශපාලන වාර්තාව ගැන කල්පනාවක් නැති කල්හි, පක්‍ෂයේ ව්‍යවස්ථාව හෝ ඇන්. ඇම්, කොල්වින් සහෝදරවරුන්ගේ ප‍්‍රකාශන ගැන කුමන කතාද? විතාරණ සහෝදරයා පසුගිය මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කළ දේශපාලන වාර්තාවේ මෙසේ සඳහන් කරයි: ‘‘රාජපක්‍ෂ පවුල මෙන්ම ශ‍්‍රි.ල.නි.පයේ සමහර නායකයන් විසින්…