ජනතාවගේ අවශ්‍යතා ඉදිරියට ගෙන යන ප්‍රතිසංස්කරණ සඳහා අනෙකුත් වාමාංශිකයන් සමඟ මාක්ස්වාදීන් ද එක්ව සටන් කරති. නමුත් ඔවුන් ප්‍රතිසංස්කරණවාදය ප්‍රතික්ෂේප කරති. ධනවාදයට වඩා හොඳ විකල්ප ක්‍රමයක් උදා කළ නොහැකි ය යන ධනපති පන්තියේ මතවාදයට ප්‍රතිසංස්කරණවාදය සහාය වේ. ධනේශ්වර ක්‍රමය තුළ අරගල කර දිනාගත් අයිතිවාසිකම් පවා සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වීම ප්‍රාග්ධනයේ ප්‍රධාන පන්තිමය අවශ්‍යතාවලට යටත් ය යන්න ඉතිහාසය දෙන පාඩමයි.
'kathika' social, cultural and political review
Tagged දේශපාලන පරිසර විද්‍යාව
පාරිසරික සමාජවාදී-කොමියුනිස්ට්වාදී අනාගතය පිළිබඳ දිවෙන කතිකාවන්
“‘දේශගුණික විපර්යාස ගැටලුව නොසලකා හැරීම වාමාංශික සමාජවාදීන්ගේ පොදු ප්‍රවණතාවකි. නමුත් මෙය බලවත් වරදකි. විසි එක්වන සියවසේදී, පොදුවේ පාරිසරික අර්බුදයේ (සහ විශේෂයෙන් දේශගුණික අර්බුදයේ) ප්‍රධාන ප්‍රශ්නයට පිළිතුරු සෙවීම, කම්කරු පන්තීන්ගේ සහ දිළින්දන්ගේ අරගලයට අතිශයින් වැදගත් බව අපි අවධාරණය කරමු. ඇලෙක්සැන්ඩ්‍රේ කොස්තා (2014)…. විවිධාකාර පාරිසරික ක්‍රියාකාරී සංවිධාන බොහොමයක් රජය සමඟ හෝ බහුජාතික සමාගම් සමඟ එක්ව ක්‍රියාත්මක වේ.…
