දේශපාලන න්‍යායවේදිනී වෙන්ඩි බ්‍රවුන් ඇගේ ‘ශුන්‍යතාවාදී යුගය’ ( Nihilistic Times, 2023) නමැති පොතේ තර්ක කරන්නේ අප ජීවත් වන්නේ දැඩි ශුන්‍යතාවාදී යුගයක බවයි. මෙම ශුන්‍යතාවාදයේ නැගීම අපගේ වත්මන් දේශපාලන අර්බුදයේ කේන්ද්‍රස්ථානය ලෙස තබමින් ඇය අනතුරු අඟවන්නේ, එය දේශපාලන මෙන්ම ශාස්ත්‍රාලීය ජීවිතයද පිරිහීමට හා ව්‍යාකූලත්වයට පත් කරමින් ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාකාරීව විනාශ කරන බවයි. බ්‍රවුන්ගේ දැක්මට අනුව, ශුන්‍යතාවාදය දැනුම සහ දේශපාලන වගකීම යන දෙකෙහිම අගය බිඳවැටීමට හේතු වේ. මෙම අර්බුදය විශේෂයෙන්ම ශාස්ත්‍රීය ක්ෂේත්‍රය තුළ පැහැදිලිව දක්නට ලැබේ.
'kathika' social, cultural and political review
Tagged දේශපාලන ආර්ථිකය
සමාජවාදය සහ කොමියුනිස්ට්වාදය පිළිබඳ පුනර්කල්පනය – තිරසාර මානව සංවර්ධනය සහ මානව විමුක්තිය
පාරිසරික සමාජවාදී පර්යාලෝකයට අනුව, මනුෂ්‍ය වර්ගයා සහ පෘථිවිය අතර සමතුලිත සම්බන්ධතාවක් නැවත ගොඩනැගීමේ අරගලය, සොබාදහම සහ සමාජය අතර පරිවෘත්තීය සමතුලිතතාවය විඛණ්ඩනයට පෙර තිබූ තත්වයට ප්‍රතිස්ථාපනය කිරීම සඳහා වන අරගලයයි. ….
මාක්ස්ගේ සමහර ලේඛනවල, නිෂ්පාදන බලවේගවල අඛණ්ඩ වර්ධනයට නිෂ්පාදන සබඳතා බාධාවක් වන විට සමාජ විප්ලවයේ යුගය උදා වන බවට වන නියතිවාදී (determinist) මතයක් දැකිය හැකිය. …….
සමාජ විප්ලවය ඉතිහාස ගමනේ නොවැළැක්විය හැකි ප්‍රතිඵලයක් ලෙස දකින මෙම ස්ථාවරය තුළ හේගලියානු බලපෑමක් ඇති බවට සමහරු විවේචනය කර ඇත. ‘…….
විප්ලවවාදී සමාජ වෙනස පිළිබඳ මාක්ස්ගේ ලේඛනවල ප්‍රවණතා දෙකක් හඳුනාගත හැකිය. එකක්, සමාජ විප්ලවය යනු ඓතිහාසික නියතිවාදයක නොවැළැක්විය හැකි ප්‍රතිඵලයක් යන අදහස ඉදිරිපත් කරයි. අනෙක, ‘දාර්ශනිකයන් ලෝකය විවිධාකාරයෙන් විග්‍රහ කර ඇත, නමුත් වැදගත් කරුණ වන්නේ එය වෙනස් කිරීමයි’ යනුවෙන් 1845 දී තරුණයෙකු ලෙස ඔහු සටහන් කළ අදහසට අනුව, ඉතිහාසය නිර්මාණය කරන සහ වෙනස් කරන බලවේගය ජනතාවමය යන චින්තනය ලේඛනවල මෙන්ම ප්‍රායෝගිකව ද පෙන්වන ප්‍රවණතාවයි.
දේශගුණික ධනවාදය සහ කාබන් වෙළඳපොළවල්
‘දේශගුණික විපර්යාසය යනු ලෝකය මෙතෙක් දුටු විශාලතම වෙළඳපොළ අසමත් වීමේ ප්‍රතිඵලයකි’…..
කාබන් වෙළඳපොළවල්, දේශගුණික ධනවාද ව්‍යාපෘතියේ ප්‍රධාන කොටසකි…….
නව-ලිබරල් ආර්ථිකය තුළ, පාරිසරික දූෂණයද වෙළඳ භාණ්ඩයක් බවට පත් කර ඇත……
අද දින ෆොසිල ඉන්ධන භාවිත නොකිරීමට තීරණය කළ ද, දැනටමත් වායුගෝලයට එක් වී ඇති කාබන් ඩයොක්සයිඩ්හි බලපෑම ශතවර්ෂ ගණනාවක් පැවතීම වැළැක්විය නොහැකිය……
ධනවාදය සහ මානව සංවර්ධනය
2008 දී ලෝකයම කැලඹූ මූල්‍ය අර්බුදයෙන් පසු, ආර්ථික වර්ධනය යළි නගා සිටුවීම කෙරෙහි අවධානය යොමු කර සිටි ජාත්‍යන්තර සංවිධාන ‘හරිත වර්ධනය, හරිත ආර්ථිකය’ (green growth, green economy) යන ප්‍රතිපත්තියට ප්‍රමුඛත්වය දෙමින් ක්‍රියාත්මක වීමට පටන් ගත්හ.මෙම ප්‍රතිපත්තිය පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතයට වැදගත්කමක් ලබා දුනි. එහෙත්, ස්වභාවික සම්පත් භාවිතය සම්බන්ධයෙන් ගත් කල, මෙම ප්‍රවේශය වෙළඳපොළකරණය සහ පෞද්ගලීකරණය, එනම් නව-ලිබරල් ධනවාදයේ අඛණ්ඩ පැවැත්මටම උපකාරී විය.
නව මානව යුගයේ පාරිසරික මාක්ස්වාදය – නිමක් නැති ප්‍රාග්ධන සමුච්චයනය ද, නැතහොත් තිරසාර මානව සංවර්ධනය ද?
” දහනවවන සියවසේදී මාක්ස් විසින් හඳුනාගත් පරිවෘත්තීය විඛණ්ඩනය, අද විසිඑක්වන සියවසේදී ධනවාදයේ වර්ධනය සහ එහි ගෝලීය ව්‍යාප්තියත් සමඟ බහුවිධ පැතිකඩ සහිත පාරිසරික ගැටලුවක් බවට පත්ව, මිනිසාගේ සහ අනෙකුත් ජීවීන්ගේ පැවැත්ම ඉතා දරුණු අවදානමකට ලක් කර ඇත. එදාම ඔහු ධනවාදී ක්‍රමයේ පරිවෘත්තීය විඛණ්ඩනය යථා තත්ත්වයට පත් කළ නොහැකි බවට නිරීක්ෂණය සටහන් කළේය. මෙහි අර්ථය නම් ධනවාදී ක්‍රමය තුළ එම විඛණ්ඩනය යථා තත්ත්වයට පත් කළ නොහැකි බවයි. “
සුසිල් සිරිවර්දන – ‘මාවත’ සංස්කාරක වැකි
පුරෝගාමී ප්‍රති-නව විජිතවාදී සහ ප්‍රති-ජාතිවාදී සංස්කෘතික දේශපාලනය සුසිල් සිරිවර්දන ගේ අභාවයෙන් 2022 අගෝස්තු 23 වැනිදාට වසරක් පිරෙයි. සුසිල් සිරිවර්දන කලක් ‘සංස්කෘති’ විචාර සංග්‍රහයේ සංස්කාරක මණ්ඩලයේ කටයුතු කළ අතර ‘මාවත’ ප්‍රගතිශීලී කලා, සාහිත්‍ය හා සංස්කෘතික ප්‍රකාශනයේ පුරෝගාමී සමාරම්භක සංස්කාරකවරයා ය. ඔහු මෙරට ප්‍රති-නව විජිතවාදී සහ ප්‍රති-ජාතිවාදී සංස්කෘතික දේශපාලනය පිළිබඳ සංකල්පීයකරණයෙහි පුරෝගාමීයා ලෙස හැඳින්වීම නිවැරදි යැයි සිතමු. ලාංකේය…



