Tagged නිදහස

මහින්ද විශ්වාස කළ නොහැකිය, මෛත්‍රීපාල ට ඡන්දය දෙමි – කුමුදු කුසුම් කුමාර

1 ජනාධිපති මහින්ද රාජපක්ෂ ජාතික ආරක්ෂාව සඳහා තමා කෙරෙහි විශ්වාසය තබා තමා තුන් වැනි වරටත් ජනාධිපති කරන ලෙස ජනතාවට කියා සිටියි. නමුත් ඔහු විශ්වාස කිරීම සම්බන්ධයෙන් ගත් කළ අතීත වාර්තාව අපට පෙන්වා දෙන්නේ ජනතාව ඔහු කෙරෙහි තැබූ විශ්වාසය ඔහු දිගින් දිගටම කඩ කළ බවයි. එක්සත් නොබෙදුණු රටක් තුළ දේශපාලන බලය බෙදීම තම අපේක්ෂාව යැයි උතුරේ දෙමළ ජනතාවගේ අති මහත් බහුතර ඡන්දයෙන් බලයට පත් දේශපාලන නියෝජිතයන් නැවත නැවත අවධාරණය කරද්දීත් ලංකාව දෙකඩ කරන්නට කුමන්ත්‍රණයක් ඇතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ සිංහල ජනතාව බිය වැද්දීම දිගටම කරයි. තමනට ඡන්දය දුන් ජනතාව තමන් කෙරෙහි තැබූ විශ්වාසය කඩ කොට පෞද්ගලික වාසි තකා පිල් මාරු කළ මන්ත්‍රීන්…

ඇත්තෙන් ”ඉදිරිය”ට

කතුවැකිය මෙරට ප‍්‍රගතිශීලී මාධ්‍ය ව්‍යාපාරයේ පුරෝගාමී කාර්යයක් ඉටු කළ ”ඇත්ත” පුවත්පත ”ඉදිරිය” පුවත්පතෙහි ජන්ම භූමිය මෙන්ම ආදර්ශය ද වේ. 2013 ජූලි මස 3 දින සිට 2014 නොවැම්බර් 9 දින දක්වා ඇත්තේ කර්තෘවරුන් වූ අපි ඇත්ත 21 වන සියවසෙහි පුවත්පතක් බවට පත් කළෙමු. ඒ අවධිය තුළ ඇත්ත මෙරට පරිණතම සිංහල දේශපාලන පුවත්පත බවට පත් කිරිමට අපට හැකි විය. අප විසින් සංස්කරණය කරන ලද අවසාන ඇත්ත පුවත්පත එහි ප‍්‍රකාශකයන් වන ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ වර්තමාන නිල නායකත්වය විසින් තහනම් කරනු ලැබූ පසු අපි එහි කර්තෘ මණ්ඩලයෙන් ඉවත් වීමට තීරණය කළෙමු. එසේ වුව ද කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයන් ද ඇතුළුව ඇත්තේ පාඨක බහුතරය තවමත්…

ආණ්ඩු වෙනස් කිරීම සහ සිංහලයා බඩ ගෝස්තරවාදියෙකු සහ බිය සුල්ලෙකු බවට පත් කිරීමේ දේශපාලනය

කුමුදු කුසුම් කුමාර අද අප එළඹ සිටින්නේ ජීවිතයට කොතරම් උද්දීපනයක් ගෙන එන කාලයකටද? යැයි සේවා ස්ථානයේ මිතුරියක කීවේ ඇය ගමන් කළ ත්‍රී රෝද රථයේ රියදුරා ඇය කවුද යන්නවත් නොදැනම තොර තෝංචියක් නැතිව වත්මන් රජය ගෙදර යැවිය යුතු හේතු එක දිගට කියා ගෙන යනු අසා සිටීමෙන් ඇති වූ විමතියෙන් යුතුව කාර්යාලයට පැමිණ පසුය. විපක්ෂයේ ජනාධිපති පොදු අපේක්ෂකයා ප්‍රකාශයට පත් වීමේ ආරංචිය පැතිර යත්ම එබඳු ඉමහත් සැනසීමක් පිළිබඳ හැඟීමකින් සියලු තරා තිරම් වල ජනයා ඇළලී යනු දකින්නට ලැබුණි. සමස්ත සමාජය එය වසා සිරකොට සිටි මහා පීඩනයකින් එක් වරම නිදහස් වූවා වැනිය. දැන් යලිත් වරක් ආණ්ඩු මාරුවක් කළ හැකිය යන හැඟීම මෙයට පාදක…

පොදු අපේක්ෂකයා, නව ලිබරල්වාදය, සහ නිදහස

පොදු අපේක්ෂකයා, නව ලිබරල්වාදය, සහ නිදහස කුමුදු කුසුම් කුමාර අද ලාංකේය ජනයා හමුවේ ඇති හදිසිම සහ වැදගත්ම දේශපාලන අභියෝගය කුමක් ද? එය ජනවාර්ගික යුද්ධයට පෙර සමයේ මෙරට ජනයා භුක්ති විඳිමින් සිටි නමුත් යුද්ධය සමයේ අහිමිව ගිය සහ යුද්ධය අවසන් වීමෙන් පසු ඉතිහාසයේ වඩාත්ම බරපතළ තර්ජනයට මුහුණ දී ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් යලි දිනා ගැනීමට යොමු වීම නොවේද? මෙම අභියෝගය ජය ගැනීමේ ප්‍රධාන උපක්‍රමයක් ලෙසින් රෙජීමයෙන් පිටත දේශපාලන පක්ෂ සහ සිවිල් සමාජ සංවිධාන බොහොමයක් පිළි ගෙන ඇත්තේ පවත්නා විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමේ යෝජනාවයි. 1978ට පෙර මෙරට පැවති, ජනයාගේ ඡන්දයෙන් බලයට පත්වන කොට්ඨාශ මන්ත්‍රීවරුන්ගෙන් සැදුම් ගන්නා පාර්ලිමේන්තුවක බහුතරයේ විශ්වාසය දිනා ගන්නා පක්ෂයක…

යුද්ධය හෝ බෝම්බ පිපිරවීම නතරවීමෙන් පමණක්ම සාමය උදා නොවේ

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත ලියා දන්වන වග නම් යුද්ධය හෝ බෝම්බ පිපිරවීම නතරවීමෙන් පමණක්ම සාමය උදා නොවේ පුරවැසි කුමුදු කුසුම් කුමාර තිස් වසරක යුද්ධය අවසන් වීමත් සමග සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රාර්ථනාව වී තිබී ඇත්තේ රටේ සාමය සහ ස්ථායීභාවය යි. යුද්ධය අවසන්වීමෙන් හෝ බෝම්බ පිපිරීම නතරවීමෙන් පමණක් ම සාමය උදා නොවේ. සාමය සඳහා යුක්තිය ඉටු විය යුතුය. යුක්තිය යන්න අරුත් ගැන්විය හැකි එක් ආකාරයක් නම්, සාධාරණ අපේක්ෂාවන් ඉෂ්ඨ වීම නිසා කෙනෙකු තුළ ඇතිවන සෑහීමට පත්වීමයි. නමුත්, යුද්ධය අවසන් වී අවුරුදු තුනක් ඉක්ම ගොස් ඇති අදත් රටේ මූලික ප්‍රජාතන්ත්‍රවාදය දිගින් දිගටම තර්ජනයට පත්ව ඇතැයි මාධ්‍ය වලින් ප්‍රකාශයට…

ජිනීවා වියවුල: ජාතිය එක්සත් කිරීමට නීතියේ පාලනය, ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස අවශ්‍යයි

ජාතිය එක්සත් කිරීමට නීතියේ පාලනය, ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස අවශ්‍යයි ජිනීවා යෝජනාව සම්මත වීමෙන් පසු රජයේ රූපවාහිනී නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකදී ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂගෙන් අසන ලද “මෙම කාරණයේදී රටේ ජනතාව රජය සමග සිටින්නේද?” යන ප්‍රශ්නයට ඔහු දුන් පිළිතුර වූයේ ‘ජනතාවගේ දේශපාලන පක්ෂපාතීකම් කුමක් වුවත් ඔවුන් මේ මොහොතේ රට වෙනුවෙන් පැහැදිළිව එකට සිටින’ බව සහ ජනාධිපති මහින්ද රාජපක්ෂට ජනතා කැමැත්ත ඇති බවයි. තරුණ කටයුතු පිළිබඳ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ජන මාධ්‍යයන්ට කළ ප්‍රකාශ වලින් කියා සිටියේ ජිනීවා පරාජයෙන් උදාවන තත්වයට ‘අප ජාතියක් වශයෙන් එක්ව මුහුණ දිය යුතු’ බවයි. අමාත්‍ය වරයා තව දුරටත් කියා සිටියේ ජනතාවට ආණ්ඩුව සමඟ විවිධ ප‍්‍රශ්න, විවේචන තිබිය හැකි…