අතුරුදහන්වීම් හා ආණ්ඩුවේ පැස්බර න්‍යාය – නිර්මාල් රංජිත් දේවසිරි ප්‍රෙමකුමාර් ගුණරත්නම් හා දිමුතු ආටිගල අතුරුදහන් වීම හා ඔවුන් නැවත හමුවීම සම්බන්ධ සිදුවීම් දාමය ජනමාධ්‍ය තුළ වාර්තා වූ ආකාරය ඉතාම සිත්ගන්නා සුළුය. බොහෝ දෙනෙක් උත්සුක වී තිබුනේ මෙම සිදුවීම් දාමය අතුරුදහන් වීමට ලක් වූ දෙදෙනා අයත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේම සැලසුමක් බව ඇඟවීමටයි. බැසිල් රාජපක්ෂ මහතා උපහාසයෙන් යුතුව ප‍්‍රකාශ කලේ මේ සමස්ත සිදුවීම් දාමයෙන්ම වාසි ලැබුනේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයටම බවයි. ඒමගින් ඔහු ඇඟවූයේ මෙය එම පක්ෂයේම සැලසුමක් බවයි. බැසිල් රාජපක්ෂ මහතා මේ බව ප‍්‍රකාශ කරන විට ධම්ම දිසානායක මහතා ඔහු පසුපසින් සිට එවැනිම උපහාසයකින් හා රාජපක්ෂ මහතාගේ ප‍්‍රකාශය අනුමත කරන ආකාරයෙන් ද…
'kathika' social, cultural and political review
Tagged නිර්මාල් රංජිත් දේවසිරි
ආගමික සහජීවනය දඹුල්ලේදී පරීක්ෂාවට ලක්වීම
ආගමික සහජීවනය දඹුල්ලේදී පරීක්ෂාවට ලක්වීම – නිර්මාල් රංජිත් දේවසිරි බොරලැස්ගමුවේ පිහිටි සුප‍්‍රසිද්ධ පිල්ලෑව පූජා ස්ථානය ඉදිරිපිට හොරණ පාරේ පිහිටුවා ඇති විශාල දැන්වීම් පුවරුවක අපූරු පාඨයක් දක්නට තිබේ. ඒ මෙසේය: ‘‘සියලූ ජාති ආගම් භේද වලින් තොර ශ‍්‍රී ලංකාව බෞද්ධ රාජ්‍යයක් වේවා’’. බැලූ බැල්මට ම මෙම ප‍්‍රකාශයේ එන සංඝඨක දෙක එකිනෙකට පරස්පර වේ. කෙසේ වෙතත් එය පරස්පර නොවන ප‍්‍රකාශයක් ලෙස කියවීමටද හැකියාව තිබේ. එක් ආකාරයක් නම් ‘‘සියලූ ජාති ආගම් භේද වලින් තොර’’ යන්න නිෂේධාත්මක ප‍්‍රකාශයක් ලෙස ගැනීමෙනි. ඒ හරියට ‘‘අපරාධ වලින් පිරි ලංකාව අපරාධ වලින් තොර දේශයක් වේවා’’ යන ප‍්‍රකාශයේ ‘‘අපරාධ වලින් පිරි ලංකාව’’ මෙනි. එසේ වුව ද මෙම ප‍්‍රකාශයේ ‘‘සියලූ ජාති…
කුමාර් සහ දිමුතුගේ පැහැර ගැනීම් සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි අදහස් දක්වයි
‘අපට සුරංගනා කථා කියන්න එපා!‘ කුමාර් සහ දිමුතුගේ පැහැර ගැනීම් සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි අදහස් දක්වයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යමකාරක සභිකයින් වන කුමාර් ගුණරත්නම් මහතා සහ දිමුතු ආටිගල මෙනවිය රජයේ ආරක්ෂක අංශ විසින් පැහැරගෙන යාම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නායකයින් සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරකයින් පිරිසක් ඊයේ (10) මාධ්‍ය හමුවක් කැඳවමින් අදහස් දැක්වූහ. එහිදී විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි දැක්වූ අදහස් පහත දැක්වේ. වීඩියෝව පහත බලන්න.