ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ජනතා න්‍යාය පත්රයක් ඉදිරියට ගන්නේ කෙසේ ද? මැයෙන් සංවාදයක් ඉකුත් 4 දා සවස මරදාන සමාජ සහ සාමයික කේන්ද්‍රයේදී පැවැත්විණ. එය සංවිධානය කර තිබුණේ සමාජවාදී අධ්‍යන කවය මගිනි. ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මෙහෙයවූ සංවාදය අදියර දෙකකින් යුක්ත විය. පළමු අදියරේදී ආචාර්ය සුමනසිරි ලියනගේ, ආචාර්ය මයිකල් ප‍්‍රනාන්දු සහ ආචාර්ය කුමුදු කුසුම් කුමාර සභාව ඇමතූහ. දෙවන අදියරේදී පූජ්‍ය අතුරලියේ රතන හිමි, උදය ගම්මන්පිල, රාජා උස්වැටකෙයියාව, ප‍්‍රසන්න විතානගේ සහ කේ.ඩබ්. ජනරංජන සභාව ඇමතුවේය. වත්මන් දේශපාලන පෙළගැස්ම සහ ඒ තුළ සිදුවිය හැකි සහ සිදු කළ යුතු දේ පිළිබඳ එහිදී දීර්ඝ වශයෙන් සංවාදයට ලක්විය. සංවාදය හඳුන්වා දෙමින් අදහස් දැක්වූ චමීර පෙරේරා ප‍්‍රකාශ…
'kathika' social, cultural and political review
Tagged නිර්මාල් රංජිත් දේවසිරි
දේශද්‍රෝහියෙකුගේ මිත්‍යා දෘෂ්ටික සිතුවිලි
රාජ්‍යය, ජාතික ආරක්ෂාව සහ සමාජ සාධාරණත්වය – නිර්මාල් රංජිත් දේවසිරි පසුගිය දිනෙක කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨ ආචාර්ය සංගමය මගින් එම පීඨයේ අධ්‍යාපන ඩිප්ලෝමාව සඳහා සූදානම්වන පාසැල් ගුරුවරුන් සඳහා විශේෂ සම්මන්ත‍්‍රණයක් පවත්වන ලදි. එහි අරමුණ වූයේ විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ වැඩවර්ජනයට අදාල ඉල්ලීම් සම්බන්ධව එම ගුරුවරුන්ට අවබෝධයක් ලබා දීමයි. මෙහිදී මා විසින් රාජ්‍යය හා සමාජ සාධාරණත්වය සම්බන්ධව ඉදිරිපත්කරනු ලැබූ අදහසක් සම්බන්ධව මා සහ මගේ මිතුරකු සහ දේශපාලන සගයකු වන වංගීස සුමනසේකර අතර සංවාදයක් ඇතිවිය. ම විසින් ඉදිරිපත් කරන ලද අදහස වූයේ රාජ්‍යය සමාජ සාධාරණත්වය බෙදාහරින ප‍්‍රධාන ඒජන්සිය විය යුතුය යන අදහසයි. වංගීස ප‍්‍රශ්න කලේ මේ ප‍්‍රකාශය මගින් මා රාජ්‍යය පංති පීඩක උපකරණයක්ය…
ජාතික චින්තනයේ ගමනක අග සහ ජූලම්පිටියේ අමරේ
ජාතික චින්තනයේ ගමනක අග සහ ජූලම්පිටියේ අමරේ – නිර්මාල් රංජිත් දේවසිරි ගුණදාස අමරසේකර විසින් රචිත ‘රූපාන්තරණය නොහොත් සෝමදේවගේ සංක‍්‍රාන්තිය’ නමැති නවකතාව නිකුත් කිරීම නිමිත්තෙන් පැවැති සම්මන්ත‍්‍රණයේ කතාවක් කිරීමට මට ද ආරාධනා කර තිබුණි. මා මගේ කෙටි අදහස් දැක්වීමේ මාතෘකාව ලෙස යෝජනා කළේ ‘ගමනක අග සහ ජූලම්පිටියේ අමරේ’ යන්නයි. ‘ගමනක අග’ යන රූපකය මා භාවිත කලේ ගුණදාස අමරසේකරගේ ‘ගමනක අග‘ යන නවකතාව ආශ‍්‍රයෙනි. ගමනක මුල නවකතාවෙන් ඇරඹෙන ගුණදාස අමරසේකරගේ නවකතා මාලාව අවසන් වන්නේ ‘ගමනක අග’ නව කතාවෙනි. මෙම කතා මාලාව ලංකාවේ මැද පංතියේ කතාන්තරය ලෙස කතුරයා විසින්ම හඳුන්වා දෙනු ලැබ තිබුනත් මගේ අදහස වන්නේ මෙම කතා මාලාව අමරසේකරගේ ද සක‍්‍රීය මැදිහත්වීම…
ආණ්‌ඩුවට පණිවුඩයක් දෙන්න “ස්‌ට්‍රයික්” නොකර බෑ!
ආණ්‌ඩුවට පණිවුඩයක් දෙන්න “ස්‌ට්‍රයික්” නොකර බෑ! – විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති නිර්මාල් රංජිත් දේවසිරි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය ආරම්භ කර ඇති අඛණ්‌ඩ වැඩ වර්ජනය නිසා සෑම විශ්වවිද්‍යාලයක්‌ම පාහේ අකර්මන්‍ය වී තිබේ. දීර්ඝ කාලයක් තිස්‌සේ නොවිසඳුනු වැටුප් ප්‍රශ්නයට පමණක් නොව අපේ රටේ උසස් අධ්‍යාපනය අද මුහුණදී ඇති අර්බුද ගණනාවකටත් විසඳුම් ලබාගැනීමේ අරමුණින් මෙම ක්‍රියාදාමය ඇරඹූ බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි. දිවයින ඉරිදා සංග්‍රහය ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සමග පැවැත්වූ සාකච්ඡාවකි මේ. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය හදන්නෙ ආණ්‌ඩුව පෙරළන්න කියල චෝදනාවක් තියෙනව? ඕක ආණ්‌ඩුව අපහසුතාවට පත්වෙන ඕනෑම ක්‍රියාදාමයකට එල්ල වෙන සාමාන්‍ය චෝදනාවක්. මේක ආණ්‌ඩුව පෙරලීමේ කුමන්ත්‍රණයක්. විදේශ කුමන්ත්‍රණයක් එන්.…
මාධ්‍යය හිමිකාරිත්වය සහ තොරතුරු දැනගැනීමේ හා අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස
මාධ්‍යය හිමිකාරිත්වය සහ තොරතුරු දැනගැනීමේ හා අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස – නිර්මාල් රංජිත් දේවසිරි පසුගිය සතිය වනතෙක්ම මම මෙම තීරුලිපිය රචනා කරන ලද්දේ ඉරිදා ලක්බිම පුවත්පතටයි. ඒ අනුව ගියවර රාවය පුවත්පතේ පුවත්පතේ පලවූ කොටස ද නියමිත කාලයට ලක්බිම කර්තෘ මණ්ඩලය වෙත ලැබීමට සැලැස්සුවෙමි. නමුත් නියමිත පරිදි එම තීරුලිපිය අදාල පුවත්පතේ පළවූයේ නැත. මම ඒ සම්බන්ධයෙන් ලක්බිම කර්තෘ මණ්ඩලයෙන් විමසීමක් කළවිට ඔවුන්ගෙන් ඉදිරිපත්වූ කරුණු දැක්වීමෙන් මට හැඟී ගියේ එය පළ නොවීමට හේතුව එහි අඩංගුව බවය. විශේෂයෙන්ම පුවත්පතේ හිමිකාරිත්වයේ අභිලාෂ සහ මගේ ලිපියේ අඩංගුව අතර පරස්පරයක් ඇතිබව කර්තෘ මණ්ඩලය තීරණය කිරීම මගේ ලිපිය පළනොවීමට බලපෑ බව මට වැටහිණි. මගේ අදහස වන්නේ මේ…
‘ගෝඨාගේ ලංකාව’ සහ ජූලම්පිටියේ අමරේ
ඉරිදා ලක්බිම සංග්‍රහය පුවත්පතට මා සතිපතා ලියන තීරුලිපිය මේ සතියේ ද නියමිත වේලාවට පුවත්පතට ලැබෙන්නට සැලැස්වූ නමුත් එය මෙවර පලකෙරී නැත. ඒ පිළිබඳව මට දැනුම් දීමක් පවා සිදු නොවීය. කෙසේ වෙතත් එම ලිපිය මා යැවූ ආකාරයෙන්ම පළ කෙරෙන තුරු මා නැවත මෙම තීරුලිපිය ලක්බිම පුවත්පතට සැපයීමට බලාපොරොත්තු නොවන බව සඳහන් කරමි. – නිර්මාල් රංජිත් දේවසිරි පහත පළවන්නේ ඉරිදා ලක්බිම සංග්‍රහය පළ නොකළ එම ලිපියයි. ‘ගෝඨාගේ ලංකාව’ සහ ජූලම්පිටියේ අමරේ – නිර්මාල් රංජිත් දේවසිරි ‘ගෝඨාගේ යුද්ධය’ ට (මේ නාමකරණය මගේ නොව ‘Gota’s War’ මෙන්ම ‘කොළපාට සමාජය’ද ලියූ සී.ඒ. චන්ද්‍රපේ‍්‍රමගේය.) පසුව ‘ගෝඨාගේ ලංකාව’ (අපි ඉංග‍්‍රීසියෙන් ‘Gota’s Lanka’ යයි කියමු. මේ නාමකරණය මගේ…