Tagged සංවර්ධනය

‍“ලේ හෙළනු ඇති”

‍“ලේ හෙළනු ඇති” PDF මාදිලියෙන් කියවන්න Download pdf “ලේ හෙළනු ඇති, මේ පරිමාණයේ අර්බුදයක් දේශපාලනික මෙන්ම ආර්ථික ගැටුම් උත්සුක කිරීම අනිවාර්ය ය යන අර්ථයෙන්. එය සමහර රටවල් අස්ථායී කිරීම සිදුවීම නියතයි. යටපත්වී තිබුණ සිවිල් යුද්ධ ඇතිවීමට මෙය හේතු වනු ඇත. එය මධ්‍යස්ථ ආණ්ඩු පෙරළා දමා, අන්තවාදී ආණ්ඩු බලයට පත් කරනු ඇත. මේ දේවල් පහසුවෙන් කල් තබා කිව හැකිය.”

‘සංවර්ධනය’ සහ දේශපාලනය, සහ ‘වත්මන් සමාජ අර්බුදය’: මිථ්‍යාදෘෂ්ඨික විග්‍රහයකට සටහනක්

සංවර්ධනය’ සහ දේශපාලනය, සහ ‘වත්මන් සමාජ අර්බුදය’: මිථ්‍යාදෘෂ්ඨික විග්‍රහයකට සටහනක් “ශ්‍රී ලංකාවට සංවර්ධනය සදහා අති මහත් ශක්‍යතාවක් තිබේ. නමුත් කුණුවී ගිය දේශපාලන ක්‍රමයක් විසින් රට ඉදිරියට යා නොදී අල්ලා ගෙන සිටිතැ”යි ලංකාවට පැමිණ එක්සත් ජාතීන්ගේ නිලධාරියෙකු කී අදහසක් පදනම් කරගෙන කෙරුණු සාකච්ඡාවක් මෑතදී පුවත් පතක පළවී තිබිණි. ඉහත කී අදහසින් බාරගන්නා දෙයක් වන්නේ ‘සංවර්ධනය’ යනුවෙන් දෙයක් ඇත යන්න සහ අපට ‘නිවැරදි දේශපාලන ක්‍රමය’ තිබේ නම් අපට සංවර්ධනය ලැබෙනු ඇත, යන්නයි. ලෝකය ‘සංවර්ධනය’ කළ හැකිය, සහ අපට අවශ්‍ය නම් ‘නිවැරදි දේශපාලන ක්‍රමය’ අපට ඇතිකර ගත හැකිය යනුවෙන් පළවෙන මේ අදහස් දෙකම බැලූ බැල්මට සත්‍ය සේ පෙනෙයි. මේ අදහස් දෙකම, එබඳු ‘සත්‍යයන්ට’…