Tagged නිර්මාල් රංජිත් දේවසිරි

ධනේශ්වර පරිභෝජන සංස්කෘතිය සහ පාසැල් විනය නීති

ධනේශ්වර පරිභෝජන සංස්කෘතිය සහ පාසැල් විනය නීති – නිර්මාල් රංජිත් දේවසිරි සිය ඇහිබැම ඉවත්කර පාසැලට පැමිණි ශිෂ්‍යාවකට විරුද්ධව විනයානුකූලව කි‍්‍රයාකල ගම්පහ තක්ෂිලා විද්‍යාලයේ විදුහල්පතිවරයාට ශිෂ්‍යාවගේ පියා විසින් පහරදෙනු ලැබීම පිළිබඳව මේ වනවිට සමාජය තුළ සාකච්ඡාවක් පවතී. පොදුවේ දක්නට ලැබෙන බව පෙනෙන්නේ විදුහල්පතිවරයාට පහර දුන් පියාට විරුද්ධ ආකල්පයකි. කොස් වෙතත් මගේ ප‍්‍රශ්නය වන්නේ විදුහල්පතිවරයාගේ ක‍්‍රියාව ගැන සාකච්ඡාවක් අවශ්‍ය නැති ද යන්නයි. විදුහල්පතිවරයාට පහරදෙනු ලැබීම කීප ආකාරයකින්ම වරදක් බව පැහැදිළිය. තමන්ගේ ආත්මාරක්ෂාවට නොවැලැක්විය හැකි තත්වයක් යටතේ විනා අන් අයෙකුට ශාරීරිකව හිංසා කිරීම කොහොමත් වැරදි ක‍්‍රියාවකි. එසේම තම දරුවා ශික්ෂණය කිරීම සඳහා ස්වේච්ඡාවෙන් භාරදී ඇති ආයතනයේ ප‍්‍රධානියාට එම ශික්ෂණ කාර්යයේ ම කොටසක් ලෙස…

ශිෂ්ටාචාරමය ගැටුමක අවසානය: ජාතික චින්තනය මහින්ද චින්තනය දක්වා රූපාන්තරණය වීම හෙවත් ධනේෂ්වර පරිභෝජනවාදයේ කොළපාට (ධර්මිෂ්ට) සමාජය නිල්පාටින් නිර්මාණය වීම

ශිෂ්ටාචාරමය ගැටුමක අවසානය: ජාතික චින්තනය මහින්ද චින්තනය දක්වා රූපාන්තරණය වීම හෙවත් ධනේෂ්වර පරිභෝජනවාදයේ කොළපාට (ධර්මිෂ්ට) සමාජය නිල්පාටින් නිර්මාණය වීම – නිර්මාල් රංජිත් දේවසිරි 1994 අගෝස්තු මාසයේ ඉතාම තීරණාත්මක මහා මැතිවරණයේ ප‍්‍රචාරක ව්‍යාපාරය දියත් වෙමින් පැවැතියදී TNL රූපවාහිනිය ප‍්‍රධාන මැතිවරණ කඳවුරු දෙකේ ප‍්‍රකාශකයින් සහභාගී කරවාගෙන රූපවාහිනී විවාද මාලාවක් පැවැත්වී ය. එයින් එකක් පැවැතියේ එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රබලයකු වූ ගාමිණී ජයවික‍්‍රම පෙරේරා හා පොදුජන එක්සත් පෙරමුණේ ප‍්‍රබලයකු වූ අමරසිරි දොඩංගොඩ අතරය. එවකට එජාප ආණ්ඩුවට විරුද්ධ විපක්ෂ කතිකාවේ ප‍්‍රධාන පෙළඹුම් පදය (catch word) වූ ‘‘දාහත් වසරක ශාපයේ’’ ප‍්‍රධාන අංගයක් ලෙස දොඩංගොඩ මහතා හඳුනාගත්තේ දේශීය නිෂ්පාදන භාවිත කිරීම වෙනුවට බටහිරින් එන භාණ්ඩ පරිහරණය කිරීමේ…

බන්දුල ගුණවර්ධනගේ සාධාරණ අධ්‍යාපනය

බන්දුල ගුණවර්ධනගේ සාධාරණ අධ්‍යාපනය – නිර්මාල් රංජිත් දේවසිරි අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන විසින් ජාතික පාසැල් වල සිසු සිසුවියන්ට උසස් පෙළ සඳහා වෙනත් ජාතික පාසැලකට යාම අවහිර කිරීම සඳහා ගනුලැබූ පියවර පසුගිය දිනවල බෙහෙවින් ජන අප‍්‍රසාදයට පාත‍්‍ර විය. මේ පියවර ඒ මහතා විසින් හඳුන්වා දෙනු ලැබූවක් නොවන බවටත් දැනටමත් ඊට අදාල චක‍්‍රලේඛ පවතින බවටත් ගුණවර්ධන මහතා කරන ප‍්‍රකාශය සත්‍යයක් බවට සැකයක් නැත. නමුත් එම චක‍්‍රලේඛ නිසිලෙස ක‍්‍රියාත්මක වී නැති බව පැහැදිළිව පෙනේ. මේ නිසා මේ ගැටලූව දෙස ගුණවර්ධන මහතාට බැට දීමෙන් ඔබ්බට ගොස් සාකච්ඡුා කළ යුතුබව මගේ අදහසයි. බන්දුල ගුණවර්ධන මහතාගේ තර්කය වන්නේ එක් ජාතික පාසැලකින් තවත් ජාතික පාසැලකට උසස් පෙළ…

විශ්වවිද්‍යාල තුළ අදහස් ප‍්‍රකාශකිරීමේ අයිතිය

විශ්වවිද්‍යාල තුළ අදහස් ප‍්‍රකාශකිරීමේ අයිතිය – නිර්මාල් රංජිත් දේවසිරි පසුගිය දිනෙක විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය විසින් සංවිධානය කරතිබූ මාධ්‍ය සාකච්ඡාවකට පැමිණි මාධ්‍යවේදීන්ට කොළඹ විශ්වවිද්‍යාල භූමිය තුළට ඇතුල් වීමට ඉඩනොදීම නිසා ඇතිවූ තත්වය පිළිබඳව ඇතැම් මාධ්‍යවල වාර්තා වී තිබුණි. මෙය අලූත් තත්වයක් නොවේ. පසුගිය වසරේද කොළඹ විශ්වවිද්‍යාලය තුළ මෙවැනිම තත්වයක් ඇතිවිය. මෙම අවස්ථා දෙකේදීම මේ සිදුවීමට අදාලව විශ්වවිද්‍යාල පරිපාලනය සමඟ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ පාර්ශවයෙන් සෘජුව ගනුදෙනු කළ පුද්ගලයා ලෙස මේ සිදුවීමෙන් මතුවල වැදගත් ගැටලූ කීපයක් සම්බන්ධව සාකච්ඡාකිරීම උචිත යයි සිතමි. බැලූ බැල්මටම පැහැදිළි වන්නාවූ දෙයක් නම් මෙම සිදුවීම අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස සම්බන්ධව බරලතල ගැටලූවක් මතුකරන බවයි. එය සාමාන්‍ය තතත්වයට වඩා බරපතල…

බැරෑරුම් සංවාදයක් වෙනුවෙන් සටන් කල යුතුව තිබේ

බැරෑරුම් සංවාදයක් වෙනුවෙන් සටන් කල යුතුව තිබේ – නිර්මාල් රංජිත් දේවසිරි පසුගිය දිනවල පොලිස් විශේෂ කාර්ය බලකායේ භටයන් පිරිසක් සම්බන්ධව එල්ල වූ නිදන් හෑරීම පිළිබඳ චෝදනාවට පොලිස්පතිවරයා විසින් දෙනු ලැබ ඇති පිළිතුර අපූරු එකකි. මෙම පොලිස්පති ප‍්‍රකාශය දෙස බැලූ බැල්මටම පෙනෙන්නේ එය මෙම චෝදනාව නිසා පොලිස් හා පොදුවේ ආණ්ඩුවේ බලධාරීන්ට එල්ල වී ඇති චෝදනා වලින් වන හානිය අවම කරගැනීම (Damage control) සඳහා කරන ලද ප්‍රකාශයක් බවයි. සාමාන්‍යයෙන් කෙනෙකුට චෝදනාවක් එල්ල වූ විට චූදිතයා හැසිරෙන ආකාරය පරිස්සමින් නිරීක්ෂනය කල කල්හි අදාල චෝදනාවට චූදිතයාගේ සම්බන්ධය ගැන යම් අවබෝධයක් ලබාගැනීමට පුළුවන. ගැමි ජනවහරේ මීට කියන්නේ ‘‘පුහුල් හොරා කරෙන් දැනේ’’ යනුවෙනි. පොලිස්පතිගේ ප‍්‍රකාශයත් හරියටම…

දෙමළාගේ තෘප්තිමත්භාවය පිළිබඳ සිංහල-බෞද්ධයාගේ නාසිස්සම වින්දනය

දෙමළාගේ තෘප්තිමත්භාවය පිළිබඳ සිංහල-බෞද්ධයාගේ නාසිස්සම වින්දනය – නිර්මාල් රංජිත් දේවසිරි නාසිස්සස් යනු ග‍්‍රීක මිත්‍යා සම්ප‍්‍රදායේ එන චරිතයකි. ඔහු අතිශයින් රූමත් ශරීරයක් ඇත්තෙකු ලෙස ප‍්‍රකටය. දිය පොකුණක සිය රූපයේ පිළිබිඹුව දැකීම නිසා ඔහු සිය ශරීරයට දැඩි ලෙස ආශා කිරීමට පටන් ගත්තේය. මෙහි ප‍්‍රතිඵලය ලෙසම ඔහු තමා වෙත මරණය ද කැඳවා ගත්තේය. නූතන මනෝ විශ්ලේශනයේ පුරෝගාමියා ලෙස සැලකෙන සිග්මන්ඞ් ෆ්‍රොයිඞ් නාසිස්සස් කුමාරයා පිළිබඳ මෙම කතාව ආශ‍්‍රය කරගෙන පුද්ගලයාගේ අනන්‍යතාවය නිර්මාණය වීමේ එක් අවස්ථාවක් ඔහුගේ නමින් නම් කලේය. මෙයින් කියැවෙන්නේ තමාගේ ආශාවේ වස්තුව තමාම බවට පත්වීම පුද්ගල අනන්‍යතාවයේ එක් අංගයක් බවයි. කෙසේ වෙතත් මෙම නැඹුරුවේ අන්තය වන්නේ බාහිර වස්තුව සහ තමා අතර ඇති…