මන්නාරම් පක්ෂීන්, ජීවීන්, භූමිය, ජනයා හා එක්ව ආර්ථික යුක්තිය සඳහා වූ ස්ත්‍රීවාදී එකමුතුවේ අපි නැඟී සිටින්නෙමු!

ශ්‍රී ලංකාවේ ආර්ථික යුක්තිය සඳහා වූ ස්ත්‍රීවාදී සාමූහිකය

ශ්‍රී ලංකාවේ ආර්ථික යුක්තිය සඳහා වූ ස්ත්‍රීවාදී සාමූහිකය මන්නාරමේ පක්ෂීන්, භූමියේ සහ එහි ජනතාවගේ විලාපයන් ඇසේ. මන්නාරමේ සාමකාමී විරෝධතාකරුවන්ට 2025 සැප්තැම්බර් 26 වන දින රාත්‍රියේ දී සිය ගණනක් පොලිස් නිලධාරීන් විසින් එල්ල කරන ලද ම්ලේච්ඡ ප්‍රහාරයත් සමඟ රජයේ අඳුරුතම දිනයක් උදා වී ඇත.1 මෙම හේතුවෙන් කාන්තාවන් සහ දරුවන් ඇතුළු බොහෝ විරෝධතාකරුවන් රෝහල් ගත වීමට ද සිදුවිය.  

වසර ගණනාවක් තිස්සේ මන්නාරමේ ජනතාව වැලි කැණීම් සහ ඔවුන්ගේ සංවේදී පරිසර පද්ධතිය විනාශ කර හැකි තර්ජනයක් වී තිබෙන සුළං බල ශක්ති ව්‍යාපෘතියට එරෙහිව අඛණ්ඩ පෙරළිකාරි සටනක යෙදී සිටිති. සුළං උත්පාදක යන්ත්‍ර දහස් ගණනක් පක්ෂීන්ගේ ගෝලීය වශයෙන් ප්‍රසිද්ධ සංක්‍රමණික මාර්ගවලට බලපා ඇති අතර වැලි කැණීම් වෙරළබඩ පරිසර පද්ධතිය විනාශ කරමින් පවතී.2 මන්නාරමේ ජනතාවට, එම ප්‍රදේශයට ඇති වී තිබෙන සමාජ, ආර්ථික සහ පාරිසරික පරිහානිය දැනෙනු ඇත.3

රජය පසුගිය පාලනයේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති කැටයම් සහිතව ක්‍රියාත්ක කරන බව පෙනේ. ඉන්දියානු ආයෝජකයෙකු වන අදානි සමාගම මන්නාරමේ සුළං බලාගාරයක් පිහිටුවීම නතර කිරීමෙන් පසුව, එම කොන්ත්‍රාත්තුව ශ්‍රී ලාංකික සමාගමක් වන හේලීස් ෆෙන්ටන් වෙත භාර දී ඇත.4 පරිසරය ආරක්ෂා කර මන්නාරමේ ජනතාවට හානියක් නොවන පරිදි දේශීය සමාගම ඉන්දියානු සමාගමට වඩා වෙනස් දෙයක් කරනු ඇති බවට කිසිදු සහතිකයක් නොමැත. 

එමෙන්ම, මන්නාරම සුළං බල ශක්ති ව්‍යාපෘතිය, 2025 නොවැම්බර් මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ඔවුන්ගේ ‘විදුලි මිලකරණ ක්‍රමවේදය’ සමාලෝචනයට ලක් කිරීමත් සමඟ රජය හා එකව ක්‍රියාත්මක කරනු ලබන සැලසුමකි. මෙය IMF බාහ්‍ය අරමුදල් පහසුකම (External Fund Facility) ලබා ගැනීම සඳහා පූර්ව නිර්ණායකි. මෙම සමාලෝචනය කරන්නේ ‘පිරිවැය අයකර ගැනීම සහ පිරිවැය පරාවර්තනය කිරීම’ සහතික කරන්නටත් පුළුල් හා පෞද්ගලීකරණය කළ බලශක්ති ක්ෂේත්‍රයක් සැපයීමේ හදිසි අවශ්‍යතාවය සහතික කිරීමටත්ය.  පසුගිය මාස තුළ ලංකා විදුලිබල පනත බිඳ දැමීමත්,5 ලංකා විදුලිබල මණ්ඩලයේ සේවාවන් විසුරුවා හැර නව ආයතන පිහිටුවීම මගින් විදුලිය සම්පූර්ණ පෞද්ගලීකරණයට ළඟා කරවීමත්,6 මන්නාරම් සුළං බල ශක්ති ව්‍යාපෘතිය පිළිබඳව විරුද්ධත්වය පළ කරන පුද්ගලයින්ව දැන් ප්‍රචණ්ඩ ලෙස මර්දනය කිරීමත්, නොවැම්බර් මස නියමිත ඔවුන්ගේ අවසන් දිනය සමඟ පෙළගැසෙන වන බව පෙනේ.

අනෙක් අතට, විදුලි ගාස්තු අඩු කර ඇති බව රජය ජනතාවට මතක් කර දෙයි. 2022 සහ 2024 අතර කාලය තුළ සිදු වූ ගාස්තුවල අධික වැඩිවීම්වලට සාපේක්ෂව මෙම ගාස්තු අඩු කිරීම සැලකිය යුතු සහනයක් නොවේ. යථාර්ථය නම්, විදුලි බිල් සාමාන්‍ය ශ්‍රී ලාංකිකයන් අඛණ්ඩ ණය උඟුලකට තල්ලු කරන තවත් බරක් බවට පත්ව ඇත. බලහත්කාරයෙන් බිල්පත් ගෙවීමේ ක්‍රම නිසා මාස ගණනාවක් විදුලිය නොමැතිව පවුල් පීඩාවට ලක් කර තත්ත්වයක් පවතී.

මන්නාරමේ විරෝධතා දක්වන ජනතාවට වෙනසක් උදෙසා බලාපොරොත්තු ඇත. ඒ වෙනුවට, IMFහි පදයට අඛණ්ඩ නැටීමේ ක්‍රියාදාමය ද, මන්නාරමේ සුළං බලාගාරයක අප්‍රතිවත්‍ය පාරිසරික හා සමාජීය බලපෑම කෙරෙහි දක්වන අන්ධභාවය මෙන්ම ජනතාවගේ අදහස් සම්බන්ධ කර ගැනීමට සම්පූර්ණයෙන්ම අසමත් වීම, ජනතාවගේ වැලපීම් යනාදිය මගින් අදහස් වන්නේ පද්ධතීමය වෙනසක් සිදුවී නොමැති බවයි. මන්නාරමේ ජනතාව ඉදිරියට පැමිණ ඇත්තේ පවතින සුළං උත්පාදක යන්ත්‍ර පිළිබඳ ඔවුන්ගේ ජීවිත අත්දැකීම් සහ දැනටමත් අත්විඳ ඇති හානිය නිසාවෙනි.7 සංවේදී පරිසර පද්ධතියට වන විනාශයත්, මෙම පරිසරයත් සමඟ බැඳී සිටින ජනතාවගේ සංස්කෘතිය හා ජීවනෝපායන් මකා දැමීමත් ආපසු හැරවිය නොහැකි බැවින් මන්නාරමේ තත්ත්වය නිශ්චිත වශයෙන් භයානක ය. 8

විරෝධතාවයට එල්ල වූ ප්‍රහාරය ද දිවයිනේ උතුරු ප්‍රදේශයේ දෙමළ භාෂාව කතා කරන ජනතාව මර්දනය කිරීමේ ක්‍රියාවක් ද වනු ඇත. දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවන් කොන් කිරීමේ ඉතිහාසයක් සහ සිංහල බහුතරවාදයේ අඛණ්ඩ අත්දැකීම් පවතින සන්දර්භය තුළ මෙම ප්‍රහාරය සිදු වී තිබේ. මෙය, තම පක්ෂය තුළ ද ඉන් ඔබ්බට ද මෙම රජයේ ක්‍රියාමාර්ග අඛණ්ඩව නියම කරන සිංහල බහුතරවාදයකි. ශ්‍රී ලංකාවේ යුද්ධය, ප්‍රචණ්ඩත්වය හේතුවෙන් ද, ශ්‍රී ලංකා රජය විසින් ඉහළ සිට පහළට පනවන ලද ‘සංවර්ධන ව්‍යාපෘති’ හේතුවෙන් ද, පරම්පරා ගණනාවක් තිස්සේ දැඩි ලෙස අයිතිවාසිකම් අහිමි කරන ලද ජනගහණයක් වශයෙන් මෙය සිංහල රාජ්‍යයක තවත් පීඩාකාරී ක්‍රියාවක් ලෙස දැකීම සාධාරණ දෙයක් වනු ඇත. බහුතරවාදී මානසිකත්වය ගැටුම් අවුලුවා ඇති අතර ප්‍රචණ්ඩත්වය සාධාරණීකරණය කර ඇත. බලශක්ති අංශය වැනි වෙළඳපොළවල් අල්ලා ගැනීමට උනන්දුවක් දක්වන සමාගම්වලට ද එය වටිනා ප්‍රචණ්ඩත්වයක් විය.

පරිසරය හෝ මානව හිමිකම් පිළිබඳ සැබෑ සැලකිල්ලකින් තොරව ‘හරිත බලශක්තිය’ යන සංකල්පය ගෙන ඒම ලොව පුරා බොහෝ රජයන් සහ සමාගම් නිරත වන හරිත සේදීමේ අභ්‍යාසයකි. ජාතික ජන බලවේගය රජය මෙම ශ්‍රේණිගත කිරීම්වලට එක්වීම දැකීම ඉතා වේදනාකාරී තත්ත්වයකි.

බලශක්ති අයිතිය මූලික අයිතිවාසිකමක් ලෙස සලකා එය පදනමක් කොට ගන්නා උපදේශන ක්‍රියාවලියක් මගින් බලශක්ති යටිතල පහසුකම්, පිරිවැය සහ ගලා ඒම පිළිබඳ ගැඹුරු සමාලෝචනයක් කරනු ලැබීම අපට අත්‍යාවශ්‍ය වේ. මෙම දෘෂ්ටි කෝණයෙන්, පාරිසරික හා සමාජීය විනාශයක් ඇති නොකර බලශක්ති අංශයේ පිරිවැය සහ ආදායම සමතුලිත කිරීම සඳහා ගාස්තු අය කිරීමේ ක්‍රමය ප්‍රතිව්‍යුහගත කිරීමට ද වෙනත් ක්‍රියාමාර්ග ගැනීමට ද හැකි වනු ඇත. විශේෂයෙන් පෞද්ගලීකරණය හරහා මෙම ගැටලුව විසඳීම දිගු කාලීනව තිරසාර නොවන අතර රජයට සහ ජනතාවට පිරිවැය වැඩි කිරීමට පමණක් හේතු වන බැවින් ඉහත ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යවශ්‍ය වේ.

අද ජීවත් වීමට මූලික අවශ්‍යතාවයක් වන බලශක්තිය සඳහා ජනතාවට අයිතියක් තිබිය යුතුය. මෙම අයිතිය ආරක්ෂිත පරිසරයක් සඳහා ඇති අයිතිය සමඟ සම්බන්ධ දෙයක්ව පැවතිය යුතුය. එක් දෙයකට එරෙහිව තවත් දෙයක් නතර වීම යනු ලෝකයේ බහුලව දක්නට ලැබෙන අශිෂ්ට ක්‍රියාකාරීත්වයේ ක්‍රමයකි. ජනතාවගේ විරෝධතාවේ ශක්තියෙන් බලයට පත් වූ ‘ප්‍රගතිශීලී රජයක්’ යැයි කියනු ලබන රජයක් මෙම අශිෂ්ටත්වයේ රැල්ලට එක්වීම දැකීම ඉතාමත් වේදනාකාරී කරුණකි.

ආර්ථික යුක්තිය වෙනුවෙන් ස්ත්‍රීවාදී එකමුතුව යනු ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථිකය තුළ ඔවුන් සමඟ වැඩ කරන ප්‍රජාවන්ගේ සැබෑ ම අත්දැකීම් මත පදනම්ව ප්‍රතිපත්ති නිර්දේශ වටහා ගැනීමට, විශ්ලේෂණය කිරීමට සහ ප්‍රකාශ කිරීමට රටේ සියළු ප්‍රදේශවලින් 2022 අප්‍රේල් මස දී එක්වූ ස්ත්‍රීවාදී ආර්ථික විද්‍යාඥයන්, උගතුන්, ක්‍රියාකාරීන්, විශ්වවිද්‍යාල සිසුන් සහ නීතීඥයන් යන අයගේ එකමුතුවකි.

කරුණාකර ඔබේ අදහස් මෙම විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කරන්න – – feministcollectiveforjustice@gmail.com

මූලාශ්‍ර

1. R. Fernando (Sept 2025) ‘Brutality, Broken Trust and the Battle for Dignity in Mannar’ Groundsview
https://groundviews.org/2025/09/27/brutality-broken-trust-and-the-battle-for-dignity-in-mannar/ ; (Sept 2025) ‘Mannar residents vow to continue protests against wind power project’ Sunday Times https://sundaytimes.lk/online/newsonline/Mannar-residents-vow-to-continue-protest-against-Wind-power-project/2-1150339
2. D. Alagiyawanna (Aug 2025) ‘A Sri Lankan sanctuary faces the perils of misguided renewable expansion’ Daily Mirror
https://www.dailymirror.lk/opinion/A-Sri-Lankan-Sanctuary-Faces-the-Perils-of-Misguided-Renewable-Expansion/
3. Buwanake S. Perera (April 2023) ‘Wind Farms: The Death of Mannar’ Groundviews
https://groundviews.org/2023/04/25/wind-farms-the-death-of-mannar/
4. (Jan, 2025) ‘Sri Lanka’s Hayeleys-Fentons to get Mannar wind plant at 4.56 cents’ Economy Next
https://economynext.com/sri-lankas-hayleys-fentons-to-get-mannar-wind-plant-at-4-65-cents/.

5. Hiran Daluwatta (July 2025) Sri Lanka’s Electricity Amendment bill: Trojan Horse for national economic collapse’ Daily FT https://www.ft.lk/columns/Sri-Lanka-s-Electricity-Amendment-Bill-2025-Trojan Horse-for-national-economic-collapse/4- 778823
6. The Examiner (Sept 2025) ‘Power struggle over messy CEB reforms’ The Examiner https://www.examiner.media/powerstruggle-over-messy-ceb-reforms/?ref=the-examiner-newsletter
7. Minaza Hassan (Sept, 20205) ‘Residents fear more damage from Mannar turbines expansion’ Sunday
Times.https://www.sundaytimes.lk/250914/news/residents-fear-more-damage-from-mannar-turbines-expansion
8. Shabeer Mohammed. (Aug, 2025) ‘Mannar’s fight against unplanned development’ Sunday Observer
https://www.sundayobserver.lk/2025/08/24/news-features/60072/mannars-fight-against-unplanned-devepment/

Leave a comment