2005 ජනාධිපතිවරණය නව-ලිබරල්වාදය සහ ජාතික චින්තන මතවාදය අතර අධිපතිභාවය සඳහා කෙරෙන තීරණාත්මක සටනක් ලෙස හැඳින්වූ අප කියා සිටියේ මෙම ගැටුමේ දෙපාර්ශ්වයට හවුල් වන ජනතාව නියෝජනය කරන අපේක්ෂාවන් වන පිළිවෙලින් පුද්ගලවාදයත්, ප්‍රජාවත් අතර ගැටුම අප සමාජයේ අධිකාරවාදී ප්‍රවණතාවන් ශක්තිමත් කරන්නට තර්ජනය කරන බවත්, මෙම ගැටුම සංහිඳියාවට ගෙන ඒමේ මඟක් ලෙස සක්‍රීය පුරවැසි ප්‍රජාතන්ත්‍රවාදයක් පිළිබඳ අදහස පරිකල්පනය…
'kathika' social, cultural and political review
Tagged සංවර්ධනය
සංවර්ධනයද? විනාශයද?
පෞද්ගලික දේපළ අයිතිය: මිව්ස් වීදියේ වැසියනට නීතිමය අයිතිය තිබුණූ නිවාස සහ වෙළෙඳ ව්‍යාපාර වල ඉරණම
සංවර්ධනය ද? ප්‍රජාතන්ත්‍රවාදය ද? දෙකම! – පුරවැසියා විසිනි ඉදිරියේ ඇති නාගරික ඡන්දය, සංවර්ධනය සහ නගරයේ පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් අතර ගැටුමක ජය පරාජය තීරණය කෙරෙන සටනක් බවට පත්වන්නේ නම් එය නගරයේත් රටේත් යහපතට හේතු නොවේ. සංවර්ධනය පිළිබඳ දේශපාලනඥයන්ගේ, සැලසුම්කරුවන්ගේ සහ ඉංජිනේරුවන්ගේ අරමුණු නගරයේ පුරවැසි අපේක්ෂාවන් සමඟ ගැටීමට මූලික හේතුව නාගරික සංවර්ධන සැළසුම් සහ ක්‍රියාත්මක කිරීම් පුරවැසියන්ගේ සහභාගීත්වයෙන් සහ එකඟත්වයෙන් කළ යුතු බවට අවබෝධයක් මුලින් කී කණ්ඩායමට නොතිබීමයි. මේ බව නාගරික සංවර්ධනය සම්බන්ධයෙන් එකී කණ්ඩායම ගත් හැම ක්‍රියාමාර්ගයකදීම මෙන් ප්‍රකාශ විය. ඔවුන්ගේ විශ්වාසය නගරය සංවර්ධනය කළ යුතු ආකාරය තමන් මැනවින් දන්නා හෙයින් ඒ සඳහා අනුන් විමසීම අවශ්‍ය නොවන බව යැයි පෙනේ. ඔවුන්ට…
පරමාදර්ශී නගරය: සංචාරකයන්ට සහ පොහොසතුන්ට පමණක් ද? – පුරවැසියා විසිනි
පෞද්ගලික දේපළ අයිතිය: මිව්ස් වීදියේ වැසියනට නීතිමය අයිතිය තිබුණූ නිවාස සහ වෙළෙඳ ව්‍යාපාර වල ඉරණම තිසරණී ගුණසේකර, 2011 / 10/ 02 සන්ඩේ ලීඩර් පුවත් පතට ලියූ The Octopus And Its Tentacles නමැති ලිපියෙන් උපුටා ගැණුනි. “ “ තමන්ගේ ගොඩනැගිලි සහ ව්‍යුහයන් සඳහා නීත්‍යානුකූල ලිපිලේඛන තමන් සතුව ඇති කිසිදු ගෘහයකට හෝ වෙළඳ ව්‍යාපාරයකට හානියක් නොවනු ඇත.“ – රාජ්‍ය ආරක්ෂක ලේකමි(ඩේලි නිව්ස් – 27.9.2011). පහත වීඩියෝ පටය අනාවරණය කරන පරිදි 2010 මැයි මස තම නිවාස වලින් ඉවත් කරන ලැබූ (කොළඹ, කොම්පඤ්ඤවීදියේ) මිව්ස් වීදියේ වැසියනට නීතිමය අයිතිය තිබුණූ නමුත් ඔවුන්ගේ නිවාස/ කුඩා වෙළෙඳ ව්‍යාපාර උතුරේ සහ නැගෙනහිර සිවිල් දෙමළ වැසියන් නුපුරුදු යැයි දකිනු…
පරමාදර්ශී නගරය: සංචාරකයන්ට සහ පොහොසතුන්ට පමණක් ද? – පුරවැසියා විසිනි
පරමාදර්ශී නගරය: සංචාරකයන්ට සහ පොහොසතුන්ට පමණක් ද? – පුරවැසියා විසිනි දැන් නගර සභා, මහ නගර සභා ඡන්ද කරලියට පැමිණ තිබේ. මෙම ඡන්ද පැවැත්වෙන්නේ නාගරික සංවර්ධනය පිළිබඳ නව උනන්දුවක් ලංකාවේ ඇති වී තිබෙන අවස්ථාවක ය. මෙම සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රධාන අරමුණ වන්නේ ආර්ථික සංවර්ධනය උදෙසා සංචාරකයන් වැඩියෙන් අද්දා ගැනීම ය. ඒ සඳහා නගර අලංකරණයට කොළඹ නගර සභාව මේ දිනවල යොමුවී තිබේ. ඊට ම සම්බන්ධව නගරයේ සමාජීය ජීවිතය ප්‍රතිසංවිධානය කිරීමේ අරමුණින් එහි පරිසරයේ විවිධ වෙනස් කම්, මැදිහත්වීම් ඇති කෙරෙමින් පවතී. මෙයින් සමහරක්, උදාහරණයක් වශයෙන් රථවාහන ගමනාගමනය ප්‍රතිසංවිධානය, යුද්ධය සමයේ ඇරඹී දැන් වැඩි දියුණු කෙරෙන ඒවාය. පදික වෙළෙඳුන් ඇතුලු ස්වයං රැකියාවල යෙදෙන්නන් යළි ස්ථාන…
අද ඇති අභියෝගය: “මහින්ද රාජපක්‍ෂ රජය ධනවාදී සංවර්ධන මාර්ගය ගැනීම” ගුණදාස අමරසේකර
අද ඇති අභියෝගය: “මහින්ද රාජපක්‍ෂ රජය ධනවාදී සංවර්ධන මාර්ගය ගැනීම” ගුණදාස අමරසේකර වසර තිහක් තිස්‌සේ පැවැති ත්‍රස්‌තවාදය මුලිනුපුටා දමා රට ජාතිය බේරාගත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා මේ රට සංවර්ධනය කිරීමේ මාවත වෙත දැන් එළඹ ඇති බව පෙනේ. ත්‍රස්‌තවාදයට හේතුව දුගී දුප්පත්කම බව වටහා ගැනීම මෙවන් සංවර්ධනයක් දියත් කිරීමට මුල්වන්නට ඇත. මෙහිදී අප විසින් ඇසිය යුතු ප්‍රශ්නයක් ඇතැයි මම සිතමි. ධනවාදී මාර්ගය ගෙන කරන සංවර්ධනයෙන් දුප්පත්කම නැතිවේද? ධනවාදය මගින් කරන සංවර්ධනයේ ප්‍රතිලාභ දුප්පතුන් වෙත ලැබෙන්නේ “අතපල්ලෙන් හැලෙන” න්‍යායට අනුව බව අපි ඉහතින් දැක්‌වීමු. මහින්ද රාජපක්‍ෂ රජය සිය සංවර්ධන මාර්ගය ලෙස තෝරා ගෙන ඇත්තේ මේ අත පල්ලෙන් හැලෙන න්‍යාය උඩ ක්‍රියාත්මක වන ධනවාදී…
