කර්තෘ සිළුමිණ ලේක්හවුස් ප්‍රිය මහත්මයාණනි, ලංකාවේ රජයේ ප්‍රධාන මාධ්‍ය ආයතනයක් වන ලේක් හවුස් ආයතනයේ යටතේ ඇති සිළුමිණ පුවත්පතේ ශාස්ත්‍රීය කලා හරසරණිය නමින් හඳුන්වන ‘විවර’ නම් අතිරේකයේ රසික කොටුදුරගේ ගෙනයමින් තිබෙන ක්‍රියාමාර්ගයක් බොහෝ දෙනෙකුගේ ශාස්ත්‍රීය ව්‍යායාමයන්ට අවැඩක් විය හැකි නිසා මේ ගැන ඔබට දැනුම් දීමට තීරණය කළෙමු. ‘කතිකා’ සංවාද මණ්ඩපය නම් බ්ලොග් පිටුව (kathika.wordpress.com ) අවුරුදු…
'kathika' social, cultural and political review
By kathika
නවලිබරල්වාදයට එරෙහිව “සභ්‍යත්ව රාජ්‍යය”? – කුමුදු කුසුම් කුමාර
– බෞද්ධ හෘදය සාක්ෂිය අහිමි සුළු ධනේශ්වරයේ නැගීම සහ “සංවර්ධනය” නාමයෙන් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය වැනසීම උත්කෘෂ්ඨතම දේශපාලන ගැටළුව සංවිධානමය මිස සදාචාරමය නොවන්නේය,යන්න අද දෙන ලද දෙයක් වශයෙන් භාර ගැනෙන බව පෙනෙයි.කාල් පොපර්ගේ විවේචකයන් නිරීක්ෂණය කොට ඇති පරිදි,පොපර් ගේ ‘සමාජීය ඉංජිනේරුවාට’ සමාජය වැඩි දියුණු කිරීම පැවරී ඇති නමුදු,තමන් ගේ නීති ජනයාගේ හදවත මත ලිවීමේ හැකියාව ඇතැයි කියනු…
Between two worlds :Some reflections on the Cinema of Lester James Peries – Tissa Abeysekara
A week later, there appeared in the respected national daily, Dinamina, a full-page review of the film by Sarachchandra. It was unqualified in its praise. In his own inimitable style of critical analysis, which whilst deeply rooted in Sanskrit poetics is also flavoured by an engaging personal tone, Sarachchandra hailed the film as an unqualified…
දුටුගැමුණුගේ හෘද සාක්ෂිය – ගණනාථ ඔබේසේකර
“….මේ න්‍යාය ධර්මය පිලිබඳ නව සංකල්පයක් ද භගවත් ගීතයේ හා හින්දු ධර්මශාස්ත්‍රවල එන පුරුෂාර්ථ පිළිබඳ ඝට්ඨනයන්ට වඩා වෙනස් පුරුෂාර්ථ ඝට්ඨනයක් ද බිහි කරයි. මෙය අශෝක රජු තුළ වූ පුරුෂාර්ථ ඝට්ඨනයට ද වඩා වෙනස් ය. එනම්, ආගම රැකීම රජුගේ රාජ්‍ය ධර්මයෙහි අංගයක් විය යුතුය යන බෞද්ධ මතයයි. මෙහි ඇති පුරුෂාර්ථ ඝට්ඨනයෙහි ලා මූලික වන්නේ විශ්ව ආගමක්…
බෞද්ධ “කුමක් හෝ” යනු ශාසනය ලෙසින් – ගණනාථ ඔබේසේකර
“ගැමි සියලු දෙනා එකතු වී “අඩුක්කු” පූජාවක් මගින් දෙවියන්ට ස්තූති කරති. මෙහිදී ගමේ කපුරාළ බුදුරදුන්ට හා ප්‍රධාන ආක්ෂක දෙවිවරුන්ටත් පළමුව පූජා පවත්වා ඊ ළඟට ගමේ දෙවිවරුන් වන බණ්ඩාර දෙවියන්ට පූජා පවත්වයි. මේ වතාවත් අනුව ග්‍රාමය බණ්ඩාර දෙවියන්ගේ දයාලු ආරක්ෂාව යටතේ සිටින සදාචාර සමාජයක් (moral community) ලෙසට ක්‍රියාත්මක වීමට ඉඩ සැලසේ. සෑම වසරකටම වරක් ගැමි ඇතැම්හු…
ගෝලීය මුස්ලිම් ත්‍රස්තවාදී ව්‍යාපාරයට ලාංකික මුස්ලිම් ජනයා තල්ලු කරන්නද මේ හදන්නේ?-ආචාර්ය කුමුදු කුසුම් කුමාර
“ආර්ථික පීඩාව, දේශපාලන නියෝජනයක් තමන්ට නැහැ කියන හැඟීම, පැරණි පරම්පරාවට සංස්කෘතික වශයෙන් තමන්ගේ මුල් උදුරා දාපු තත්ත්වයකට පත් වෙලා කියන හැඟීම. ඒකට හේතුව ලිබරල් සමාජය බිහිවීමයි. මේක හොඳ පසුබිමක් අවස්ථාවාදී, ජාතිවාදී දේශපාලන බලවේගවලට සිංහල බෞද්ධ ජනයා පාවිච්චි කරන්න. ඒ වගේම ආගම් අතරින් වඩාත්ම තර්ජනයට මුහුණ පාලා තියෙන ආගමක් වන්නේ බුද්ධාගම. පන්සල් වැසී යෑම, හාමුදුරුවරුන් ලෙස…





