2008 දී ලෝකයම කැලඹූ මූල්‍ය අර්බුදයෙන් පසු, ආර්ථික වර්ධනය යළි නගා සිටුවීම කෙරෙහි අවධානය යොමු කර සිටි ජාත්‍යන්තර සංවිධාන ‘හරිත වර්ධනය, හරිත ආර්ථිකය’ (green growth, green economy) යන ප්‍රතිපත්තියට ප්‍රමුඛත්වය දෙමින් ක්‍රියාත්මක වීමට පටන් ගත්හ.මෙම ප්‍රතිපත්තිය පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතයට වැදගත්කමක් ලබා දුනි. එහෙත්, ස්වභාවික සම්පත් භාවිතය සම්බන්ධයෙන් ගත් කල, මෙම ප්‍රවේශය වෙළඳපොළකරණය සහ පෞද්ගලීකරණය, එනම් නව-ලිබරල් ධනවාදයේ අඛණ්ඩ පැවැත්මටම උපකාරී විය.
