Tagged සංවර්ධනය

Featured

ජාතික ජන බලවේග ආණ්ඩුවේ ක්‍ෂුද්‍රමූල්‍ය සහ ණය නියාමන පනත ගැන ආණ්ඩු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු දන්නේ නැහැ -පනත ගෙනෙන්න ආසියානු සංවර්ධන අරමුදලෙන් ආණ්ඩුවට තවත් ණයක්

පනත විවාදයට ගන්නවා මාර්තු 04. ලබන සතියේ. අපගේ යෝජනා ඒ විවාදයට ගන්න පනතට අඩංගු කරලද අපි දන්නේ නැහැ. බොහෝ විට එහෙම නොවෙන්න පුළුවන්. අපි පනත ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දැනුවත් කරන්න ඔවුන් හමු වුනාම – ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු වගේම විපක්ෂ මන්ත්‍රීවරු පනත ගැන දන්නේ නැහැ.

ඉතින් අපිට ඉතාම පැහැදිලියි ලබන සතියේ පනත විවාදයට ගන්නේ සැලකිය ලෙස හැම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ම පනත ගැන දැනුවත්ව නොවේ. ක්‍රමය වෙනස් කරන්න ආපු ආණ්ඩුවේත් පනත් සම්මත වෙන්නේ එහෙම. දන්නේ නැති පනතකට අත උස්සනවා. අතිබහුතරයක් තිබෙන නිසා ජනතාවට හානිකරන පනත් සම්මත කරන්න ආණ්ඩුව පසුබට වන්නේත් නැහැ

Featured

කෙන්යාවෙන් ශ්‍රී ලංකාවට : විරෝධතා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ඉහළ අභිලාෂය

අහිලන් කදිර්ගාමර් මගේ හැදෙන වැඩෙන වියේදී, මම දිගු දුර දිවීමෙහි නිරත වූ විට, මම රූපවාහිනියෙන් නැරඹූ කෙන්යානු දුර දුවන්නන්ගේ වෙහෙසක් නොමැති ලෙසක් පෙණුනු රිද්මයට වශී වී සිටියෙමි. එම කඩිසර කෙන්යානු ගැහැණුන් සහ පිරිමින් මෙන් දිවීමේ මගේ සිහිනය කිසිදා ඉටුකර ගැනීමට නොහැකිව, මගේ පසුකාලීන වසරවලදී මම 1950 ගණන්වල යටත්විජිත විරෝධී මාවු මාවු කැරැල්ල සහ කෙන්යාවේ නිදහස…

Featured

ගෘහස්ථ ණය ප්‍රතිව්‍යුහගතකිරීම මගින් විශ්‍රාම අරමුදල් අසන්තක කිරීම

අහිලන් කදිර්ගාමර් විසිනි පසුගිය බදාදා ආණ්ඩුව විසින් ප්‍රකාශයට පත් කරන ලද සහ සෙනසුරාදා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්ම ඉලක්ක කර ඇත්තේ එක් සැලකිය යුතු දේශීය මූල්‍ය වත්කමක් වන විශ්‍රාම අරමුදල් පමණි. වැඩකරන ජනතාවගේ ජීවිතවල අනාගතයට බරපතළ විපාක දෙන වෙනස්කම් කිරීම කිසිවිටෙක අවසන් වශයෙන් තීන්දු කළ දෙයක් නොවන අතර, ආණ්ඩුවේ සැලැස්ම සහ…

නිර්මිත පරිසරය තුළින් අන්‍යෝන්‍ය ගෞරවය සහ සමානතාව තහවුරු කරමු – චන්න දාස්වත්ත

‘ගෞරවය දිනාගැනීමට පෙර ගෞරවය ලබා දිය යුතුයි.’ තනි තනිව පුද්ගලයන් ලෙස හෝ ජාතික රාජ්‍යයක් ලෙස ගෞරවය සහ ඇගයීම පිළිබඳව කියවෙද්දී ඉහත කියමන නිතර නිතර භාවිතවූවකි. ජාතික රජයක් වෙනත් රටවල් සමඟ ගනුදෙනු කිරීමේදී පවත්වන ගෞරවනීය ස්වභාවය මත වෙනත් රටවල් තවත් රටක් පිළිබඳව දක්වන අවධානය සහ ඇගයීම තීරණය වේ. රටක් ලෙස ඔවුන් නිවැරදි යැ’යි විශ්වාස කරන අදහස්…

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටු වාර්තාව – නිර්දේශ (11- 22 පරිච්ඡේද)

11 පරිච්ඡේදය – රාජ්‍ය ප්‍රතිපත්තියේ නියාමක මූලධර්ම 11.2 නිර්දේශ පහත දැක්වෙන නිර්දේශ සම්බන්ධයෙන් කමිටු සාමාජිකයෝ ඒකමතිකව එකඟ වූහ. 1. මෙහි ඇතුළත් වන රාජ්‍ය ප්‍රතිපත්තියේ නියාමක මූලධර්ම රටේ පාලනය සඳහා මූලික වන අතර සාධාරණ, ප්‍රජාතන්ත්‍රවාදි හා නිදහස් සමාජයක් ස්ථාපිත කිරීම සඳහා ඒවා අනුගමනය කිරීම රාජ්‍යයේ වගකීමක් වෙයි. රජයේ සියලු ම ආයතන, ජාතික, පළාත් හා පළාත් පාලන…

‘කළ යුත්තේ කුමක් ද?’ – කුමුදු කුසුම් කුමාර

කළ යුත්තේ කුමක් දැයි වමේ සහෝදරවරු අසති. ඔවුන් මේ ප්‍රශ්නය නගන්නේ මෛත්‍රී-චන්ද්‍රිකා-රනිල් ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් සහ ඉදිරියේදී අප දේශපාලනය කළ යුතු ආකාරය පිළිබඳ ය. ඇතැමුන් දකින පරිදි වම කළ යුත්තේ බලයේ සිටින රජයේ ප්‍රගතිශීලී බලවේග සමග කටයුතු කිරීමය. ජනවාරි 8 දා ව්‍යාපාරයෙන් ප්‍රකාශිත ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂා වෙනුවෙන් තව දුරටත් පෙනී සිටීම මේ මොහොතේ වමේ දේශපාලන කටයුත්ත…