වෙළඳපොළට සෑම ගැටලුවක්ම විසඳිය හැකි යැයි අවධාරනය කරන නව-ලිබරල් මිථ්‍යාවේ අනෙක් පැත්ත නම්, ජනතාවගේ ජීවිතය දුෂ්කර කිරීම හැර රජයට කළ හැකි දෙය ස්වල්පයකි යන විශ්වාසයයි. නව-ලිබරල්වාදය සාමූහික යහපත පිළිබඳ අදහස නිදහස් වෙළඳපොළ ආර්ථිකය සහ රජය අතර ප්‍රශ්නයක් බවට පත් කරයි. පෞද්ගලික ධනේශ්වර අංශය සහ සාමූහික ජීවිතයේ දේශපාලන මෙවලම වන රජය අතර තෝරා ගැනීමක් ලෙස ප්‍රශ්නය මතු කිරීම, නොමඟ යවන සුළු ය……ආර්ථිකයේ තීරණාත්මක මූලධර්මය ලෙස වෙළඳපොළ ගැනීම යටතේ පවතින විශ්වාසය නම්, වෙළඳපොළේ හුවමාරුවේදී පුද්ගලයන් තමන්ට යහපත් දේ නිදහසේ තීරණය කරන බවයි. මෙහිදී, සාමූහික ජීවිතයේ යහපත, ප්‍රජාව සෑදෙන පුද්ගලයන්ගේ තනි තනි යහපත් දේවල එකතුව ලෙස සංකල්පනය කෙරේ. ‘පොදු යහපත’ පිළිබඳ එවැනි අවබෝධයක ප්‍රධාන සැලකිල්ල වන්නේ, පුද්ගල භාණ්ඩ සැපයීම තුළින් තනි තනි පුද්ගලයන්ගේ ‘සුබසාධනය’ යි. එබැවින්, පොදු යහපතේ මඟ පෙන්වන මූලධර්මය ලෙස අප වෙළඳපොළ ආර්ථිකය යෝජනා කරන විට, යටින් පවතින අදහස වන්නේ පුද්ගල යහපත උත්තරීතර වන අතර, පොදු යහපත එසේ නොවන බවයි.
'kathika' social, cultural and political review
Tagged සංස්කෘතිය
ගණනාථ ගැන එච්. එල්.
මහාචාර්ය එච්. එල්. සෙනෙවිරත්න සමග සංවාදයක් සංවාදය සහ සිංහල පරිවර්තනය – දිමුතු සමන් වෙත්තසිංහ ඔබ විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂකයෙකුව සිටි සමයේ මහාචාර්ය ඔබේසේකර පිළිබඳ මතකය අවදි කරන්නේ කෙසේද? මම විශ්ව විද්‍යාලයට ඇතුල් වුනේ 1955 දී. ප්‍රථම වර්ෂයේදී සිංහල, ආර්ථික විද්‍යාව සහ දර්ශනයත්, ඊලඟ වර්ෂ තුනේ සමාජ විද්‍යාවත් ඉගෙන ගත්තා. සමාජ විද්‍යාව 1956 ඉඳලා එවකට අලුතින්…
බහුසංස්කෘතික සමාජයක් කරා
අනුභූතිඋත්තර බවින් පාළු වූ ලෝකයක,ම්ලේච්ඡ සිරිත් විරිත් සාධාරණීකරණය කිරීමට උමතුවාදීහු තවදුරටත් දෙවියන්ගේ නාමය උද්දීපනය නොකරති; ඒ වෙනුවට ඔවුහු අනන්‍යතා දේශපාලනය ඉල්ලා සිටිති. ස්වර්ගයට ආයාචනා කිරීමට නොහැකිව,ඔවුහු ඉතිහාසය හා වෙනස සමඟ ඔවුන්ගේ විශ්වාසයන් ආරක්ෂා කරති. දෙවියන් මිය ගොස් ඇත, නමුත් ජානආත්මය දිගටම ජීවත් වෙයි, මිනිසාගේ අයිතිවාසිකම් පිළිබඳ අදහස පැවැත්මට ආවේ නිශ්චිතවම පැරණි මහාද්වීපයේ පසෙහි ගැඹුරින් මුල් බැස ඇති සම්ප්‍රදායන්හි අධිකාරයට අභියෝග කිරීම සඳහා වූවද. යුරෝපීය පුද්ගලයන්,එකින් එක,ඔවුන්ගේ සියලු අයිතිවාසිකම් ලබා ගත්තේ ඔවුන්ගේ සංස්කෘතිය නොසළකා හරිමිනි. අවසානයේදී යුරෝපයේ අධ්‍යාත්මික අත්තිවාරම යුක්ත වන්නේ සම්ප්‍රදාය පිළිබඳ විචාරයෙනි, මෙය පුද්ගලයා සංස්කෘතික ප්‍රපංචයකට වැඩි යමක් නොවන බව අපට ඒත්තු ගැන්වීමෙන් විජිතහරණයේ දර්ශනය අපට අමතක කරන්නට ඉඩ සළසා ඇති කරුණකි.
හනා ආරන්ඩ්ට් ලිපි සරණිය – ‘සාමාන්‍ය මිනිසුන් ඒකාධිපතිවාදයේ අතකොළු වන්නේ මන්ද?’
හනා ආරන්ඩ්ට් විසිවැනි සියවසේ ලොව ප්‍රමුඛ පෙළෙහි දේශපාලන න්‍යායධාරිණියක ලෙස පිළිගැනී ඇත. ඇය, පළමුව මාර්ටින් හෛඩැගර් යටතේත් දෙවනුව කාර්ල් ජැස්පර්ස් යටතේත් දර්ශනය හැදෑරීමට යොමු වූවා ය. තමා දර්ශනවාදිණියක ලෙස හැඳින්වීම ප්‍රතික්ෂේප කළ ඇය කියා සිටියේ තමා හඳුන්වාගැනීමට කැමැත්තේ දේශපාලන විද්‍යාඥවරියක නොව දේශපාලන න්‍යායධාරිණියක ලෙස බවයි. හනා ආරන්ඩ්ට් තම ජීවිතය කැප කළේ නූතනත්වය යටතේ මානව කර්තෘකභාවයත් දේශපාලන…
අපි වෙමු ලෝකය, අපි වෙමු දරුවෝ
ධනවත් සමාජයන්හි නිදහසේ ආශාවන්හි ගැලෙන්නට ඉඩ සළස්වනු ලැබූ දරුවෝ, බටහිර විවේචනයට ලක්කරන්නන් හා එකට එකතුවී මෙසේ ප්‍රකාශ කර සිටිති. “සියලුම සංස්කෘතීන් එකහා සමානව සුජාතය; හැම දෙයම සංස්කෘතික වන්නේය.” නමුත් ඔවුන්ගේ තනි හඬ ඔවුන් බොහෝ වෙනස් ආස්ථාන දරන බව වසන් කරයි. දහනවවන සියවසේදී රුසියානු ජනතාවාදීන් විසින් ප්‍රථම වරට ප්‍රකාශ කරන ලද කලාවට හා චින්තනයට එරෙහි කෑ මොර ගැසීම නිර්-යටත් විජිතකරණයේ දර්ශනය විසින් භාරගෙන ඇත:”බූට්ස් සපත්තු කූට්ටමක් ශේක්ස්පියර්ගේ නාට්‍යයකට වඩා වටියි.” මෙම බූට් සපත්තු අවාසනාවන්තයන් සීතලෙන් ආරක්ෂා කිරීමෙහි ලා එලිසබෙතියානු නාට්‍ය වලට වඩා හොඳ පමණක් නොව, ඒවා සදාචාරාත්මකව ද උසස් ය: ඒවා බොරු නොකියයි. බූට්ස් සපත්තු තමන් කුමක්ද ඒ දෙය වෙයි: විශේෂිත සංස්කෘතියක නවීන නිෂ්පාදන. ඒවා තම සම්භවය භක්තිමත් ලෙස සඟවමින්, සෑම කෙනෙකුටම ඒවාට ගරු කිරීමට බල කරමින්, නිල කලා කෘති ලෙස ව්‍යාජව පෙනී නොසිටියි.ඉතින් ඔවුන්ගේ නිහතමානිකම පිළිබඳ හැඟීම ආදර්ශයක් ලෙස සේවය කළ යුතුය: කලාවට ප්‍රයෝගකරුවෙකු ලෙස ඉතිහාසගත වීමට අවශ්‍ය නැතිනම්, එය ෂේක්ස්පියර්ට පිටුපා බූට් සපත්තු ජෝඩුවට හැකි තරම් සමීප විය යුතුය.
වෙනසට බිය; මහ වෙනසට මහා බිය.
මම ඒත්තු ගන්වන්නට උත්සාහ දරන කාරණය නම් ‘විප්ලව තේ සාද නොවේ’ වන නමුදු, ඒවා අවසාන විසඳුම ලෙස කෙරෙන ක්‍රියා බව ය. ඒවා සිදු වන්නේ කුණු වූ සමාජවල ප්‍රතිසංස්කරණ සඳහා දරන සියලු උත්සාහයන් අසාර්ථක වූ විට ය. 19 වැනි සියවසේ අග භාගයේ ප්‍රංශයේ සහ 20 වැනි සියවසේ මුල් භාගයේ රුසියාවේ විප්ලව වලින් ඒ බව වඩාත් පැහැදිලි විය. කුඩා තිතක් බඳු මෙම දිවයිනට 21 වැනි සියවසේ පළමු භාගයේදී මහා දේවල් සාධනය කරගත නොහැකි වීමට හේතුවක් නැත. ඒවා අසාර්ථක වන්නේ පවතින තත්ත්වයට සමාජයේ වඩාත්ම බලවත් පුද්ගලයන් වඩා කැමති වූ විට ය. ඔවුන්ට එරෙහිව ජනතාව සතු බලවත්ම මෙවලම සමඟ නැගී සිටිය යුතුය: ඒ තමන්ම ය.





